ලංකා සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය එන්.එම්. පෙරේරාගේ 118 වන ඡුන්ම සංවත්සරය යෙදී තිබීම හේතුවෙන් යම් සාකච්ඡුාවක් දේශපාලන සමාජය තුළ ආරම්භ වී තිබේ. මෙය සිදුවන්නේ , නිදහසින් පසුව අප ජන සම්මුතියකින් තෝරාගත් දේශපාලන ක‍්‍රමය තවදුරටත් රටේ අනාගතය වෙනුවෙන් පාවිච්චි කළ නොහැකි දුර්දාන්ත පාලන ක‍්‍රමයක් බවට පත්වී පන අදිමින් තිබෙන සමයකය. එහෙත් ඒ ක‍්‍රමය විසින් ගොඩ නැගූ දේශපාලන ප‍්‍රභූව සිපිලස් යෝධයින් මෙන් ආරක්ෂා සහිතව වෙනම පංතියක් ලෙස විරාජමානව සිටී. ධනයේ ද බලයේ ද සාමූහික නිශේධ බලයක් සහිත ඔවුන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ම නාමයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ම පරම සතුරන් බවට පත්ව සිටී. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන හා සිවිල් සමාජය පවා ඔවුන්ගේ අධිකාරිත්වයට හීලෑවී ඇති ආකාරයක් දක්නට තිබේ. ඒවා දේශපාලන පක්ෂවලට දක්වන පක්ෂපාතිත්වයත් හේතුවෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ මූලිකාංග නිවැරදිව කි‍්‍රයාත්මක වෙනවාද යන්න පිළිබඳ නිරීක්ෂණය කිරීමට ආයතන පද්ධතියක් රටේ නොමැති තරම් ය.
මේ දුර්දාන්ත දේශපාලන සමාජයට එරෙහිව ස්වයං සිද්ධ අරගලයක් මීට වසරකට පමණ ඉහත දී සිදුවීම වනාහි ලංකාවේ දේශපාලන පක්ෂ හා ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන පද්ධතිය පිළිබඳ මහජනයාගේ බිඳුණු විශ්වාසය ප‍්‍රකාශයට පත්කරයි. එහෙත් ඒ මහජන අරගලයේ දිශානතිය තීරණය කිරීමට ඒ යෝධ කවන්ධයට හිසක් නොතිබුණි. ”තමන් හිස” යයි ස්වයංව පෙනී සිටි කිසිවකුට ඒ මහජන ප‍්‍රකාශනයේ අරුත තේරුම් ගැනීමට පවා නොහැකි විය.
මවිසින් කලක් එකඟව සිටි, එහෙත් අරගලයේ මහජන අවදිවීමේ මහිමාව හේතුවෙන් දැන් එකඟ නොවන ප‍්‍රකාශයක් ලංකා සමසමාජ පක්ෂයේ න්‍යායාචාර්යවරයෙකු වන හෙක්ටර් අබේවර්ධන මීට කලකට ඉහත පවසා තිබේ. එනම් ”නමට හෝ ඡුන්ද ක‍්‍රමයක් තිබෙන රටක විප්ලවයක් සිදුවිය නොහැකිය” යන්නය. විප්ලවය පිළිබඳ කවර න්‍යායික මත තිබුණත් ලෝකයේ සිදුවූ විප්ලව එකකට එකක් සමරූපී නොවිණ. කොමියුනිස්ට්වාදයට බරව සිදුවූ විප්ලව පවා එකිනෙකට සමරූපී නොවීය. ලංකාවේ ‘විප්ලවය’ යන අරුතින් පසුගිය සියවසේත් මේ සියවසේත් ගත හැකි අරගල දෙකක් සිදු විය. එකක් 53 හර්තාලයයි. දෙවැන්න පසුගිය වසරේ ‘ගෝටා ගෝ ගම’ කේන්ද්‍රීයව සිදුවූ අරගලයයි. ඒ දෙකේදී ම පාලකයා වෙනස් කිරීමට සමත් වුවත් පාලන ක‍්‍රමයේ මූලික වෙනසක් කිරීමට අසමත් විය.
සැබැවින්ම සමාජයේ ගර්භාෂගත මහජන අපේක්ෂාව ප‍්‍රසූත කිරීමට දායකවීමට දේශපාලන පක්ෂ දිගින් දිගටම අසමත් වන්නේ ඇයි? මෙය අප ඉදිරියේ ඇති විශාලම ප‍්‍රශ්නාර්ථයයි.
මේ ව්‍යාකූල දේශපාලනය දිවැසිවර නුවණකින් දුටු ප‍්‍රාඥයෙකු ලෙස ඇන්.ඇම්. පෙරේරා හැඳින්විය හැකිය. එහෙත් ඒ දිවැසිවර භාවය ඔහුට පිරිනමන්නේ ලිබරල් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදීන් මිස වාමාංශික බහුතරය නොවීම ඒ ගැන නිරීක්ෂණය කරන අයෙකුට වටහා ගත හැකි දෙයකි.
ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා සහ ඔහුගේ උගත් වාමාංශික සහපිරිවර නියෝජනය කරන්නේ එක්තරා ඓතිහාසික වකවානුවකි. ඒ අතරිනුත් ඇන්.ඇම්. ඉතිහාසයේ රෝදයේ ගමන් මග නිස්කලංකව හා මනාව හැදෑරූ තැනැත්තා විය. ඇන්.ඇම්. තරම් මාක්ස්ගේ දේශපාලනයේ හරය නිවැරදිව දුටු ඒ අනුව කි‍්‍රයා කළ අයෙකු නැති තරම්ය. මාක්ස්ගේ පංති විග‍්‍රහයේදී සමාජවාදය ධනවාදයේ පසු අවධිය යන්න ඇන්.ඇම්. නිවැරදිව වටහාගෙන සිටියා යන්න මගේ හැඟීමයි. ඔහු නායකයා ලෙස සමසමාජ පක්ෂය හමුවේ කි‍්‍රයා කළ ආකාරයත්, ඔහු ඇමතිවරයකු ලෙස කි‍්‍රයා කළ ආකාරයත් නිරීක්ෂණය කිරීමේදී එය වටහා ගත හැකිය.
රුසියාවේ, චීනයේ, උතුරු කොරියාවේ, කියුබාවේ හෝ සිදුවූ විප්ලව කිසිවක් මාක්ස්ගේ පංති විකාශනයට අනුව සිදුවූවක් නොවේ. වැඩවසම් ක‍්‍රමයත්, එසේ නැත්නම් පරිපාකයට පත් නොවූ ධනවාදයක් පෙරලා දැමීමක් පමණකි සිදුවූයේ. ඒ පිරිහුනු කොමියුනිස්ට් රාජ්‍ය්‍යයන්ගේ අද පවතින තත්ත්වය වනාහි ඒ පෙරලා දැමූ වැඩවසම් හෝ ධනවාදී කෲර අවධියේ නායකත්ව ගුණාංග උකහාගත් ‘කොමියුනිස්ට් වැඩවසම්’ ක‍්‍රමයක් යයි නම් කළ හැකි එකකි.
මේ තත්ත්වය ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා නිවැරදිව වටහා ගත් බව මගේ හැඟීමයි. ඒ අවධියේ ලෝකයේ තිබුණු කොමියුනිස්ට් පක්ෂ අතරින් ලංකා සමසමාජ පක්ෂය පළමුවරට සෝවියට් දේශය වනාහි පිරිපුණු කම්කරු රාජ්‍යයක් බවට හැඳින්වීමට පසුබට නොවීය. ඒ ආස්ථානය නිසා පක්ෂය දෙකඩ විය. එහෙත් කවර අවාසි දායක තත්ත්වයක් යටතේ වුවද ඒ නිවැරදි අදහස වෙනුවෙන් ඇන්.ඇම්. සිය සහෝදර පිරිවර සමග සිටගත්තේය.
ධනවාදය කෲර බවේ සිට සම්මුතික ධනවාදයක් දක්වා විකාශනය වීම පසුගිය සියවසේ දීම සිදුවිය. ගෙවී ගිය සියවස් දෙකේ සිදුවූ සෑම දේශපාලන හා සමාජ කි‍්‍රයාවලියක් තුළින්ම පාඩම් ඉගෙන ගැනීමට ධනවාදය සමත් විය. ධනේශ්වර දේශපාලන ක‍්‍රමයේ නිෂ්පාදනයක් වන සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදය තුළ මිනිස් ගෞරවය, සංහිඳියාව ප‍්‍රජාතන්ත‍්‍රවාදී නිදහස, සමාජ සුබ සාධනය මිනිසාට සරිලන තරමින් ඇත. කලාවේ හා සංස්කෘතියේද විද්‍යාවේද අභිවෘද්ධිය මේ ක‍්‍රමය තුළ නොනවත්වා වැඩිණි. ධනවාදයේ මේ යා හැකි දුර ගැන වැටහීමක් මාක්ස්ට තිබෙන්නට ඇතිවාට සැකයක් තිබිය නොහැකිය. එනිසාය ඔහු සමාජවාදයට පෙර අවධියක් ලෙස ධනවාදය නම් කරන්නට ඇත්තේ.
1948 නිදහස වෙනුවෙන් ලංකාවේ පැරණි වාමාංශික ව්‍යාපාරය, විශේෂයෙන් ලංකා සමසමාජ පක්ෂය කළ මෙහෙවර නිදහසින් පසු බලය ගත් ජාතියේ පියවරුන්ට වඩා බොහෝ වැඩිය. ලංකාවට නිදහස ලැබෙන්නේ ම ලංකා සමසමාජ පක්ෂය දෙවන ලෝක යුද වකවානුවේ හෝ ඊට ආසන්නයේ ඇති විය හැකි ආර්ථික හා දේශපාලනික පසුබෑම ඔස්සේ බලය අත්පත්කර ගනීය යන බිය යටත් විජිත පාලකයින් තුල තිබූ නිසාය. අධිරාජ්‍යවාදීන් ශ‍්‍රී ලංකාවට නිදහස ලබා දෙන්නේ තමන්ගේ මේ රට කෙරේ පැවැත්වූ අනුහසේ ගැඹුරු සාරය තවදුරටත් ආරක්ෂා කර දෙන පිරිසක් අතටය.
කවර තත්ත්වයක් යටතේ වුවද, නිදහස ඔස්සේ ලැබුණු සර්වජන ඡුන්ද ක‍්‍රමය, අධිකරණ ස්වාධීනත්වය, පාර්ලිමේන්තු ක‍්‍රමයේ මූලධර්ම, ආරක්ෂා කරමින් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී වටිනාකම් වැඩි දියුණු කිරීමට කැපවූවන් සියල්ල අතර එන්.එම්. කැපී පෙනේ. සැබවින්ම මා වඩාත් ඇන්.ඇම්. හැඳින්වීමට කැමැත්තේ ‘සමාජවාදියකුට’ හෝ විප්ලවවාදියෙකුට වඩා ඉතා ඉහළ හා ගැඹුරු අවබෝධයකින් යුත් සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙකු ලෙසය. ඔහු විරුද්ධවාදීන් සිදුකළද, සමහර රටට වැදගත් දේවල් ඇගයීමට මැලි නොවීය. උදාහරණයක් වශයෙන් ඩි.ඇස්. සේනානායකගේ දේශපාලන පිළිවෙත ගැන කවර විවේචන ඇන්.ඇම්ට තිබුණත් ඞී.ඇස්.ගේ කෘෂිකර්මය දියුණු කිරීමට දැක්වූ මහත් කැපවීම අගය කිරීමට ඔහු පසුබට නොවීය. එමෙන්ම ඩඞ්ලි සේනානායක ප‍්‍රජාතන්ත‍්‍රවාදියෙකු ලෙස ඇන්.ඇම්.ගේ ඇගයීමට බඳුන්විය. එමෙන්ම ඔහු විවේචනයටද මැලි නොවීය. සිරිමා බණ්ඩාරනායක මැතිනියගේ නායකත්වය ගත් ආණ්ඩු දෙකේ දීම අමාත්‍ය තනතුරු දැරුවත් ඇගේ ඥාති සංග‍්‍රහවාදී පිළිවෙතට අවදානම නොතකා විරුද්ධ විය. ඇතැම් තොරතුරු අනුව 1975 ආණ්ඩුවෙන් ඇන්.ඇම්. ප‍්‍රමුඛ ආණ්ඩුවට ඉවත් වන්නට සිදුවන්නේම එන්. එම්., මේ ඥාතිසංග‍්‍රහයට හා ඇගේ වැඩවසම් ගති ලක්ෂණවලට දැක්වූ විරුද්ධ භාවයයි.
ඇන්.ඇම්. මේ මොහොතේ නොව අනාගතය ගැන බලා තීරණ ගත් නායකයෙකි. විශ්වවිද්‍යාල සිසුන් වෙත ණයක් වශයෙන් ලබාදුන් ශිෂ්‍යාධාරය එවැන්නකි. බටහිර දියුණු රටවලමෙන් රැුකියාවක් ලැබුණු පසු ගෙවා දැමිය යුතු වගකීම දෙපැත්තටම පැවරෙන ක‍්‍රමයකට එය ලබාදුන්නේ ශිෂ්‍යයන් විෂයයේ සහනාධාර මානසිකත්වයක් නොව මහජන බදු මුදල් තමන් පරිහරණය කරන්නේය යන හැඟීම අවම වශයෙන් ලංකාවේ තරුණයන් අතර සිටින බුද්ධිමය තීරුවට හෝ දෙන්නට උත්සාහ කළ නිසා විය හැකිය.
ජාතික ඉතිරි කිරීමේ බැංකුව වැනි ආයතන මගින් බැංකු ක‍්‍රමය හා විධිමත් ඉතිරි කිරීම් පුරුද්දක් සමාජයේ පරිධිය දක්වා ගෙනයාමක් සිදු විය.
එන්.එම් වනාහි පසුගිය සියවසේ පමණක් නොව මේ සියවසටද අදාළ කරගත හැකි සම්ප‍්‍රදානයන් ඉටුකළ මහා පුරුෂ දේශපාලකයාය. ඔහු අද වන තුරු ලංකාවේ බිහිවූ ශ්‍රේෂ්ටතම දේශපාලකයාය යන්න මගේ විශ්වාෂයයි. ක්ෂේත‍්‍ර ගණනාවක් කෙරේ ඔහු සතු දැනුම වාමාංශික දේශපාලනයේ උරගලෙහි ගටා මානවවාදී බවට පත්කර ගත් එකක් වන්නා සේම , සිය මධ්‍යම පංතික හරයන් විසින් ශිෂ්ටත්වයට පත්කර ගන්නා ලද එකක් ද වේ.
ඉන්දියාවේ වර්තමාන යෝධ දියුණුවේ මූල සලකුණ හෙවත් සමාරම්භක මෙහෙයුම්කරුවා වන්නේ ආචාර්ය මන මෝහන් සිං ය. ඔහුගේ ආගමනය සිදුවන්නේ ඉන්දියානු කොංග‍්‍රසය තුළිනි. කොංග‍්‍ර‍්‍රසය පවුල්වාදය ඉහවහා ගිය පක්ෂයක් වුවත් මනමෝහන් සිං වැන්නෙකුට වැඩ පෙන්වීමට ඉඩ ප‍්‍රස්ථාව එම පක්ෂය විසින් සකසා දුන්නේය. එහෙත් ඇන්.ඇම්.ට ඒ අවස්ථාව සැලසුනේ සීමා සහිතකම් යටතේය.
ලංකාව ධනවාදය හෝ එහිම ගැඹුරු දේශපාලන අරුත වන සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට අවස්ථාව නොලද රටකි. රටේ අපේ වාමාංශිකයන් ‘ධනවාදය’ ලෙස හඳුන්වන්නේ ‘වැඩවසම්’ යන්නට සමානාර්ථයකිනැයි මට සිතේ. එක්සත් ජාතික පක්ෂය හා ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය යන පක්ෂ දෙකම ධනවාදී අභිධානයෙන් හැඳින්වුවත් ඒවායේ ව්‍යවස්ථාවන්, ඒවායේ රජයන පවුල්වාදය හා ආගමික තන්ත‍්‍රය ඇතුලූ වැඩවසම් තන්ත‍්‍රයන් මත යැපීමට දක්වන කැමැත්ත ආදිය සමග බලන විට ඒවා ධනවාදී පක්ෂ නොව වැඩවසම් පක්ෂ ලෙස හැඳින්විය හැකිය. මේවා සැබෑ ධනවාදී පක්ෂ නම් අධිරාජ්‍යවාදීන්ගේ හඳුන්වා දීමක් වුවද ඡුන්ද ක‍්‍රමය, අධිකරණ ස්වාධීනත්වය, පාර්ලිමේන්තුවේ ගෞරවය, ආදිය ඇතුළු බොහෝ දේ මෙලෙස විනාශ නොකරනු නිසැකය. ලංකාවේ ධනේශ්වර ක‍්‍රමයක් කරා යන ගමන නිශ්චිතව වැළැක්වීමේ පිඹුරු පත සැකසූ නායකයා ජේ.ආර්. ජයවර්ධනය. ඔහු සැකසූ ක‍්‍රමය වනාහි නව ලිබරල්වාදී හා වැඩවසම් ලක්ෂණ මිශ‍්‍ර කෲර ආධනග‍්‍රාහි දේශපාලන මොඩලයකි.
ඒ මොඩලයේ ස්වරූපය පහදා දීම ආචාර්ය එන්.එම්. පෙරේරාගෙන් සිදු වූ අවසාන දේශපාලන මෙහෙවරය. ඒ ‘1978 ව්‍යවස්ථාව විවේචනාත්මක විශ්ලේෂණය’ නැමති කෘතිය සම්පාදනය කිරීමයි.
ඉතිහාසයේ දීර්ඝවකවානුවක් තුළ ඇන්.ඇම්. ප‍්‍රමුඛ ඒ මට්ටමේ දැනුමැති පිරිවර විසින් කළ මැදිහත්වීම නොවන්නට ‘ලූම්පන් දේශපාලන ප‍්‍රභූවට’ මීට වඩා ඉක්මනින් මෙරට විනාශ කරන්නට ඉඩ ප‍්‍රස්ථා ලැබෙනු නිසැකය.
චන්ද්‍රරත්න බණ්ඩාර.