-Andrew Coyne
ආර්ථික වර්ධනයේ අර්බුදය ගැඹුරු වෙමින් පවතී. 2023 අවසන් කාර්තුවේ සංඛ්‍යා ලේඛන දක්වන ආකාරයට ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනය තවදුරටත් පහත වැටී ඇත. ගෙවී ගිය කාර්තු හය තුළ පස්වන ආර්ථික පරිහානිය වනාහි අවුරුදු තිහක් තුළ වූ දරුණුතම පහත වැටීමකි. උද්ධමනය සඳහා ගැලපීමෙන් පසු ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය මීට වසර නවයකට පෙර 2014 සිව්වන කාර්තුවේ පළවෙනි මට්ටමට වඩා පහළ මට්ටමක පවතී. බොහෝ වාර්තා අවධානය යොමු කළේ සමස්ථ දළ දේශීය නිෂ්පාදිතය පහත නොවැටීම සම්බන්ධවයි.
නමුත් තුන්වන කාර්තුවේ ඉපයීම්වල 0.2ක ප්‍රතිශතය සුළු පහත වැටීමක් පෙන්නුම් කළත් කැනඩාව අවපාතයකට ගොදුරු නොවීය. පවත්නා මන්දගාමීව ගලායන ආර්ථික වර්ධනය තාවකාලිකව හෝ වර්ධනයක් පෙන්නුම් නොකරයි. මෙය කෙටිකාලීනව ඇති වූ ගැටලූවක් ද නොවේ. දශක ගණනාවක් පුරාම සිදු වෙමින් පවතින ගැටලූකාරී තත්වයකි. ආර්ථික අවපාතයකට පසුවත් 1950 සහ 60 දශකවල කැනඩා ආර්ථිකයේ වාර්ෂික වර්ධන වේගය සියයට පහ ඉක්මවීය. 1970 දශකයේ දී එය සියයට හතර දක්වා වූ සුළු පහත වැටීමකට ලක් වූ අතර එය දිගටම සිදුවෙමින් 1980 දී සියයට තුනක් දක්වා පහත වැටුණිි. 1990 දශකයේ දී එය සියයට 2.4 දක්වා පහත වැටුණු අතර 2000 දශකයේ දී ආර්ථික වර්ධන වේගය සියයට දෙකක් විය. පසුගිය දශකයේ එය 1.7ක ප්‍රතිශතයක් සළකුණු කළ අතර පසුගිය වසරේ ගැඹුරු ම අවපාතය සළකුණු කරමින් සියයට 1.1 දක්වා පහත වැටුණි.
වැදගත් ම කරුණ නම් ආර්ථිකයේ වර්ධනය සිදුවන්නේ ජනගහණයේ වර්ධනයට සාපේක්ෂව බොහෝ අඩුවෙන් වීමයි. දළ ජාතික නිෂ්පාදිතය බිඳ වැටී ඇත. ජීවන තත්ත්වයන් සම්බන්ධයෙන් ගත් කළ එය ඇත්ත වශයෙන්ම ගණන් ගනු ලබන්නේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය සළකාය.
යම් අවස්ථාවක දී ලෝකයා ඉදිරියේ කැනේඩියානුවන් මහත් කැළඹීමකට ඉඩ තිබේ. මගේ අදහස නම් කිසියම් ජනමත විචාරණයක් කළහොත් සොයාගන්න පුළුවන් කැනේඩියානුවන් හිතන්නේ ‘අපි තමා මේ මිහිතලය මත වඩාත් ම පොහොසත් රට’ බව. එහෙම නැත්නම් හොඳම පහ හෝ හය අතර සිටින බව. අපි එහෙම හිටිය කාලයකුත් තිබුණා.
1981ට පසු කාලයේ OECD (ආර්ථික සහයෝගිතාවය සහ සංවර්ධනය පිළිබඳ සංවිධානය) අයත් රටවල් 37 අතරින් අප හයවන ස්ථානයේ පසුවිය. අපට ඉදිරියෙන් සිටියේ ස්විස්ටර්ලන්තය, ලක්සම්බර්ග් ,නෝර්වේ, ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඩෙන්මාර්ක් පමණි.
අපට ඒ වැදගත් තත්ත්වය අහිමි වී තිබේ. 2022 දී අප සිටින්නේ 15 වන ස්ථානයේය. ඉක්ම ගිය හතළිස් වසර තිස්සේ අමිහිරි තත්ත්වයකට රට පත්ව ඇති අතර, අපගේ ආර්ථික වර්ධන වේගය අනෙකුත් OECD රටවල් 22ක් අපට වඩා ඉදිරියෙන් සිටී. පෙර අපට වඩා අඩු වර්ධන වේගයක් සටහන් වූ අයර්ලන්තය, නෙදර්ලන්තය, ඔස්ටි්රයාව, ස්වීඩනය, අයිස්ලන්තය, ඔස්ටේ්රලියාව, ජර්මනිය, බෙල්ජියම, පින්ලන්තය දැන් අපට වඩා පොහොසත්ය.
ඊළඟ වසර හතලිහ කෙසේ වේවිද?
2022 අයවැය ප්‍රස්ථාරයට අනුව 2060 දක්වා OECD රටවල් අතර කැනඩාව, ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදනයේ මන්දගාමී වර්ධනයක් වනු ඇති බව පෙන්වා දුන්නේය. මේ ගැන අපට සම්පූර්ණ අවබෝධයක් ලබා දෙයි.
එනම් තවදුරටත් මේ ලෝකය තුළ කැනඩාව පොහොසත් රටක් නොවන බවයි. අප පොහොසත් රටවල් අතර දුප්පත් රටක්වීම බලාපොරොත්තු විය යුතුය. මෙම චිත්‍රය විශේෂයෙන් පීඩාකාරී වන්නේ අපගේ අනෙකුත් අසල්වාසී රටවල් සමග සංසන්දනය කිරීමේදීය. ඇමරිකා එක්සත් ජනපදයට සාපේක්ෂව කැනඩාවේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය 92්% ක් විය. එහෙත් 2022 වසරේ දී එම ප්‍රතිශතය 73්% දක්වා පහත වැටී ඇත.
ආර්ථික විද්‍යාඥ ටේ්රවර් ටොම්බෝ (Trevor Tombe ) පෙන්වා දෙන්නේ උතුරු ඇමරිකානු ප්‍රාන්ත අතර කැනඩාව පොහොසත්ම ප්‍රාන්තය වන ඇල්බටා 14 වන ස්ථානය දක්වා පහත වැටී ඇති බවයි. ඔන්ටාරියෝ ප්‍රාන්තය ඇමරිකාවේ ඇලබාමා ප්‍රාන්තයට වඩා ඉදිරියෙන් සිටින අතර, බි්රටිෂ් කොලොම්බියා ප්‍රාන්තය ඇමරිකාවේ කෙන්ටකි ප්‍රාන්තයට වඩා දුප්පත්ය.
කැනේඩියානුවන් වෙනත් රටවල ජනයාට වඩා සාමාන්‍යයෙන් වැඩි පැය ගණනක් වැඩ කරයි. එහෙත් ශ්‍රම ඵලදායකත්වයේ දී අප සිටින්නේ පළමු විසිදෙනාගෙන් බැහැරවය.
2000 පමණ දක්වා එක්සත් ජනපදයේ සහ කැනඩාවේ දෙරටේ ශ්‍රම ඵලදායි තත්ත්වය දළ වශයෙන් සංසංදනාත්මක අනුපාතයකින් වර්ධනය විය. එතැන් සිට එක්සත් ජනපද ඵලදායිතාව තුන් ගුණයකට ආසන්න වේගයකින් වර්ධනය වී ඇත. එය අමිහිරි දෙයකි. ආර්ථිකයක් වර්ධනය වීම ඇනහිටිය විට අර්බුදයට පත්වන්නේ ජනජීවිතය පමණක් නොවේ. සියල්ලම අර්බුදයට යයි. ජීවන මට්ටම ඉහළ නොයන අනාගතයක් යනු අපේක්ෂාවන් රහිත සමාජයකි.
වර්ධනයේ විශ්වීය බව නැවතුණු විට, සමාජයක් තුළ ඇති සියලූම බෙදීම් (පන්ති අතර, පරම්පරා අතර, ස්ති‍්‍ර පුරුෂ භාවය සහ ජාතීන් අතර, කලාප වශයෙන්* ඇවිලී යාමට ඉඩ ඇත.
පශ්චාත් යුද සමයේ උපන් දරුවන් සාපේක්ෂ වශයෙන් වැඩි කලක් ජීවත් වේ. ඒ දීර්ඝ ආයු අපේක්ෂාව හේතුවෙන් පෙර තිබුණු සමාජයට වඩා වෙනත් සමාජයක් බිහිවේ. 2040 වන විට කැනඩාවේ ජනගහණයෙන් සියයට විසිපහක් (25%) වයස අවුරුදු 65ට වැඩි අතර එය අද පවත්නා සියයට 19ට (19්%) වඩා වැඩි ප්රතිශතයකි. එය 1970 වසරේ සියයට අටක් (8%) වීමේ ප්‍රතිශතය සමග සංසංදනය කිරීම වටී. වයස අවුරුදු 75, 85, 95 වයස් කාණ්ඩයන් ද සමාන ප්‍රතිශතයන්ගෙන් වැඩිවනු ඇත. (උදාහරණයක් ලෙස 1971 දී වයස අවුරුදු 85ට වැඩි ජනගහණ අනුපාතය දළ වශයෙන් සියයට එකෙන් හයෙන් පංගුවක් (දළ වශයෙන් .16%) ක් විය. අද එය තුන් ගුණයකටත් වඩා වැඩිය. එනම් සියයට 2.3කි.
මෙහි පැහැදිලි ඇඟවුම් දෙකක් ඇත. සෞඛ්‍ය සේවා පිරිවැය වැඩිවීම, සෑම වසර දහයකට ම වරක් ඒක පුද්ගල සෞඛ්‍ය සේවා පරිභෝජනය දෙගුන කිරීම සිදු කෙරේ. විශ්‍රාම වැටුප් ප්රතිලාභ ,වැඩිහිටි ප්රතිලාභ ආදිය මෙයට එකතු කළ යුතුවේ.
පෙරට වඩා දැන් වැඩ කරන වයසේ පුද්ගලයන් සාපේක්ෂව අඩුය. පෙර සෑම විශ්‍රාමිකයෙකුට ම කම්කරුවන් පස් දෙනෙකි. වැඩිකල් යන්නට මත්තෙන් එය 2.5 දක්වා අඩු වී ඇත.
රට සඳහා ඇති එකම මාර්ගය ආර්ථික වර්ධන වේගය වේගවත් කිරීමය. එය ඉතා වේගවත් විය යුතු නැත. මීට වඩා තරමක වේගයක් ප්‍රමාණවත් වනු ඇත. එලෙස වර්ධන වේගය ඉහළ නංවාගෙන එය පවත්වාගෙන යා හැකි නම් ඊළඟ පරම්පරාව හෝ දෙක අපට වඩා පොහොසත් වනු ඇත.
මෙය වර්ධන අර්බුදයක් ලෙස හැඳින්වීම නිවැරදි වන්නේ එබැවිනි. අපට වැඩි වර්ධනයක් අවශ්‍ය මොහොතේ ම එය බිඳ වැටී ඇත. කැනඩාවේ දැනට පවත්නා අසාර්ථක ඵලදායිතාවට බොහෝ හේතු මෙන් ම බොහෝ පිළියම් ද ඇත. අපගේ දුර්වල ආයෝජන අනුපාතයන් හෙවත් දළ ස්ථාවර ප්රාග්ධනය ගොඩනැංවිය යුතුය. අපගේ ඵලදායිතා කාර්ය සාධනයේ භයානක පිරිහීම, කැනඩාවේ ව්‍යාපාරික ආයෝජනවල අසාමාන්‍ය සාපේක්ෂ පහත වැටීම, සමීපව නිරීක්ෂණය කරයි.
OECD, එහි සාමාජික රටවල් 38ක් සහ තවත් රටවල් නවයක් හරහා ආයෝජන නිරීක්ෂණය කරයි. 2011 සිට 2015 දක්වා කැනඩාවේ ආයෝජන වර්ධන වේගය භයානක වූවකි. එකී රටවල් 47 අතුරින් කැනඩාව සිටියේ 37 වන ස්ථානයේ ය.
2023 දී එය තවත් භයානක විය. දකුණු අපි‍්‍රකාව, මෙක්සිකෝව හා ජපානයට පමණක් ඉදිරියෙන් සිටිමින් 44 වන ස්ථානය දක්වා පහළ වැටුණි.
සරලව කිවහොත්, අපගේ කම්කරුවන් වෙනත් රටවල කම්කරුවනට වඩා අඩු ඵලදායිතාවක් දක්වන්නේ ඔවුන්ට වැඩ කිරීමට සිදුව ඇත්තේ අඩු ඵලදායිතාවක් යටතේ වීම නිසාය. මීට දශකයකට පමණ පෙර තරම් මෑතක දී කැනඩාවේ එක් කම්කරුවකුගේ දළ ස්ථාවර ප්රාග්ධනය එක්සත් ජනපදයෙන් කැපී පෙනෙන ලෙස වැඩිව තිබුණි. එහෙත් ක්‍රමයෙන් එය අඩු විය.
එබැවින් අපගේ ආයෝජන අනුපාත ඉහළ නැංවීම, පැහැදිලිවම විසඳුමේ ප්‍රධාන කොටසක් නියෝජනය කරයි. ආයෝජනය සිදු කරන්නේ කොතනක ද යන්න ද ඉතා වැදගත් කාරණයකි.
(2024 මාර්තු 1 වන දා The Globe and Mail පුවත්පතේ ලිපියක් ඇසුරෙන් සකස් කෙරිණි. )