අපේ රජ්ජුරුවන් විවේචනය කිරීම පවක්. ඒක තහනම්!

විශේෂාංග

”මගේ පියා රජුන් අදහන්නේ අන්ධ භක්තියෙන්”- රාජභක්තිය නිසා භේදභින්න වූ තායි පවුල ගැන කතාවක්
”අපේ රජ්ජුරුවන් විවේචනය කිරීම පවක්. ඒක තහනම්!”
එහෙත් 19 හැවිරිදි ඩනායි සිය පියාගේ අනතුරු ඇඟවීම මායිම් නොකරයි. ඔහු රජපවුලේ බලතල සහ කාර්යයන් ප‍්‍රතිසංස්කරණය කරන ලෙස ඉල්ලා සිටිමින් ‘බැංකොක්‘ අගනුවර වීදි විරෝධතා ව්‍යාපාරවලට දහස් ගණනක් සිසුන් සමඟ එක්ව සිටින නීති ශිෂ්‍යයෙකි. එවැනි ශිෂ්‍ය උද්ඝෝෂණ ව්‍යාපාර මාස්පතා කැඳවනු ලැබෙමින් ඇත.
‘ඩනායි‘ගේ පියා ‘පැකොර්න්‘ රටවල සංචාරය කරනු ලැබ ලද අත්දැකීම් සහිත ඉහල මධ්‍යම පන්තිකයෙකි. පියා සහ පුතා දැනට එකම නිවසක ජීවත් නොවුනත් ඔවුන් දෙදෙනා නිතරම මෙන් එකිනෙකා මුණ ගැසෙති. එහෙත් දෙදෙනා අතර කතාබහේ දී තහනම් මාතෘකාවක් වෙයි. එනම්, රජපවුල ගැන කතා කිරීමයි.
”තාත්තයි -මමයි රජපවුල ගැන කතාකළොත් අනිවාර්යයෙන් ම එතැන වාදයක්. ඒ වාදය ඉවරවෙන්නේ අපි දෙන්නාගේ එදා දවසම විනාශ වෙලා.”
”එක දවසක් අපි දෙන්නා කාර් එකේ යමින් සිටියදී මම රජපවුල විවේචනය කළා. අන්තිමේ දී ඒක වාදයක් බවට හැරුනා. මගේ තාත්තා අදහන හැටියට රජතුමා කියන්නේ ස්පර්ශ නොකළ යුතු වස්තුවක්! මම තාත්තගෙන් ඇහුවා ”ඒ ඇයි?” කියල. තාත්තගේ උත්තරේ වුනේ, ඒක තේරුම්ගන්න තරම් මම පොඩි වැඩියි කියලයි. තාත්තට හොඳටම තරහ ගියා. ඔහු කතාව නතර කළා.”
විරෝධාකල්ප තහංචියක්
එහෙත් තායිලන්තයේ බොහෝ පවුල්වල සාමාජිකයෝ රජ පවුල ගැන මුහුණට මුහුණලා වාද විවාදවල නිරතවීමෙන් වැළකී සිටිති. එපමණක් නොව, බොහෝ දෙනා රජ පවුල ගැන සමාජ මාධ්‍ය ජාලය තුළත් අදහස් දැක්වීමෙන් වැළකී සිටීමට තීන්දු කර ඇත. රජ පවුලට අදාළ සංවාදය අතිශයින් උග‍්‍ර අවස්ථාවක් කරා පැමිණ ඇත.
එක් සරසවි ශිෂ්‍යාවක් ‘ෆෙස්බුක්‘ වෙබ් අඩවියේ දැන්වීමක් පළකරමින්, සිය රාජාණ්ඩු විරෝධී මතවාදයට එරෙහිව තමාට එරෙහිව නඩු පැවරීමට තමාගේම පියා අදහස් කරන බව හෙළිදරව් කරනු ලැබීමෙන් අනතුරුව, එම පියා සිය දියණිය කෙරෙහි ප‍්‍රතිචාරය දක්වන ලද්දේ ”ඔහුගේ වාසගම තවදුරටත් පාවිච්චි කිරීමට සිය සිය දියණියට අවසර නොදෙන” බවට අනතුරු අඟවමිනි.
මෙහි මුලින් සඳහන් කළ නීති ශිෂ්‍ය ඩනායි (ෘ්බ්ස* රජ පවුල සම්බන්ධයෙන් සිය පියාගේ මතයට අභියෝග කරන ලද්දේ ඔහු 17 වෙනි වියේ පසුවෙද්දීය.
”අපි හිටියේ සිනමා ශාලාවක,චිත‍්‍රපටය ආරම්භ වෙන්න කලින් සුපුරුදු පරිදි රාජකීය ජාතික ගීය වාදනය වෙන්න පටන්ගත්තා. රජ්ජුරුවන්ට කරන ගෞරවයක් හැටියට ඔක්කෝම මිනිස්සු ආසනවලින් නැගිට්ටා. ඒත් මට එවැන්නක් අවශ්‍ය කළේ නැහැ. මම දිගටම වාඩිවෙලා හිටිය. තාත්තා මා දිහා බැල්මක් හෙළුව. ඔහු ඒ බැල්මෙන් කියා සිටියේ මටත් නැගිටින්න කියලයි. ඒත් මම ගණන්ගත්තෙ නැහැ. ඊළඟට අනිත් මිනිස්සු අපි දිහා බලන්න පටන්ගත්ත. එතකොට මම නැගිට්ටා.”
තායිලන්ත නීතිය අනුව රාජකීය ජාතික ගීය වාදනය වෙද්දී නැගී සිටීම ප‍්‍රතික්ෂේප කරනු ලැබීම නීතිය උල්ලංඝනය කිරීමකි.
ඓතිහාසික සම්ප‍්‍රදායක්
රජතුමාට ආදරය කරනු ලැබීම සහ ගරු බුහුමන් දැක්වීම එසේම තායිලන්ත ජනතාවට උපතේ පටන් ප‍්‍රගුණ කරනු ලබන චාරිත‍්‍රයකි.
අනිත් අතින්, රජතුමාට එරෙහිව වචනයක් කීම බරපතල ප‍්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවෙන වරදක් වන බවට ඒ සමඟ බියක් ද ඇති කරවයි. ”සිනාවෙන් පිරුන දේශය” (ඛ්බා දෙ ීපසකැි* යන ඊනියා යෙදුමෙන් හඳුන්වනු ලබන තායිලන්තය රජතුමාට අවමන් කරනු ලැබීම ”සාපරාධී වරදක් ලෙස නීතිගත කරනු ලැබ ඇති” රටවල් අතලොස්සට ඇතුළත් වෙයි. තායිලන්ත දණ්ඩනීති සංග‍්‍රහය අනුව රජතුමා, බිසව හෝ ඔටුන්න හිමි කුමරා හෝ කුමරිය විවේචනය කරනු ලැබීම නීතියෙන් දඬුවම් ලැබිය හැකි වරදකි. එම නීතිය උල්ලංඝනය කරන තැනැත්තෙක් වසර පහළොවක සිර දඬුවමකට යටත් කරනු ලැබීමේ අනතුරක් පවතී.
කෙසේවුවද,ඩනායි (ෘ්බ්ස* සිනමාශාලාවන්හි රාජකීය ජාතික ගීය වාදනය කෙරෙද්දී දැන් නැගී සිටින්නේ නැත.
පසුගිය ජූලි මාසයේ පටන් තායිලන්ත ශිෂ්‍ය ව්‍යාපාරය රජපවුලට අදාළ ප‍්‍රතිසංස්කරණ ඉල්ලා සිටිමින් වීදි බැස සිටිති. ඔවුන්ගේ ඉල්ලීම වන්නේ රජතුමා සතු අසීමිත බලය සීමා කරන ලෙස සහ රජපවුල නඩත්තුවට යොදවන ජාතික ධනය කප්පාදු කරන ලෙසය. එම ඉල්ලීම් ලෝකයේ වෙනත් රටවල ජනතාවට වැදගැම්මක් නැති දෙයක් ලෙස පෙනීයාමට ඉඩකඩ ඇත. එහෙත් නූතන තායිලන්ත ඉතිහාසයේ කිසිවකු රාජ්‍යත්වයට එරෙහිව ප‍්‍රසිද්ධියේ අභියෝග කර නැත.
තායිලන්තයේ දැනට පැතිරයමින් පවතින එම ශිෂ්‍ය උද්ඝෝෂණ ‘ඩනායි‘ගේ පියා ‘පැකොර්න්‘ බොහෝ තායි ජාතිකයන් තුළ තිගැස්මක් ඇති කිරීමට හේතු වී ඇත
”මම උපන්නේ ‘රාමා ෂඞ‘ පාලන කාලයේ. රාමා රජතුමා තමාගේ දරුවන්ටත් වඩා රටේ ජනතාවට වැඩ කළා. රාමා රජතුමා රෝගී වූ මොහොතේ මගේ ආයුෂත් එතුමාට දී මෙලොවින් සමුගන්න තරම් සූදානමකිනුයි මම හිටියේ. ඒත් මගේ පුතා වගේ දැන් හැදෙන පරම්පරාවේ දරුවන්ට කිසිම අත්දැකීමක් නැහැ.”
අළුත් රජ කෙනෙක්
මෙයින් වසර කීපයකට ඉහත තායිලන්ත සමාජයේ පැවතුනේ මෙවැනි පරම්පරා ගැටුමක් මතුවීමක් ගැන සිතාගැනීමටවත් නොහැකි තත්වයකි. එහෙත් මහාචිරාලොන්ගෝන් රජතුමා (ණසබට ඵ්ය් ඪ්වසර්කදබටනදරබ* සිහසුනට පත්වීමත් සමඟ සියල්ල වෙනස් වීමට ලක්විය.
අළුත් රජතුමා ප‍්‍රසිද්ධියේ පෙනී සිටියේ කලාතුරකිනි. ඔහු වැඩි කාලයක් ජීවත්වන්නේ ජර්මනියේය. රට කොරෝනා වසංගතයට ගොදුරුව සිටියදීත් රජතුමා විදේශයක කල්ගෙවයි.
බැංකොක් නගරයේ ස්ථානගත කරනු ලැබ ඇති සියළු හමුදා සේනාංකයන්ට අණදීමේ බලය තමා අතට ගැනීමට රජතුමා විසින් තීන්දුකරනු ලැබීම පසුගියදා ප‍්‍රශ්න මතුකිරීමට හේතුවිය. යුද හමුදා බලය රජතුමා අත කේන්ද්‍රගත කරනු ලැබීම නූතන තායිලන්තයට අලූත් අත්දැකීමක් විය.
එපමණක් නොව, රජතුමාගේ පෞද්ගලික ජීවිත පැවැත්මත් බෙහෙවින් කතාබහට ලක්වෙයි. හතර වතාවක් විවාහ වී ඇති නව රජතුමා ඊට අමතරව තවත් බොහෝ කාන්තා ආශ‍්‍රයන් පවත්වන බවට ද අදහස් පැතිර යයි.
එහෙත් මහා වචිරාලොන්ගෝන් රජතුමාට සාපේක්ෂව ඔහුට පෙර සිටි රාමා ෂඞ රජතුමා බොහෝ තායි ජාතිකයන් විසින් සලකනු ලබන්නේ අර්ධ දේවත්වයෙනි. රජතුමා මහජනයා ඉදිරියේ පෙනී සිටි ඕනෑම අවස්ථාවක බිම දිගාවී ඔහු වන්දනාමාන කළ ජනතාව තමන් හඳුන්වා ගන්නා ලද්දේ ”රජතුමාගේ පයෙහි ¥විලි” හැටියටය.
‘පැකොර්න්‘ රාමා ෂඞ රජතුමා පෞද්ගලිකවම දෙවතාවක් දැක ඇත.
”එක වතාවක් මම මගේ කාර්එකෙන් ගමනක් යමින් ඉන්නකොට රජ්ජුරුවොත් කාර් එකක් එළවගෙන අනිත් පැත්තට යමින් සිටියා. ආරක්ෂක පිරිවරක් නැහැ. සයිරන් නලා නැහැ. අපි දෙන්නගෙ කාර්දෙක දෙපැත්තට මාරුවෙනකොට මගෙයි -රජ්ජුරුවන්ගෙයි ඇස් එකට හමුවුනා. ඒ එක්ක මට ඇතිවුණේ තිගැස්මක්! මම හිතන්නේ රජතුමාට අනිත් මිනිස්සු වගේ සාමාන්‍ය ජීවිතයක් ගතකරන්න උවමනාවක් තිබුන කියලයි. රජතුමා තුළ විශේෂ තේජසක් තියෙන බව මට දැනුනා. රජතුමාගේ දර්ශනය හරිම සුවිශේෂයි.”
අතීතය ප‍්‍රශ්න කිරීම
එහෙත් ‘ඩනායි‘ (ෘ්බ්ස* සිය පියාගේ හැඟීම් තේරුම් නොගනියි.
”මගේ පියා රාජ භක්තියෙන් අන්ධවෙලා ඉන්නේ. ඔහුට කතාකරන එකෙන් තේරුමක් නැහැ. එය හරියට බිත්තියකට කතා කරනවට සමානයි. ඔහු ඇහුන්කන් දෙන්නේ නැහැ,” ඩනායි (ෘ්බ්ස* පවසයි.
රජු කෙරෙහි පියා සහ පුතා අතර පවතින විසංවාදය ඔවුන්ගේ පිය-පුතු සම්බන්ධයත් අමිහිරි කිරීමට හේතුවී ඇත. එය තායි සමාජයේ පරම්පරා ගැටුම සංකේතවත් කරයි.
මෙම ග‍්‍රීෂ්ම සමයෙහි ශිෂ්‍ය විරෝධතා ව්‍යාපාර කරලියට පැමිණීමත් සමඟ තායිලන්ත සමාජයේ පවුල් අභ්‍යන්තර බෙදීම් තීව‍්‍ර වෙමින් පවතී. රජ පදවිය කෙරෙහි දක්වන විසංවාදී ආකල්ප හේතුවෙන් දරුවන් සහ දෙමව්පියන්ද, සහෝදරයන් සහ සහෝදරියන් ද, නැන්දලා සහ බෑණා හෝ ලේලීන් ද එකම පවුල තුළ පිටස්තරයන් බවට පත්ව ඇත. තායි සමාජයේ තරුණ පරපුර රාජ්‍යත්වය සහ එමගින් නියෝජනය කෙරෙන සියල්ල ප‍්‍රශ්න කරති. මෙකී තත්වය බොහෝ දුරදිග යාමට ඉඩකඩ ඇති අභ්‍යන්තර අරගලයක ආරම්භය පමණක් බවක් ද පෙනීයයි.
(අදාළ පුද්ගලයන්ගේ අනන්‍යතාව ආරක්ෂාකිරීම සඳහා මෙහි යොදා ඇත්තේ සැබෑ නම්ගම් නොවේ*

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත.