නෙරපූ රජ: ශ‍්‍රී වික‍්‍රම ප‍්‍රත්‍යවලෝකනය

December 30, 2017 in විශේෂාංග

36333319

හරිනි අමරසූරිය
නෙරසූ රජ කෘතියේ මහාචාර්ය ඔබේසේකර ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ පිළිබඳව පවතින පොදු පිළිගැනීම විචාරශීලිව විමර්ශනයට ලක් කරයි. අප බොහෝ දෙනෙක් දන්නා පරිදී ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ කෘර සහ අත්තනෝමතික පාලකයෙක් ලෙස පොදුවේ පිළිගැනීමට ලක්ව ඇත. රජු පාවාදුන් කන්ද උඩරට රදළයන් බොහෝ දෙනෙක් රජුගේ කෲරත්වයෙන් යන එන මං නැති කැනට තල්ලූ වී ගොස්, නොඉවසිලිවන්ත බවින් යුත් රජෙක් නෙරපා හැරීමට, බි‍්‍රතාන්‍යන්ට සහය දීමට බල කරන තැනට පත් වූ බව පෙනේ. කන්ද උඩරට අවසාන රජු ගැන අප දත් දේ සහ ශි‍්‍ර වික‍්‍රම රාජසිංහ පිළිබඳ බොහෝ ශාස්තී‍්‍රය කෘති මෙන්ම සැබැවින්ම කන්ද උඩරට රාජධානියේ අවසාන දින කිහිපය ප‍්‍රධාන කොටම පදනම් වූයේ ජෝන් ඩොයිලිගේ දින පොතේ අර්ථකථන සහ උඩරට රාජධානියේ අවසන් දින පිළිබඳ වෙනත් යටත් විජිත විස්තර මතය.
එවැනි ආකාරයේ දැනුම විචාරශීලිව විමර්ශනය කරමින් මහාචාර්ය ඔබේසේකර වැදගත් ක‍්‍රමවේදී ප‍්‍රයෝගයක් මතු කරයි: අප අතීතය පිළිබඳ දැන ගන්නේ කෙසේද? ඉතිහාසය ලියවෙන්නේ කෙසේද? ඔහු ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ පිළිබඳ ජනපි‍්‍රය ආඛ්‍යානවල අන්තර්ගත විසංගතාවන් සහ ප‍්‍රතිවිරෝධයන් පෙන්වා දෙන අතර ඉතිහාසය ලිවීමේදී යටත්විජිත මූලාශ‍්‍ර මත මූලික වශයෙන් විශ්වාසය තැබීමේ සීමාවන් බාරදුර ලෙස උද්දීපනය කර දක්වයි. ඔහු පෙන්වා දෙන්නේ අතීතය ගොඩනැංවීම සම්බන්ධයෙන් සුවිශේෂ මූලාශ‍්‍ර මත අධි විස්වාශය තැබීමෙන්, මූලාශ‍්‍රයම සුවිශේෂ සමාජ සහ දේශපාලන සංදර්භයක් තුළ වටහා ගැනීමේ අවශ්‍යතාව නොසලකා, සිදුවීම් සත්‍ය හා ඓතිහාසික ලෙස ඉදිරිපත් වන ආකාරයයි. මහාචාර්ය ඔබේසේකර ඩොයිලි තම විස්තර ලිවීමට පදනම් කරගත් තොරතුරු වල මූලාශ‍්‍ර මෙන්ම විවිධ වෙනත් මූලාශ‍්‍ර විමර්ශනය කරන්නේ ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ කෲර, අත්තනෝමතික, ජනපි‍්‍රය නොවන පාලකයෙක්ය යන සුවිශේෂ ප‍්‍රතිරූපය නිමැවීමට යොදා ගත් මෙම මූලාශ‍්‍ර ප‍්‍රවේශමෙන් සළකා බැලිය යුතු බවට ඒත්තු ගන්වන සුළු තර්කයක් ගෙනහැර දැක්වීමටය. එනම් මෙම මූලාශ‍්‍රම අපක්ෂපාතී නොවන අතර රජු පිළිබඳ මෙම ප‍්‍රතිරූපය ගොඩනැංවීමේ ලා නිසැකවම හවුල් වී ඇත. රජු පිළිබඳ මෙම සුවිශේෂ ප‍්‍රතිරූපය, වෙසෙසින්ම ප‍්‍රාදේශීය රදළයන් සහ ජනයා සමග ඔහුගේ සම්බන්ධතාවය පුළුල් බි‍්‍රතාන්‍ය අධිරාජ්‍ය ව්‍යාපෘතිය යුක්ති සහගතකරණයට දායක වූ ආකාරය ඔහු සාකච්ඡුා කරයි. වෙනත් වචන වලින් පවසන්නේ නම් ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ පිළිබඳ ජනප‍්‍රිය ආඛ්‍යාන, බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යය ව්‍යාප්ත කිරීම උදෙසා ඔවුහු හුදෙක් ආක‍්‍රමණයක් කර නිත්‍යානුකූල රජෙක් නෙරපා හැරියාට වඩා කෲර අත්තනෝමතික පාලකයෙක් යටතේ කන්ද උඩරට ජනයා අත්විඳි පීඩාවන්ට එරෙහිව එසේ කළෝය යන අදහස් ගොඩනැංවීමට උපකාරී වේ.
එවිට මහාචාර්ය ඔබේසේකර ජනතාව අවසානයේ දී පිළිකෙව් කළ කෲර අත්තනෝමතික ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ පිළිබඳ මෙම පිළිගත් දෘෂ්ටිය සංකීර්ණ බවට පත් කරන වෙනත් ලියකියවිලි සාකච්ඡුාවට ගනී. ඔහු මෙවැනි විවිධ මූලාශ‍්‍ර සලකා බලන්නේ කන්ද උඩරට රදළයන් අතරම වූ එදිරිවාදීකම් මෙන්ම කන්ද උඩරට රාජධානිය අත්පත් කර ගැනීමට ඇහැලාගෙන සිටි බි‍්‍රතාන්‍ය වෙරළබඩ පාලනය උද්ගත කළ කුමන්ත‍්‍රණවල බලපෑම හමුවේ ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ ශක්තිමත්, දක්ෂ මෙන්ම ¥රදර්ශී නායකයෙක් ලෙස ගත් විකල්ප දෘෂ්ටියක් ගෙනහැර දැක්වීමටය. අනුකම්පා විරහිත බව, කෲරත්වය, ඔහු සම්බන්ධයෙන් සැණෙන් සිහියට නැගෙන රජු තම සතුරන්ට නියම කළ දඩුවම් (මෙම කෘතියෙහි සිහිපත් කරන ආකාරයට මහාචාර්ය ඔබේසේකර මේ පිළිබඳ විස්තර ප‍්‍රශ්න කරයි.* දේශද්‍රෝහිත්වය සම්බන්ධයෙන් එම යුගයේ පිළිගත් නීති හා සම්ප‍්‍රදායන්ට අනුව සිදුකර ඇත. මෙම ක‍්‍රම එවකට යුරෝපයේ මේ හා සමාන තත්වයන් හා සම්බන්ධයෙන් පැවති ආකාරයේ නීති හා සම්ප‍්‍රදායන්ට වඩා වැඩියෙන් සාහසික නොවන බව අපට සිහිපත් කර දෙයි.
ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ වඩාත් ප‍්‍රසිද්ධියට පත් වන ඇහැළේපොල පවුල සාහසික ලෙස මරණ දඬුවමට ලක් කිරීම පිළිබඳව ඔබේසේකර සවිස්තරාත්මකව සාකච්ජා කරයි. මෙම මරණ දඬුවම පිළිබඳ විස්තර ප‍්‍රධාන වශයෙන් පදනම් වන්නේ එවකට රටේ පවා නොසිටි බි‍්‍රතාන්‍ය හමුදා සැරයන්වරයෙකු වූ ජෝන් ඬේවිගේ ලේඛන මතය. ඬේවි ශ‍්‍රී ලංකාවට පැමිණියේ 1816දී වන අතර ඔහු විස්තර කරන සිදුවීම් සිදුවූයේ 1814 සිට 1815 දක්වාය. ඬේවි මෙම මරණ දඬුවම පිළිබඳ කතාන්තරය විස්තර කිරීමේදී විශ්වාසය තැබුවේ වෙනත් මූලාශ‍්‍ර මතය.නමුත් මහාචාර්ය ඔබේසේකර පෙන්වා දෙන්නේ ඬේවි සඳහන් නොකරන වෙනත් විස්තරවල එනම් උග‍්‍ර දෙමළ විරෝධී සහ රාජසිංහ විවේචක වුවත්, ඇහැළේපොල වර්ණනාව සහ කිරල සංදේශය වැනි මෙම සිදුවීම් ගැන ඇති වෙසෙසින්ම සිංහල විස්තරවල ඇහැළේපොල පවුල මරණ දඬුවමට ලක් කිරීම පිළිබඳ සඳහන් නොවන බවය. මෙහිදී වැදගත් වන දෙය නම් ජෝන් ඬේවි සපයන කොරතුරු වල සත්‍යතාව ඉතිහාසඥයන් සහ ශාස්ත‍්‍රඥයන් ප‍්‍රශ්න කිරීමකින් තොරව බාරගත් ආකාරයත් ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ පිළිබඳ පොදු පිළිගැනීමක් බවට බවට පත්වීමත්ය. ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ සහ අවසාන කන්ද උඩරට රාඡුධානිය පිළිබඳ විවිධ විස්තර සලකා බලන මහාචාර්ය ඔබේසේකර මෙවැනි විවිධ පිටපත් යටත් විජිත දේශපාලන ව්‍යාපෘතීන්ගේ බලපෑමට ලක්වූ තරම පෙන්වා දෙයි. නිදර්ශනයක් ලෙස බි‍්‍රතාන්‍ය විස්තර සැලකිල්ලක් දැක්වූයේ නීත්‍යානුකූල ස්වෛරී රජෙක් නෙරපීම සඳහාත්, විදෙස් රාජධානියක බි‍්‍රතාන්‍ය පාලනය ස්ථාපිත කිරීම සඳහාත් ආවරණයක් ගෙන හැර දැක්වීම් කෙරෙහිය. එම යුගයේ සිංහල විස්තරවලට බලපෑවේ රජු නෙරපීම ඉටු කර ගැනීමෙන් තම ස්වාර්ථය පැතු කන්ද උඩරට විවිධ පවුල් සහ රදළ කණ්ඩායම්වලට තිබූ පක්ෂපාතකම මත පදනම්ව සිදුවූ දෙය පිළිබඳ පිටපත් ගෙන හැර දැක්වීමේ අවශ්‍යතාවයයි. කන්ද උඩරට රදළයන් රජු කෙරේ දැක්වූ විරෝධයට සහ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍ය ව්‍යාපෘතියට දැක්වූ රහස් සහයෝගයට බලපෑවේ බි‍්‍රතාන්‍ය කිරීටය යටතේ පාලනය වූ වෙරළබඩ පළාත් සහ උඩරට රාජධානිය අතර වූ වෙළඳ තහංචි සහ එදිරිවාදිකම් වල ප‍්‍රතිපලයක් වශයෙන් උඩරට රාජධානියට අහිමි වූ භාණ්ඩ ලබා ගැනීමේ සහ වෙළඳාමෙන් වාසි ලැබීමේ අභිරුචිය බව පෙන්වීමට මහාචාර්ය ඔබේසේකර සාක්ෂි සපයයි.
සිදුවීම් පිළිබඳ සවිස්තර පිටපත් වලින් සුවිශේෂ පර්යාවලෝකයන් පෙන්නුම් කිරීමට හැකිය යන අදහස අරුමයක් නොවන බව නොකිවමනාය. ඒ කෙසේ වූවත් මේ නම් විකල්ප තතු වල සමයයි. විමතියට කරුණ නම් (මෙම කෘතිය ඒ සා වැදගත් වන්නේ ද ඒ නිසාය.* විචාරාත්මක සිහිනුවණකින් තොරව කොපමණ වතාවක් ඉතිහාසයන් ලියනු ලැබ සම්පේ‍්‍රෂණය කරන්නේ ද, වර්තමානයේ ජනයා ප‍්‍රජාවන් සහ සිදුවීම් පිළිබඳ අපගේ අර්ථකථනවලට එය කොතරම් බලපාන්නේද යන්නයි. මහාචාර්ය ගණනාථ ඔබේසේකර සඳහන් කරන ආකාරයට යටත් විජිත මෙන්ම වෙනත් ශාස්ත‍්‍රඥයන් සහ ලේඛකයන්ගෙන් ශී‍්‍ර වික‍්‍රම රාජසිංහ ලැබු දෝෂ දර්ශනය නායක්කර්වරු, ඔවුන්ගේ දෙමළ පෙළපත (එයම සදොස්ය.* පිළිබඳ, පරදේශී නායක්කර්වරුන්ගේ වියවුල් පාලනයෙන් බිඳ දැමූ සිංහල පාලනයේ ඒකත්වය සුරැුකි තෝතැන්නවන් සිංහල ජාතියේ කෘර ආක‍්‍රමණිකයන් සහ සතුරන් වූ දෙමළුන් පිළිබඳ පුළුල් ආඛ්‍යානයකටත්, යුක්ති සහගත රජෙකුට එරෙහිව බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යවාදීන් සමග සහයෝගයෙන් කටයුතු කරන සහ බි‍්‍රතාන්‍ය පාලනයේ ලේ හැලීම් සහ හිංසනය යටපත් කිරීමට තැත්් කරන කන්ද උඩරට රදළයන්ගේ දෙපිටකාට්ටුකම සහ එම නිසාම ද්‍රෝහිත්වය සාපේක්ෂව අවිචාරවත් ලෙස පිළිගැනීමටත් පසුබිමක් නිර්මාණය කළේය. අප ශී‍්‍ර වික‍්‍රම රාජසිංහගේ කෲරත්වය, ම්ලේච්ඡුත්වය සහ වනචාරිත්වය සම්බන්ධයෙන් යටත් විජිත ලේඛකයන් සහ පරිපාලකයන්ගේ විස්තර ප‍්‍රශ්න කිරීමකින් තොරව බාර ගන්නා විට, අපි බි‍්‍රතාන්‍ය බලය රට පුරා ව්‍යාප්ත කිරීමේ ප‍්‍රචණඩත්වය සුළු කොට තැකීමේ ප‍්‍රයත්නය ද බාර ගනිමු. නිදර්ශනයක් වශයෙන්, 1818 කැරැුල්ල හමුවේ බි‍්‍රතාන්‍යන්ගේ කෲර ප‍්‍රතික‍්‍රියාව ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ පිළිබඳ ඊනියා අතිශයෝක්තිය තරම් බිහිසුණු ලෙස ඉතිහාසය තුළ සිහිපත් කෙරෙන්නේ නැත.
මෙම කෘතිය චරපුරුෂයෙක් ලෙස ඩොයිලිගේ භූමිකාව, බෞද්ධ භික්ෂුන් ද ඇතුළත් ඔහුගේ ප‍්‍රාදේශීය සහායකයන්, කන්ද උඩරට රදළයන් සහ බි‍්‍රතාන්‍ය පරිපාලනය අතර සහයෝගීත්වයට මග පෑ¥ මූල්‍යමය ලාභය සහ බි‍්‍රතාන්‍ය අධිරාජ්‍ය ව්‍යාපෘතිය චිරස්ථායි කළ ප‍්‍රවණ්ඩත්වය සහ කෘරත්වය පිළිබඳ කොතරම් අප‍්‍රකාශිත ද යන්න හෙළි කරයි. මෙම පර්යාවලෝකය වැදගත් වන්නේ යටත් විජිත බලය සහ යටත් විජිත වාදය කොතරම් පිරිහෙමින් පැවති දෙයක් ද යන්න හුදෙක් පෙන්වන නිසාම නොව ඉතිහාසය පිළිබඳ අර්ථකථන යටත් විජිත වැසියාම පිළිබඳ සංකීර්ණ සහ අපහසු පැති ස`ගවන්නේ කෙසේද යන්න පෙන්වන නිසාය.
මේ සම්බන්ධයෙන් සුළු නිදර්ශනයක් සෑහේ. සිංහලයාගේ ජාතික කොඩිය යැයි කියන දේ පිළිබඳ පුරාණෝක්ති මාදිලිය වශයෙන් මහාචාර්ය ඔබේසේකර විග‍්‍රහ කරන දේ හා මෙය බැඳේ. මෙම පුරාණෝක්ති මාදිලිය අනුව සිංහ ධජය සිංහල රජවරු විසින් භාවිතා කළ ජාතික ධජයක් ලෙස හඳුනාගෙන ඇති අතර වාරියපොල සුමංගල හිමියන් විසින් 1815 දී බි‍්‍රතාන්‍යයන් ඉදිරිපිට දී ම බි‍්‍රතාන්‍ය ධජය පාගා දැමීමෙන් අනතුරුව ඔසවන ලදි. මහාචාර්ය ඔබේසේකර මෙම සමස්ථ සිදුවීම පිළිබඳව සැක පහල කරන අතර ජාතියේ ආරම්භයේ පටන්ම සිංහ ධජය සිංහලයන්ගේ ජාතික ධජය වීම පිළිබඳ අදහස පදනම් විරහිත වන්නේ කෙසේදැයි ඉතා වැදගත් ලෙස පෙන්වා දෙයි.
පොදු පිළිගැනීම පසෙක තිබියදී එවැනි කොඩියක් පිළිබඳ කිසි විස්තරයක් මහාවංසයේ හෝ චූලවංසයේ හෝ කිසි සංදේශ කාව්‍යයක හෝ නැත. සිංහයාගේ සංකේතවත් බව නිසැකවම සිංහල පුරාණෝක්තිවේදය තුළ වැදගත් වන අතර රජවරු බොහෝ විට සිංහයන්ට සැසඳුනි. (මහාචාර්ය ඔබේසේකරට අනුව සිංහයන්ගෙන් පැවත එන බව කියා පාන සිංහල රජවරු පිළිබඳ වාර්තා නැතත් සැබැවින්ම ඔවුහු හිරුගෙන් හෝ බාගදා සඳුගෙන් හෝ නැතහොත් මේ දෙකෙන්ම පැවත එන බව කියා පාති*. එමෙන්ම බොහෝ ස්ථානවල සිංහ ධජ තිබූ බව සැබෑවක් වූවත් එය ජාතික ධජයක් ලෙස පිළිගත්තේ ද යන්න ගැටළු සහගනය – ජාතියක් පිළිබඳ අදහස ද ඉතා මෑත බව අයෙක් සලකා බලන විට ද එය එසේය. සත් කෝරළයේ ධජයේ සිංහයෙක් සිටි නමුත් විහිදු නියෙන් කඩුවක් දරා සිටින සිංහයෙක් නම් නොවේ. එසේනම් කඩුවක් දරා සිටින සිංහයෙක් ගේ රූපය සිංහලයාගේ ජාතික ධජයක් බවට පිළිගන්නා තැනට වැටුනේ කෙසේද? මහාචාර්ය ඔබේසේකර තර්ක කරන්නේ කඩුවක් දරාගත් සිංහයා 1584 න් පසු එක්සත් නෙදර්ලන්ත ජනරජයේ රාජ්‍ය ලාංඡුනයෙන් ලැබුණු බවය. මෙම රූපය ලන්දේසීන් හා සබැඳි කොඩි සහ නිළ මුද්‍රා වල දැකිය හැකි අතර අද පවා ලන්දේසී බර්ගර් සංගමයේ දැකිය හැක. වෙරළ බඩ පළාත්වල සිංහල ජනයා මෙම ලන්දේසී සිංහයා පරිවර්තනයකට සහ දේශීයකරණයකට ලක් කර තම ප‍්‍රදේශ වල භාවිතා කළේය. බ‍්‍රවුන්රිග් ආණ්ඩුකාරවරයා සහ ඩොයිලී යන දෙදෙනාටම වෙරළබඩ පළාත්වල මෙම ධජය භාවිතය සුපුරුදු දෙයක් වූ නිසා බ‍්‍රවුන්රිග් 1815 උඩරට ගිවිසුම අත්සන් කිරීමේ දී මෙම ධජය යොදා ගත්තේය. කෙසේ නමුත් නුවර ප‍්‍රදේශ වල එවැනි ධජයක් පැවතුනේ නැක. එතෙකුදු වුවක්, ජනප‍්‍රිය පරිකල්පනය තුළ නියෙන් කඩුවක් දරාගත් සිංහයෙක් සහිත සිංහ ධජය අවසාන සිංහල රජුට සහ කන්ද උඩරට රාජධානියට හරයෙන් ඈඳා තිබේ.
ව්‍යාවස්ථා ප‍්‍රතිසංස්කරණයක් සඳහා මහජන අදහස් විමසීමේ දී මැතකදී ජාතික කොඩිය සම්බන්ධයෙන්, විශේෂයන්ම කඩුවක් දරන සිංහයෙකුගේ රුව වෙනස් කිරීම සම්බන්ධයෙන් මහජන මත ඉදිරිපත් කිරීම් කිහිපයක්ම තිබුණි. එම යෝජනා වලට ලැබුණු ප‍්‍රතිචාර වලින් කියැවුණේ එවැනි ක‍්‍රියාවක් මහත් සේ ජාතිය පාවාදීමක් වනු ඇති බවයි. එහෙත් අපි දකින ආකාරයට අප අගති විරහිතව ජාතිකත්වය පිළිබඳ මෙම සංකේතවල සම්භවය විමර්ශනය කරන්නේ නම්, බාහිර සහ විදේශීය බලපෑම් වලින් නොඉඳුල් සාමුහික ඒකත්වයේ දීර්ඝ සහ අඛණ්ඩ ඉතිහාසයක් පිළිබඳ අදහස බිඳ දමන සමහර අප‍්‍රසන්න පැතිවලට මුහුණ දීමට අපට සිදුවනු ඇත. මෙවැනි ස්වභාවයේ කෘතියක් මෙතරම් වැදගක් වන්නේ මෙම කරුණු නිසාය. ඉතිහාසය පිළිබඳ නිසි අධ්‍යයනය ඒ සා වැදගත් වන්නේ ඉන් අප වර්තමානයේ දී කවුරුන්ද යන්න සහ අප අපගේ අතීතයට ඇති සබැඳියාවන් පරිකල්පනය කරන්නේ සහ ගොඩනගන්නේ කෙසේද යන්න පිළිබඳ විවාද සහ සාකච්ඡුා වලට බලපෑමක් වන නිසාය.
පසුගිය දශක දෙක හෝ ඒ හා සමාන කාලය තුළ මහාචාර්ය ඔබේසේකරගේ මානවවංශ ඓතිහාසික කෘති, මානව විද්‍යා විෂය ක්ෂේත‍්‍රයට මෙන්ම ඉතිහාසයට ද වැදගක් ගැටළු මතු කර තිබේ. විශේෂයෙන්, මානව විද්‍යාව සම්බන්ධයෙන් සංවේදීවන එවැනි ගැටලූවක් නම් මානව විද්‍යා ඥානය විවිධ සංදර්භ අර්ථ දැක්වීමට සහ පැහැදිළි කිරීමට සුපුරුදු සහ පහසු සමුද්දේශ රාමු භාවිතා කරන විට පැන නැගිය හැකි වැරදි වැටහීම් සහ වැරදි සංජානනයන්ය. මානව විද්‍යාඥයන්ට ප‍්‍රාමාණිකව අනෙකා පිළිබඳව කතා කළ හැකිද? කාට කවුරුන් පිළිබඳ කතා කිරීමට අයිතිය තිබේද? මානව විද්‍යාඥයන් අවුරුදු ගණනක් තිස්සේ මේ පිළිබඳ වද වෙමින් සිටි අතර නුදුරු අනාගතයේත් එසේ වනු ඇතැයි මම අනුමාන කරමි. මහාචාර්ය ඔබේසේකරගේ කෘතිය තුළින් මතු කරන අනෙක් වැදගත් ගැටලූව නම් ඓතිහාසික කරුණු සමග ගණුදෙනු කරන්නේ කෙසේද යන්නයි. ඔහුට අනුව ඉතිහාසය නැවත ගොඩනැගීමේදී ඓතිහාසික කරුණු නිමැවෙන, සැඟවුණු න්‍යාය පත‍්‍ර හා සංදර්භය වටහා ගැනීම අත්‍යවශ්‍යය. එමගින් ප‍්‍රතිවිරුද්ධ දැනුම කියාපෑම විනිශ්චය කරන්නේ කෙසේද යන ගැටලූව ද මතු කරයි.
අනෙක් කෘතිවලදී මෙන් මෙම කෘතියේදී ඒ හා සමානව මහාචාර්ය ඔබේසේකර අනෙක් ශාස්ත‍්‍රඥයන් කළ කියාපෑම් ප‍්‍රශ්න කරයි. එවිට අප පාඨකයන් ලෙස හෝ ශාස්ත‍්‍රඥ ප‍්‍රජාවක් ලෙස හෝ මෙම විවිධ කියා පෑම් විනිශ්චය කරන්නේ කෙසේද? රොබට් බොරොස්කි 1997 දී ලියූ ලිපියක මහාචාර්ය ඔබේසේකරගේ කැප්ටන් ජේම්ස් කුක් පිළිබඳ කෘතිය පිළිබද අදහස් දක්වමින් පවසන්නේ,
”බුද්ධිමය ප‍්‍රාමාණිකභාවය ශාස්තී‍්‍රය ප‍්‍රකාශන තුළ නොව ශාස්ත‍්‍රඥයන් කාලය ඔස්සේ තම ශ‍්‍රාවකයන් සමග පවත්වන අන්තර් ක‍්‍රියා තුළ අන්තර්ගතය. එය සාමුහික සාකච්ඡුා තුළින් තහවුරු වන යමකි. එවැනි අන්තර් ක‍්‍රියා වලින් තොරව අපට කළ හැක්කේ විශ්්වසනීය (සහ නොවන* දේ පිළිබඳ අපගේ හැඟීම් මත බලාපොරොත්තු තබමින් අඳුරේ සියුරුවන් බෑම පමණි.” (264 පිටුව ක්‍දදනල ඛදබදල ධඉැහිැනැරු ්බා ී්ය්කසබි. – ඍදඉැරඑ ඊදරදෙිනහ ක්‍යසජ ්ටද න්‍දමරබ ්කි ඪදක 38ල බදග 2ල 1997*
විශ්ව විද්‍යාල තරාතිරම සහ කරඟකාරී ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ සහ තනතුරු වෙනුවෙන් ලිපි පල කිරීමේ සංස්කෘතිය රජයන යුගයේ අපගේ මතකයෙන් ගිලිහී යාමට ඇති දෙය මෙයය. එනම් ශාස්ත‍්‍රීය අන්තර් කි‍්‍රයා, සාකච්ඡුා, විවාදවල වැදගත් කමයි – තවද එවැනි ආකාරයේ සංස්කෘතියක් සහ පරිසරයක් ඇති කිරීමේ අවශ්‍යතාවයයි. මහාචාර්ය ඔබේසේකරගේ කෘතිය ඒ සා උද්දීපනය කර දක්වන දෙය මෙයයි. ඔහු සාකච්ඡුා, විවාද, සංවාද, සිතුවිලි සහ අදහස් උපදවයි. මාගේ සිතට වෙසෙසින් කාවැදුනු නෙරපූ රජ කෘතියේ උදෘතයකින් අවසන් කිරීමව මට ඉඩ දෙන්න.
”මානව විද්‍යා හා ඓතිහාසික කරුණු සම්බන්ධයෙන් ඇති සාක්ෂි බොහෝ විට පාරාන්ධය. විවර සහිතය. සිදුරු සහිතය. එමනිසා උගතුන් අතර එම විෂයන්ට අදාළ කරුණු ගැන වාද විවාද බහුලය. බොහෝ අවස්ථාවල අප සත්‍යය යැයි සිතා වැළඳ ගන්නා දෙව්දුව මායාකාරියකි. ඇයගේ ඉඟි බි`ගි මායම් සිත් වස`ග කරන සුළුය. වැළඳ ගත් පසුව වස`ග සිතින් ඇලි ගැලි සිටිනු මිස බැහැර කිරීමට සිත් නොදෙයි. (247 පිටුව නෙරපූ රජ – සිංහල පරිවර්තනය – එච්. ජී. දයාසිසිර*
මහාචාර්ය ගණනාථ ඔබේසේකරගේ ඔයැ ෘදදපැා ණසබටථ ් ඍැුමසැප දෙර ීරස ඪසනර්ප් ඍ්ව්ිසබය් කෘතිය දොරට වැඞීමේ උළෙලේ දී ආචාර්ය හරිනි අමරසූරිය කළ කතාවේ සිංහල පරිවර්තනය
පරිවර්තනය – දිමුත් සමන් වෙත්තසිංහ

Share Button