ට්‍රම්ප් වෙනුවෙන් ඇමෙරිකානුවෙක් හොර ඡන්දයක් දමයි.

පුවත්

පෙන්සිල්වේනියාවේ රිපබ්ලිකානු පාක්ෂිකයෙක් ට්‍රම්ප්ට ඡන්දය දීම සඳහා ඔහුගේ මියගිය මව ලෙස පෙනී සිටි අවස්ථාවක් වාර්තාවේ. ට්‍රම්ප් වෙනුවෙන් පෙනී සිටින උද්ඝෝෂකයො එය හුදු ඡන්ද දායකයෙකුගේ හුදු වංචාවක් මිසක ඡන්ද ව්‍යාපාරයේ දෝෂයක් නොවන බවට සඳහන් කරයි.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට අමතර ඡන්දයක් ප්‍රකාශ කිරීම සඳහා තම මියගිය මව ලෙස පෙනී සිටීම ගැන ඡන්ද වංචා චෝදනා එල්ල වී තිබෙන්නේ පෙන්සිල්වේනියාවේ පදිංචි බෘෘස් බාට්මන්ටය.

ජනාධිපති ධුරයට පත් ජෝ බිඩෙන් අවසානයේ පෙන්සිල්වේනියාව ඡන්ද 80,000 කට වඩා දිනා ගත්තේය.

නොවැම්බර් 11 වන දින ට්‍රම්ප්ගේ ව්‍යාපාරය ඡන්දදායකයින් වංචා කළ අවස්ථා තුනක් සොයාගත් බව කියමින් එහි ආධාරකරුවන්ට ඊමේල් පණිවිඩ යවා තිබේ.

මියගිය පුද්ගලයින් තිදෙනෙකුගේ අනන්‍යතාව පෙන්සිල්වේනියාවේ නීති විරෝධී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා යොදාගෙන ඇති බව එම ව්‍යාපාරය පවසයි. ජෝන් ග්රැන්හාන්, ජූඩි ප්රෙස්ටෝ සහ එලිසබෙත් බාට්මන් මියගොස් වසර ගණනාවක් ගත වී ඇති අතර, එය ඔප්පු කිරීමට ඔවුන්ට අවමංගල්‍යයන් පිළිබඳ තොරතුරු දත්ත තිබුණි.

එලිසබෙත් බාට්මන්ගේ නමින් නීති විරෝධී ඡන්දයක් ප්‍රකාශ වී තිබෙන බව ඔප්පු වී ඇත. ඇයගේ පුත් බෘෘස් බාට්මන් තැපෑලෙන් අමතර ඡන්ද පත්‍රිකාවක් ඉදිරිපත් කිරීම සඳහා පෙනී සිටි බව නීතිඥවරු පවසති. බෘෘස් බාට්මන්ගේ නීතිඥයා පැවසුවේ තම සේවාදායකයා වරද පිළිගැනීමට සැලසුම් කර ඇති බවයි.

“පෙන්සිල්වේනියාවේ Drexel Hill හි එලිසබෙත් බාට්මන්, 2008 සැප්තැම්බර් මාසයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලියාපදිංචි වී ඇති බවත්, 2008 දී ඇය මිය ගියත්, පසුගිය සතියේ මැතිවරණයක් සඳහා ඡන්දය ප්‍රකාශ කළ බවත් පෙන්නුම් කරයි. .
එක්සත් ජනපදයේ ඡන්ද දායකයින්ගේ වංචා අතිශයින් දුර්ලභය. දක්ෂිණාංශික උරුම පදනම (Right-wing Heritage Foundation) විසින් නඩත්තු කරන ලද දත්ත ගබඩාවකින් පෙනී ගියේ 2000 සිට 2020 දක්වා කාලය තුළ නඩු 200 කටත් වඩා අඩු සංඛ්‍යාවක් පමණක් මෙවැනි චෝදනා සඳහා වරදකරුවන් වී ඇති බවයි. එම කාලය තුළ මිලියන සිය ගණනක් ඡන්දය ප්‍රකාශ කර ඇත.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *