Cosmic Vision

June 4, 2017 in Uncategorized

Exploring_space

අපි Cosmic vision තීරුව යටතේ (2016-2024) පරිවර්තනය තුළ දී සමහරවිට මතුපිටින් පෙනෙන සෘනාත්මක ප‍්‍රවනතා පිටුපස පවතින ධනාත්මක බීජයන් හා එම ධනාත්මක බීජයන් වර්ධනයේ පුද්ගල හා සමාජ විඥානය ගොඩනැගීම පිළිබඳව උදාහරණ කීපයක් පසුගිය කලාපයේ සලකා බැලූවෙමු. මෙම කලාපය තුළින් තවත් උදාහරණ දෙකක් සලකා බලමු.
ඉන් පළමුවැන්න පෘථිවිය වටා පවතින චුම්භක ක්ෂේත‍්‍රයේ පරිවර්තනය, පෘථිවි තලයේ සිදුවන සමහර භූගර්හ පරිවර්තන හා පෘථිවි දේශගුණයේ සහ මුහුදේ සිදුවන පරිවර්තනයයි. (මේ පරිවර්තන සියල්ල ගෝලීය සහ පෘථිවියට අදාළ නක්ෂත‍්‍රයට ද බැඳී පවතී. *
මේ පරිවර්තනයක් ලෝකයේ යම් යම් කලාපවලට මුහුදු තීරු වලට ¥පත්වලට යම් යම් බලපෑම් ඇතිකිරීම් සිදුවීම ඉදිරි අවුරුදු 8 තුළ දී දැක ගත හැකි වනු ඇත. නමුත් ඒ හරහා අවතැන් වන ජනතාවට ලෝකයේ අනිත් කලාපවලට ඇතුළත්වීමේ හා සංක‍්‍රමණය වීමේ අවශ්‍යතා මතුවන විට ඊට ලෝකය පුරාම මානවවාදී ආයතන/ සංවිධාන බිහිවීම සමාජ විඥානයේ පරිවර්තනයන් හරහා සිදුවීම දැක ගත හැකිවනු ඇත. අපිට මතුපිටින් පෙනෙන දෙය නම් මැද පෙරදිග ත‍්‍රස්තවාදී ප‍්‍රවනතාවයන් නිසා දැනට විවෘත භාවයක් පෙන්වන ලෝකයේ රටවල් පවා සංක‍්‍රමණිකයින්ට බාධා/ අවහිරතා නීති ගැටලූ මතු කිරීමට ඉඩ කඩ ඇති බවයි. මේ බාධක ගැන සංස්ථාගත ජනමාධ්‍ය/ රූපවාහිනි මාධ්‍ය තොරක් නැතිව දිනපතා සාකච්ඡුා කරන විට සැබෑ ලෝකයේ ඊට වඩා වෙනස් මෛතී‍්‍ර සහගත, මානවවාදී ව්‍යාපාරයන් ඇති වී මෙම සංක‍්‍රමණිකයින්ගේ සියලූ ගැටලූවලට මැදිහත් වී ම ලෝකයේ පෙර නොවූ විරූ ‘මානව මිශ‍්‍ර වීම්‘ ඇති වීම ඇරඹෙනවා ඇත. ඊ ළඟ අවුරුදු 8 තුළ දී මතු පිටින් තිබෙන සම්ප‍්‍රදායික ආගමන /විගමන නීතිවල පැහැදිලි පරිවර්තනයක් මෙම ධනාත්මක මානව විඥානය හරහා සිදු කෙරෙනවා ඇත.
ඊ ළඟ උදාහරණය නම් දිගින් දිගටම ඍනාත්මක වාර්තා/ ලෝක විනාශය /ලෝක අර්බුද ,3 වන ලෝක යුද්ධය ගැන කථා කරන සංස්ථාගත ජනමාධ්‍යවලට වඩා ජනතාව වැඩි වැඩියෙන් ධනාත්මක ලක්ෂණවලින් යුත් විකල්ප රූපවාහිනි වැඩ සටහන්, බ්ලොග්, යූ ටියුබ් නාලිකා වැනි දේ පරිශීලනය ඇරඹෙනවා ඇත.
මේ ක‍්‍රමානුකූල පරිවර්තනය ඊළඟ අවුරුදු 8 තුළ දී ප‍්‍රබලව වැඩෙනවා ඇත. මේ නිසාම සංස්ථාගත ලෝක රූපවාහිනි නාලිකාවලට මෙම තර්ජනය තුළ පැවැත්මක් ඇති කර ගැනීමට නම් ක‍්‍රම ක‍්‍රමයෙන් මෙම ඇක්වේරියානු ධනාත්මක පරිවර්තනය හා ධනාත්මක විඥානය පිළිබඳව කථා කිරීමට සිදුවෙනවා ඇත. බෙදීම් ඇති කරන දේශපාලන කථා, යුද්ධ ප‍්‍රවනතා මනුෂ්‍ය විඥානයේ අවගුන සාකච්ඡුා කරන නාට්‍ය මාලා වැනි දේට ප‍්‍රතිපක්ෂව ලෝකයේ සිදුවන ධනාත්මක මානව පරිවර්තනය පිළිබඳ තොරතුරු, ඊට අදාළ විශේෂඥයින් පවත්වන සාකච්ඡුා මෙම පරිවර්තනය පිළිබඳ ගැඹුරු චිත‍්‍රපටි, නාට්‍ය මාලා වැනි දේ බිහිවන අතර ඒවා ප‍්‍රධාන ජනමාධ්‍යවලට ඇතුළුවනවා ඇත. ඉදිරි අවුරුදු කීපය තුළ දලයි ලාමා ප‍්‍රමුඛ සාකච්ඡුා, නව පෝප්තුමා ලෝකය පුරා දියත් කරන සමාජ සුබසාධන වැඩ පිළිවෙලවල් බටහිර විශ්වවිද්‍යාලවල නිපුණතා පිරි අතිදක්ෂ මෙන්ම පුන්‍යවන්ත ශිෂ්‍යයන් අපි‍්‍රකාවේ, දකුණු ඇමරිකාවේ සහ ආසියාවේ ආරම්භ කරමින් තිබෙන මූලික මානව අයිතීන් සහ අවශ්‍යතා සපුරාලන වැඩ පිළිවෙලවල් බටහිර විද්‍යා, වෛද්‍ය විද්‍යා හා ඉංජිනේරු විශේෂඥයින් ස්වේච්ඡුාවෙන් තුන්වන ලෝකයේ රටවල අරඹන නව ව්‍යාපෘති, ආසියාවේ අධ්‍යාත්මික පද්ධති, බටහිර ලෝකයට පැමිණීම සාකච්ඡුාමය වැඩසටහන් ආදිය ප‍්‍රධාන ජනමාධ්‍යවල ජනතාව වැඩියෙන්ම මාධ්‍ය පරිශීලනය කරන සන්ධ්‍යා පැයවල ප‍්‍රචාරය වීම් ක‍්‍රමානුකූලව ගොඩනැගෙනවා ඇත.
සම්පත් දිසානායක

Share Button