ගබ්සාව නීතිගත කළ විශාලම ලතින් ඇමෙරිකානු රාජ්‍ය බවට පත්වෙමින් ආර්ජන්ටිනාව 2020 දෙසැම්බර් 30 දා ගබ්සාව නීතිගත කිරීමේ යෝජනාව සම්මත කළා. ආජන්ටිනාවේ සෙනෙට් සභාවේ සාමාජිකයන් 38දෙනෙක් එයට පක්ෂව ඡන්දය පාවිච්චි කළ අතර විරුද්ධව ඡන්දය භාවිතා කළේ 29 දෙනෙක් පමණයි. එක් අයෙක් පැමිණ සිටියේ නැහැ.
මෙය සිදුවන අවස්ථාවේ ඒ ප්‍රීතිය සැමරීම සඳහා බුවනෝර්ස් අයර් නගරයේ වීදි කොළ වර්ණයෙන් වැසී ගියා. එයට හේතුව ගබ්සාව නීතිගත කරගැනීම සඳහා ගෙනගිය අරගලයේ වර්ණය වුණේ “කොළ පැහැය” වීමයි.
බුවනෝර්ස් අයර් වීදීවලට රැස්ව සිටි කාන්තාවෝ මේ ප්‍රවෘත්තිය කණ වැකීමත් සමග සතුටින් කෑගසන්නට, එකිනෙකා තදින් වැළඳගන්නටත්, සතුටින් කඳුළු හෙලන්නටත් පටන් ගත් බවයි ද ගාඩියන් වෙබ් අඩවිය පවසන්නේ. අරගලකරුවන් මුදා හල කොළ පැහැ දුමකින් බුවනෝර්ස් අයර් අහස්තලය ඒ මොහොතේ වැසී ගියා. දැවැන්ත තිර මත “We did it. “ES LEY!” (IT’S LAW!)” ” අපි එය කළා. එය නීතියක්” යන වැකිය ප්‍රදර්ශනය වුණා.
ජයග්‍රහණය සමරන්නන් අතර සිටි 25 හැවිරිදි මෙලනි මාකටි තරුණිය පැවසුවේ, “මේ මොහොතේ මම හැඟීම් බරයි. ශරීරයට දැනෙන හැඟීම විස්තර කරන්න මට වචන නෑ. දීර්ඝ කාලයක් අපි මේ වෙනුවෙන් අරගල කළා. මෙය අනපේක්ෂිත ජයග්‍රහණයක්. අපි ගොඩක් වැළපුනා.”
සති 14ක කාලයක ගැබ්ගැනීමක් මෙසේ ගබ්සා කළ හැකි බවට වන නීතිය දෙසැම්බර් මුල ආජන්ටිනාවේ පහළ මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කළ අතර වාමවාදී ආජන්ටිනාවේ ජනාධිපති ඇල්බර්ටෝ ෆර්නැන්ඩස් එය කොන්ග්‍රස් සභාවට ඉදිරිපත් කළා. මෙය සම්මත වීමෙන් පසු ඔහු ට්වීටර් පණිවිඩයකින් කියා සිටියේ, ” ආරක්ෂාකාරී, නීත්‍යානුකූල, නිදහස් ගබ්සාව දැන් නීතියක්” කියා.
ෆර්නැන්ඩස් ජනාධිපතිවරයා කලින් පවසා තිබුණේ 1983 ආජන්ටිනාව ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් බවට පත්වීමෙන් පසු අනාරක්ෂිත, රහසිගත ගබ්සාවන් නිසා වාර්ෂිකව ආජන්ටිනා කාන්තාවන් 3000 මියයන බවයි.
මෙය සම්මතවීමත් සමග තම ශරීරය පිළිබඳ තීරණ ගැනීම කාන්තාවගේ අයිතියක් බව තවදුරටත් තහවුරු වෙනවා.
1995 ගුයානාව ද, 2012 දී උරුගුවේ රාජ්‍ය ද ගබ්සාව නීතිගත කළ අතර දැන් එය සිදුකළ ලතින් ඇමෙරිකාවේ තුන්වන රට මෙන්ම විශාලම රාජ්‍ය බවට ආජන්ටිනාව පත්වෙනු ඇති. කියුබාව මේ නීතිය සම්මත කළේ 1965 වසර වැනි ඈත කාලයක බවත් අමතක කළයුතු නෑ.
Source : The Guardian
© කපිල එම්. ගමගේ.