ආචාර්ය ඒ.ටී. ආරියරත්න: ශ‍්‍රී ලංකාවේ ගම්මාන 15,000කට සහන සැලසූ සර්වෝදය ව්‍යාපාරයේ නිර්මාතෘවරයා

පුවත්

ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ පුළුල් ම ව්‍යාප්තියක් සහිත රාජ්‍ය නොවන සංවිධානයක් ලෙස සැලකෙන සර්වෝදය ශ‍්‍රමදාන ව්‍යාපාරයේ නිර්මාතෘ ආචාර්ය ඒ.ටී. ආරියරත්න අපේ‍්‍රල් 16 අභාවප‍්‍රාප්ත විය.
කොළඹ, පෞද්ගලික රෝහලකදී අභාවප‍්‍රාප්ත වන විට ඔහු 93 වන වියේ පසු විය.
”දිළිඳුකම තුරන් කිරීම සහ ගැටුම් රහිත සමාජයක් ගොඩනැගීම” සිය මෙහෙවර කර ගත් සර්වෝදය ශ‍්‍රමදාන ව්‍යාපාරය හරහා ආචාර්ය ඒ.ටී. ආරියරත්න ශ‍්‍රී ලංකාවේ දහස් ගණනක් පවුල් ආර්ථික වශයෙන් නගා සිටුවීමට කැපවූ අයෙකි.
ඒ.ටී. ආරියරත්න යනු කවුද?
අහංගමගේ ටියුඩර් ආරියරත්න හෙවත් ඒ.ටී. ආරියරත්න 1931 වසරේ නොවැම්බර් මස 05 වන දා ගාල්ල, උණවටුනේදී උපත ලැබීය.
උණවටුන බෝනවිස්ටා විද්‍යාලයෙන් ප‍්‍රාථමික අධ්‍යාපනය ලැබූ ඔහු, ගාල්ල මහින්ද විද්‍යාලයෙන් ද්විතීක අධ්‍යාපනය ලැබීය.
පසුව, ගුරු අභ්‍යාස විද්‍යාලයට බැඳී ගුරුවරයෙකු බවට පත්වූ ඒ.ටී. ආරියරත්න, 1972 වසර වන තුරු කොළඹ නාලන්දා විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස සේවය කළේය.
ඒ අතරතුර, විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව පිළිබද උපාධියක් ලබා ගත් ඔහුට, එම විශ්වවිද්‍යාලයෙන් ම සම්මාන අචාර්ය උපාධියක් පිරිනැමිණි.
පිරිමි දරුවන් තිදෙනෙකු සහ ගැහැනු දරුවන් තිදෙනෙකු ඇතුළු දරුවන් 6 දෙනෙකුගේ පියෙකු වූ ඔහු, මුණුබුරු මිණිබිරියන් 12 දෙනෙකුගේ මුත්තණුවෙකු ද විය.
සර්වෝදය ශ‍්‍රමදාන ව්‍යාපාරයේ ආරම්භය
ආචාර්ය ඒ.ටී. ආරියරත්නගේ මූලිකත්වයෙන් සර්වෝදය ශ‍්‍රමදාන ව්‍යාපාරය ආරම්භ වූයේ, 1958 වසරේදී ය.
ඔහු 1958 වසරේදී කොළඹ නාලන්දා විද්‍යාලයයේ ශිෂ්‍යයින් 40 දෙනෙකු සහ ගුරුවරුන් 12 දෙනෙකු සමග ගාල්ල, කතළුව ගම්මානයේ කළ ශ‍්‍රමදාන ව්‍යාපාරයකින් සර්වෝදය ශ‍්‍රමදාන ව්‍යාපාරය ආරම්භ වූ බව පැවසේ.
ඔවුන් කුලයෙන් පහත් ලෙස සැලකෙන ගම්මානයක් වෙත රැුගෙන ගොස් එම ගම් වැසියන් අතර පැවති එම මත වෙනස් කිරීමට සහය වීම අරමුණු කර ගත්, ”අධ්‍යාපනික අත්හදාබැලීමක්” ලෙස එය ක‍්‍රියාත්මක කෙරිණි.
මෙවැනි ”අධ්‍යාපනික අත්හදාබැලීම්” කිහිපයක් ම සිදු කළ අතර, ඒවා සාර්ථකව අවසන් කිරීමට හැකි වී තිබිණි.
සර්වෝදය ශ‍්‍රමදාන ව්‍යාපාරය ගොඩ නැගී ඇත්තේ, ඒ තුළිනි.

වසර 65ක් පුරා සිදුවූ සේවාව
ශ‍්‍රී ලංකාවේ පිහිටි ගම්මාන 38,000න් ගම්මාන 15,000කට සර්වෝදය ශ‍්‍රමදාන ව්‍යාපාරයේ ප‍්‍රතිලාභ ලබා දීමට හැකි වී ඇතැයි ආචාර්ය ඒ.ටී. ආරියරත්නගේ දෙටු පුත් සර්වෝදය ව්‍යාපාරයේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය වින්‍යා ආරියරත්න බීබීසී සිංහල සේවයට පැවසීය.
”පවුල් වශයෙන් ගත්තොත් අපේ සාමාන්‍ය වැඩසටහන් ක‍්‍රියාත්මක වෙන පවුල් ලක්ෂ 3ක් විතර තියෙනවා. ඊට අමතරව, ආර්ථික අර්බුදය වැනි ආපදා අවස්ථාවල අපි සහන සේවා ලබා දුන්නා, පවුල් ලක්ෂ 5කට. සමස්තයක් වශයෙන් ගත්තා ම ලංකාවේ ග‍්‍රාමීය සහ නාගරික ගම්මානවල 30-40%ක පමණ ප‍්‍රතිශතයකට සර්වෝදය සේවාවන් අවුරුදු 65ක කාලය තුළදී තාත්තා ලබා දීලා තියෙනවා,” වෛද්‍ය වින්‍යා ආරියරත්න පැවසීය.
මේ වන විට, තවදුරටත් වර්ධනය වී ඇති සර්වෝදය ව්‍යාපාරය අධ්‍යාපන ආයතන, මූල්‍ය ආයතන හරහා ද තරුණ ප‍්‍රජාවට මෙන් ම ආර්ථික ගැටලූවලට මුහුණ ග‍්‍රාමීය ප‍්‍රජාවට ද සහන සලසයි.
ලැබූ සම්මාන
ආචාර්ය ඒ.ටී. ආරියරත්න දෙස් විදෙස් සම්මාන රැුසකින් පිදුම් ලබා තිබේ. ඒ අතරින්, 1969 වසරේදී ප‍්‍රජා නායකත්වය වෙනුවෙන් ලැබූ රැුමෝන් මැග්සේසේ සම්මානය විශේෂ ය.
1994 වසරේදී මිනිසෝටා විශ්වවිද්‍යාලයෙන් හ්‍යුබර්ට් එච්. හම්ෆ‍්‍රි ජාත්‍යන්තර මානුෂීය සම්මානය පිරිනැමිණි.
ඊට අමතරව, 1996 වසරේදී ඉන්දීය රජය ඔහුට ගාන්ධි සාම ත්‍යාගය පිරිනැමීය. 2005 වසරේදී සුෂිල් කුමාර් ජාත්‍යන්තර සාම සම්මානයෙන් ද පිදුම් ලැබීය.
2007 වසරේදී ශ‍්‍රී ලංකාවේ පිරිනැමෙන ඉහළ ම සම්මානයක් වන ශ‍්‍රී ලංකාභිමාන්‍ය සම්මානයෙන් ද ඔහු පිදුම් ලැබීය.
ඇතැමුන් ඔහු ”ශ‍්‍රී ලංකාවේ ගාන්ධි” නමැති විරුදාවලියෙන් ද හඳුන්වා තිබේ.
අවසන් කටයුතු රාජ්‍ය ගෞරව සහිතව
20 වන දා පස්වරු 4.00ට කොළඹ නිදහස් චතුරස‍්‍රයේදී රාජ්‍ය ගෞරව සහිතව ආචාර්ය ඒ.ටී. ආරියරත්නගේ දේහය පිළිබඳ අවසන් කටයුතු සිදුකළේය.

පාලිත තෙවරප්පෙරුම : දිවි ගමනට සමුදුන් ජනතා සේවකයා
1960 මැයි මස 3 වැනිදා උපත ලැබූ පාලිත තෙවරප්පෙරුම මිය යන විට 64 වන වියේ පසුවිය.
බීබීසී සිංහල සේවයට අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දුව ප‍්‍රකාශ කළේ මතුගම, යටදොලවත්ත ප‍්‍රදේශයේ පිහිටි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයාට අයත් පොල් වත්තක දී සිදුවූ අනතුරකින් පාලිත තෙවරප්පෙරුම ජිවිතක්ෂයට පත්වී ඇති බවයි.
පාලිත තෙවරප්පෙරුම ගේ දේශපාලන ගමන් මග
පාලිත තෙවරප්පෙරුම 2002 වසරේ පැවති මැතිවරණයෙන් දේශපාලනයට පිවිසි අතර ඔහු එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් මතුගම ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස තේරී පත්වුයේ මනාප 7,000ක් ලබා ගනිමිනි.
පසුව ඔහු බස්නාහිර පළාත් සභාවට තේරී පත්වූ අතර, එම මැතිවරණයේදී ඔහු ලබා ගත් ජන්ද සංඛ්‍යාව 39,167කි.
එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් 2010 වසරේ පැවති මහ මැතිවරණයට කළුතර දිස්ත‍්‍රික්කයෙන් තරග කළ පාලිත තෙවරප්පෙරුම පළමු වරට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට සමත් වුයේ මනාප 51,153 ලබා ගනිමින් දිස්ත‍්‍රික්කයේ ප‍්‍රථමයා බවට පත්වෙමිනි.
2015 වර්ෂයේදී පැවති පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වූ ඔහු මනාප 118,128 ක් ලබා ගනිමින් කළුතර දිස්ත‍්‍රික්කයේ තුන්වන ස්ථානයට පත්වෙමින් නැවත වරක් පාර්ලිමේන්තුවට තේරී පත්විය.
එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ මෙන්ම යහපාලන ආණ්ඩුව නියෝජනය කරමින් පාලිත තෙවරප්පෙරුම අවස්ථා කිහිපයකදී නියෝජ්‍ය අමාත්‍ය ධුර දැරිය.
2020 වසරේ පැවති පාර්ලිමේන්තු මහ මැතිවරණයට තරග කළ ඔහුට නැවත පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට අවස්ථාව හිමි නොවූ අතර සක‍්‍රීය දේශපාලනයෙන් ද ඔහු ඈත්විය.
අමතක නොවන සිදුවීම්
දේශපාලඥයෙකු ලෙස පාලිත තෙවරප්පෙරුම ආන්දෝලනාත්මක සිදුවීම්වලට සම්බන්ධ වීම නිසා අවස්ථා කිහිපයක දී රක්ෂිත බන්ධනාගාර ගතවීමට පවා සිදුවිය.
මන්ත‍්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුව තුළ දී ඇතිවූ ගැටුම්කාරී සිදුවීම් වලට සම්බන්ධවීම නිසා පාර්ලිමේන්තුව තහනමට ද ලක්වූ අවස්ථා කිහිපයකට ද මුහුණ දීමට පාලිත තෙවරප්පෙරුමට සිදුවිය.
ජනතාව වෙනුවෙන් කැපවී කළ සේවයන්
මන්ත‍්‍රීවරයෙකු ලෙස පමණක් නොව තමන්ට තනතුරු අහිමිව ගොස් තිබියදී පවා පාලිත තෙවරප්පෙරුම ජනතාවට සේවය කළ පුද්ගලයෙකු ලෙස ප‍්‍රසිද්ධ ය.
2020 වසරේදී ඇතිවූ කොවිඞ් වසංගතය සමග පැනවූ නිරෝධායන ඇඳිරි නීතිය හේතුවෙන් අසරණ භාවයට පත්වූ ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ලබාදීම සඳහා ඔහු මුලිකත්වය ගෙන කටයුතු කරනු ලැබිය.
එමෙන්ම ගංවතුර ඇතුළු ස්වාභාවික ව්‍යවසනයන් හිදී අවතැන්වූ කළුතර දිස්ත‍්‍රික්කයේ ජනතාවට සහන සැලසීම සඳහා ඔහු සක‍්‍රීයව කටයුතු කරනු ලැබීය.
2014 වසරේ ජුනි 15 සහ 16 වෙනි දිනවල බේරුවල සහ අලූත්ගම ප‍්‍රදේශවල හටගත් ගැටුම් මැඩ පැවැත්වීම සඳහා විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස පාලිත තෙවරප්පෙරුම කටයුතු කරනු ලැබු ආකාරය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුගේ පැසසුමට ඔහු ලක්විය.

x

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *