Cosmic Vision

January 5, 2018 in විශේෂාංග

maxresdefault

අප දෙසැම්බර් කලාපයෙන් සාකච්ඡුා කළ පරිදි ත‍්‍රිමානයට හා රේඛීය කාලය නමැති යථාර්ථයට අභියෝග වන සංසිද්ධීන් ලෝකය තුළ 2016 සහ 2017 ට වඩා 2018 වසරේ අධිකව දැකගත හැකිවනු ඇත. මෙයට මුහුණ දීමට ඇති කාර්යක්ෂම ක‍්‍රමය නම් එම සංසිද්ධිවලට බිය වීම හෝ ඉන් පලා යාම නොවේ. මනසට ආදේශයක් ලෙස වර්තමාන මොහොත පිළිබඳ අවබෝධාත්මක දැනුමක් ලබාගැනීමට යොමුවීමයි. මේ තුළ ත‍්‍රිමානයට ඔබ්බෙන් ඇති සිව්වන මානය සහ පස්වන මානය ස්පර්ශ කිරීම මෙන්ම ඒ හරහා තමා තුළ ගොඩනැගෙන බිය, අවිනිශ්චිත භාවය, අනාගතය පිළිබඳ සැක සහිත භාවය වෙනුවට මොහොතින් මොහොත වර්තමානයේ ජීවත් වන අතරම අනාගතයට සුදුසු තීරණ, වර්තමානයේ ජීවත් වීම හරහා ගැනීමේ අවස්ථාව ලැබෙනවා ඇත. 2018 වසරෙන් ඔබ්බට ත‍්‍රිමානයේ ක‍්‍රියාත්මක වන දේශපාලනය, සමාජ සංවිධාන, සංස්කෘතික සංවිධාන, සෞඛ්‍ය පිළිබඳව අපේ සම්මත දැනුම, පෘථිවිය පිළිබඳ අපේ සම්මත දැනුම, දේශගුණය පිළිබඳ දැනුම මෙන්ම විශ්වය පිළිබඳ අපේ සම්මත දැනුම පුපුරා යන ස්වරූපයේ අභියෝගාත්මක තර්ජන එල්ල වනු ඇත. ඊට හේතුව අප මෙතෙක් ගවේෂණය නොකළ නොදැන සිටි ශක්ති පද්ධතීන් අප ජීවත් වන විශ්වයේ පෘථිවිය අයත් වන ප‍්‍රදේශය වෙත ළඟා වීමයි. මෙම පරිවර්තනයේ වැදගත්ම ධනාත්මක ලක්ෂණයක් නම් වර්තමානයට විවෘත ව ජීවත්වන පුද්ගලයාට වර්තමානයට සහ අනාගතයට අයත් තීරණ සහ තේරුම් කිරීම් සඳහා අවශ්‍ය දැනුම සපයන අසීමිත විඥානයක් ද ඒ සමඟම විවෘත වීමයි. මෙම විඥානයන් තුළ සිහින මගින් එන දැනුම සහ, අධිමානසික හැකියාවන්, අධිමානසික සන්නිවේදන දොරටු විවෘත වීමයි. සංවේදී පුද්ගලයන් හට තමන් මෛති‍්‍රයට විවෘත වන තරමට ඊට ගැළපෙන සේවාවක් ලෝකයට දීමේ අවස්ථා සපයන දොරටු වෙත යොමුවීම ද සිදුවනවා ඇත. මෙයට කලින් සඳහන් කළ පරිදි ඇතිවිය යුතු සූදානම නම් වර්තමානය තුළ ජීවත්වීමට (වර්තමාන මොහොත දැනගැනීමට* අදාල හැකියාවන් ප‍්‍රගුණ යයි. බෞද්ධ විපස්සනා භාවනාවේ තම තමන්ට සුදුසු පුහුණුව මානසික පර්යේෂණ සහ ගවේෂණ ප‍්‍රායෝගික මට්ටම තුළ දියත් කිරීම එයට විශාල ආධාරකයක් වනු ඇත.
රචනය- සම්පත් දිසානායක

Share Button