පත‍්‍ර සඳහා කෙසෙල් වගා කිරීම
ඉන්දියාව
ඉන්දියාව යනු විවිධ ජාතීන්ගෙන් සැදුම්ලත් ලෝකයේ වැඩිම ජනගහනයක් සහිත (ආසන්න වශයෙන් බිලියන 1.4 ක්* එකිනෙකට වෙනස් ජන කොටස් වෙසෙන ප‍්‍රාන්ත 28 කින් යුක්ත, භාෂා 780 පමණ කතා කරන විශාල ජන විවිධත්වයක් සහිත රටකි. ඉන්දියාවේ ඇති විශේෂිතම කාරණය වන්නේ වැඩිම වෙජිටේරියන් ජනගහනයක් සිටීන රට වීමයි. ආසන්න වශයෙන් ජනගහනයෙන් 25% – 30% එනම් මිලියන 276 පමණ ප‍්‍රමාණයක් මස් මාංශ වලින් තොර ආහාර රටාවකට හුරු වී ඇත. එම ආහාර රටාව නිසාත් ඉන්දියාවේ ඇති ආහාර සම්බන්ධ චාරිත‍්‍ර වාරිත‍්‍ර නිසාත් ඉන්දියාවේ ජනගහනයෙන් වැඩි කොටසක් ඔවුන්ගේ ආහාර ගැනීම සඳහා කෙසෙල් කොළ භාවිතා කරයි. විශේෂ උත්සව අවස්ථා මංගල උත්සව සහ අවමංගල උත්සව මෙන්ම එදිනෙදා ජීවිතයේ ද ආහාර ගැනීම සඳහා භාජනය වෙනුවට හෝ භාජනය තුළ එළීමට කෙසෙල් කොළ භාවිතා කරයි. ඒ කෙතරම් විශාල කාරණාවක්ද යත් ඉන්දියාව තුළ කෙසෙල් කොල සඳහාම පමණක් කෙසෙල් වගා කිරීම සිදුකෙරේ. එමෙන්ම ලෝකය පුරා වෙසෙන ඉන්දීය ජනතාව සඳහා කෙසෙල් කොළ සැපයීමට ඉන්දියාව මෙන්ම තවත් රටවල් කිහිපයක් අපනයනකරුවන් ලෙසද එක්ව සිටි. එම නිසා කෙසෙල් කොළ කර්මාන්තය ඉන්දියාවේ අනෙකුත් කෘෂිකාර්මික වගාවන් වලට වඩා ඉහල තැනක් ගනියි. ඉන්දියාවේ ආහාර සංස්කෘතිය නිසා ඉන්දියාවේ කෘෂිකර්මාන්තය ලෝකයේ අනෙත් රටවල් වලට වඩා ඉතා ඉහළ මට්ටමක ඇත.
– අස්වැන්න මුහුණු පොතෙන් –