කෝටි හයක ලොතරැුයියක් ඇදුණු පොල් කඩන්නාට තවත් ලක්ෂ 20ක් ඇදිලා

පුවත්

කෝටි හයක ලොතරැුයියක් ඇදුණු පොල් කඩන්නාට තවත් ලක්ෂ 20ක් ඇදිලා
රුපියල් කෝටි හයක ලොතරැුයි ජයග‍්‍රහණයක් මීට පෙර හිමි කරගෙන තිබූ පොල් කඩා ජීවිකාව ගෙන යන්නකුට පසුගිය සතියේ ද රුපියල් ලක්ෂ විස්සක ලොතරැුයි ජයග‍්‍රහණයක් හිමිවී ඇතැයි ගම්පොළට නුදුරු ගම්මානයකින් වාර්තා විය.
මීට වසර එක හමාරකට පමණ ඉහතදී රුපියල් කෝටි හයක ලොතරැුයි ජයග‍්‍රහණයක් හිමි වුවත් මොහු කුඩා කල සිටම කරගෙන ආ කුලියට පොල් කැඞීම දිගටම කරගෙන ගිය බව මේ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කළ එම ප‍්‍රදේශයේ විශ‍්‍රාමික රාජ්‍ය නිලධාරියෙක් පැවැසීය.
මෙම ජයග‍්‍රාහී ලොතරැුයි පත් දෙකම කුලියට පොල් කඩන පුද්ගලයා මිලදී ගෙන ඇත්තේ එකම අලෙවි නියෝජිතයකුගෙනි.
ලොතරැුයි පත් දෙකකින් විශාල මුදල් සම්භාරයක ජයග‍්‍රහණයක් ලැබූ මොහු නැසී ගිය අතිශය ජනප‍්‍රිය සිනමා නළුවකුගේ නමින් හැඳින්වෙන අයෙකි.
නිතිපතාම පාහේ ලොතරැුයි පත් මිලදී ගන්නා මෙම පුද්ගලයා එම ලොතරැුයි පත් මිලදී ගැනීමට පැමිණෙන්නේ කිසිවකුත් ලොතරැුයි අලෙවි නියෝජිතයා ළඟ නොමැති අවස්ථාවක් බලාය.
පැය භාගයකට ආසන්න කාලයක් ලොතරැුයි පත් තෝරන මොහු අවසානයේ ලොතරැුයි පත් දහයක් පමණ මිලදීගෙන යන බව කියති.
ලොතරැුයි දිනුම් ඇදීමෙන් පසු ඒවාට ජයග‍්‍රහණයක් ලැබී ඇත්දැයි යන්න පරීක්ෂා කර බැලීමට මොහු පැමිණෙන්නේ ද ලොතරැුයි පත් මිලදී ගත් අලෙවි නියෝජිතයා ළඟටය.
රුපියල් ලක්ෂ විස්සක මුදලක් ජයග‍්‍රහණය කර ඇති බව දැනගත්තත් ඔහු සාමාන්‍ය ලෙස එම ස්ථානයෙන් පිටව ගොස් ඇතැයි පැවසේ.
වයෝවෘද්ධ මව සමග කුඩා පැල්පතක ජීවත් වන අවිවාහකයකු වන මොහු මීට පෙර රුපියල් කෝටි හයක මුදලක් ජයග‍්‍රහණය කළත් සුපුරුදු පරිදිම සාමාන්‍ය ආකාරයට ජීවත් වන බවත් අලූතින් නිවෙසක්වත් ඉදිකරගෙන නොමැති බවත් කියති.
දුර්වර්ණ වී ගිය කොට කලිසමකින් සහ ටී ෂර්ට් එකක් හැඳගෙන පොල් කඩන පිහිය ද රැුගෙන හිමිදිරි උදෑසනම නිවෙසින් මෙම කෝටිපති පොල් කඩන්නා පිටව යන්නේ කුලියට පොල් කැඞීම සඳහාය.
කෝටිපතියකු වෙලත් පොල් කඩන්නේ ඇයිදැයි කියා විමසන අවස්ථාවේ ඔහු සිනාසෙනවා මිස එයට පිළිතුරක් ලබා නොදෙන බව ප‍්‍රදේශවාසීහු කියති.
රුපියල් කෝටි හයක ලොතරැුයි ජයග‍්‍රහණයක් ලැබුණු බව දැනගත් එක්තරා බැංකුවක් ඔහු සොයා පැමිණ කරුණු කාරණා අවබෝධ කර දී එම මුදල පොල් කඩන්නා නමින් ගිණුමක් විවෘත කරදී එහි තැන්පත් කර ඇත.

හිටපු ජනාධිපතිවරු 03ක් පාවිච්චි කරපු වාහනවලට රු.කෝටි 200ක පොලූ තියලා
හිටපු ජනාධිපතිවරුන් විසින් මෙතෙක් කල් භාවිත කළ අධි සුඛෝපභෝගී වාහන හැටකට අධික සංඛ්‍යාවකින් රුපියක් කෝටි 200කට වැඩි කුලී මුදලක් පැහැරහැර ඇති බව දුෂණ විරෝධී හඬ සංවිධානය පවසයි.
මේ වන විට ඉන් වාහන දෙකක් අතුරුදන්ව ඇති බවත් ¥ෂණ විරෝධී හඬ සංවිධානය කියයි.
තවද ඇතැම් වාහනවල වටිනාකම රුපියල් කෝටි අටකට අධික ඒවා බවද එම සංවිධානයේ කැඳවුම්කරු, ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී වසන්ත සමරසිංහ අනාවරණය කර ඇත.
හිටපු ජනාධිපතිවරුන් තිදෙනකු විසින් භාවිත කළ අධි සුඛෝපභෝගී වාහන හැටකට අධික සංඛ්‍යාවකින් ගෙවිය යුතු රුපියල් මිලියන දෙදහසකට වැඩි කුලී මෙසේ පැහැරහැර ඇතැයි වාර්තා වේ.
මෙම වාහන සම්බන්ධයෙන් ජනාධිපති ලේකම්වරුන් වගකිවයුතු බැවින් ජනාධිපති ලේකම් කාර්යාලයට විරුද්ධව ඊට අදාළ නඩුවක්ද පවරා ඇතැයි පැවැසූ සමරසිංහ පෙන්වා දුන්නේ, මෙම වාහන 2006 සිට ජනාධිපතිවරුන් තිදෙනෙක් යටතේ භාවිත කළ ඒවා බවයි.
මෙරට ප‍්‍රසිද්ධ පෞද්ගලික සමාගමකින් කල්බදු ක‍්‍රමයට මෙම වාහන කුලියට ගෙන තිබේ.
මේ අනුව, වාහන භාවිත කළේ කුමන ජනාධිපතිවරු ද, ඔවුන් ගෙවිය යුතු මුදල කොපමණද, වාහන අංක ඇතුළු අදාළ තොරතුරු ඉදිරියේදී ජනමාධ්‍ය මඟින් ප‍්‍රසිද්ධියට පත් කරන බවද හෙතෙම සඳහන් කළේය.
මෙම ගෙවීම් පැහැරහැරීම මත නොගෙවූ මුදලට මාසිකව අය කළ යුතු ප‍්‍රමාද පොළිය 3%, 4% වන මුදල් අයකිරීමට අදාළ වාහන සමාගම් කටයුතු කර ඇති බවද ඔහු සඳහන් කළේය.
විශේෂයෙන්ම ජනාධිපති වැය ශීර්ෂවලින් හිටපු ජනාධිපතිවරුන් කළේ කුමක්ද යන්න පිළිබඳව මෙහිදී ගැටලූවක් පැනනඟින බවද ඔහු පැවැසීය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *