කෝවිඩ් ආසාදිතයන් බහුල ප්‍රදේශවල 18+ තරුණ තරුණියන්ට කොව්ඩ්-19 වැළැක්වීමේ එන්නත

පුවත්

කෝවිඩ් ආසාදිත රෝගීන් ගේ වැඩිවීම නිසා රෝහල්වල සාමාන්‍ය වෛද්‍ය සේවාවන් අඩාල කරන තත්වයක් දැනට උද්ගත වී ඇත. මේ කාරණය හා අනෙකුත් සියලු තත්ත්වයන් සලකා බලා ජනතාවට සිය නිවෙස් තුළට වී කල්ගත කරන ලෙස ඔන්ටාරියෝ ප්‍රීමියර් ඩග් පෝඩ් මහතා ඒ සඳහා වන නව රෙග=ලාසි පනවමින් ඉල්ලා සිටී.

සෞඛ්‍ය සේවා ජංගම කණ්ඩායම් විසින් කණ්ඩායම් වශයෙන් වැඩ කරන සේවා ස්ථාන, නේවාසික ගොඩනැගිලි, ආගමික මධ්‍යස්ථාන සහ විශාල සේවකයන් වැඩ කරන සේවා ස්ථාන වෙත සෞඛ්‍ය සේවා ජංගම කණ්ඩායම් විසින් ගොස් එන්නත ලබාදීමට කටයුතු කරනු ඇත.

ගුරුවරුන් සහ අත්‍යාවශ්‍ය සේවාවන්හි යෙදෙන සේවකයන්ටත් 18ට වැඩි පුද්ගලයන්ටත් ඉතා ඉක්මනින් එන්නත ලබාදීමට කඩිනමින් කටයුතු කරන බව පෝඩ් මහතා ප්‍රකාශ කළේය.

කොවිඩ්- 19 රෝග කාරකයන් සම්ප්‍රේෂණය වන රටාවන්, දරුණු රෝගාබාධ ඇති පුද්ගලයන්, කෝවිඩ් ආසාධිත මරණ අනුපාතිකයන් යන කාරණා සැලකිල්ලට ගනිමින් එන්නත ලබාදීම සඳහා මුල් තැන දිය යුතු ප්‍රදේශ තෝරාගනු ඇත.

ටොරොන්ටෝ හා පීල් කලාපවල ආසාදිතයන් වැඩි ප්‍රදේශවල සේවය කරන අධ්‍යාපන සේවකයන් ලබන සිකුරාදා (9) සිට එන්නත ලබාගැනීම උදෙසා සුදුසුකම් ලබන අතර ඉන්පසු ආසාදිත ගහනයේ ප්‍රමාණයේ අනුපිළිවෙලට එන්නත් ක්‍රියාදාමය දියත් කරනු ඇත.

සමස්ත ප්‍රාන්තය පුරාම විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සමග සේවය කරන කාර්යමණ්ඩල සඳහා ලබන සතියේ සිට ප්‍රමුඛතා අනුව එන්නත ලබාදීමට කටයුතු සැලසුම් කර ඇත.

පසුගිය බදාදා (7) නව වෙනස්කම් ප්‍රකාශයට පත් කරමින් ඉහළ අවදානම් සහිත ප්‍රදේශවල ජීවත්වන අවුරුදු 50ට වැඩි පුද්ගලයන්ට එන්නත ලබාදීම සඳහා ලියා පදිංචි විය හැකිය.

The Canadian Press
Publishing date:Apr 07, 2021

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *