සිරි ගුනසිංහ: යුගයක් එලිය කල මහා වියතා

June 3, 2017 in කතූවැකිය

siri

සිය දහඩිය මහන්සියෙන් දෙමව්පියන් විසින් හරි හම්බු කල ධනය වැය කොට ඔවුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කෙරේ ය යන ප‍්‍රාර්ථනාවෙන් යුතුව විශ්ව විද්‍යාලයට එවූ දරුවෝ තමන් ආ කාරිය හූනු බිජුවකටවත් මායිම් නොකොට සයිටම් තහනම් කරන්නැයි ඉල්ලමින් කොලඹ වීදි පුරා කඳුළු ගෑස් කමින් අද දවසේ රස්තියාදු වෙති. සයිටම් වෛද්‍ය විද්‍යාලය වෙනත් ආකාරයකට ප‍්‍රමිතිගත විය යුතු බව ඇත්තකි. එහෙත් උගතුන් විය යුතු ශිෂ්‍ය පරම්පරාවක් ම එ් උදෙසා හිස ගලේ ගසා ගැනීම සාධාරන ද?
බැරිම තැන මේ උද්ඝෝෂන මාලාවේ ප‍්‍රමුඛත්වයේ සිටින අන්තර් විශ්ව විද්‍යාල බල මන්ඩලයට ජනාධිපති විසින් සාකච්ඡුාවක් ලබා දුන්නේය. එහිදී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා හා එකී සංගමයේ නායක කාර්ය භාරයක් ඉටු කරන නජිත් අනුරාධ සිසුවා අතර වූ දෙබසක ඛංඩයකි මේ.
ජනාධිපතිතුමා : ඇයි දරුවො වෙනත් රටවලත් පෞද්ගලික අංශය උසස් අධ්‍යාපනයට සම්බන්ධ කරගන්නවනේ.
නජිත් : ඒක ඇත්ත සර්. අපි අපේ සටන ඒ රටවලත් පතුරුවන්න බලාපොරොත්තු වෙනවා.

මේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය සමූහයේ නායකයාගේ ප‍්‍රකාශයකි. අපිට ඔහුට සමාව දීමට හිත හදා ගත හැකිය. ඔහුගේ මේ අන්ධභූත මනස, බුද්ධිය හා දැනුම තැනූ පාසල් හා විශ්ව විද්‍යාල ගුරුවරු ගැන අප හිතන්නේ කොහොම ද? ඒ අද විශ්වවිද්‍යාල දැනුම සැරිසරන ආකාරය ගැන එක උදාහරනයකි. නජිත් අනුරාධ පේරාදෙනි විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබන්නට පැමිනි ශිෂ්‍යයෙකි. අද ලෝක විශ්වවිද්‍යාල වර්ගීකරණය අනුව පේරාදෙනිය තිබෙන්නේ අංක 2248 වෙනි තැන ය.
එහෙත් 1960 ගණන්වල පේරාදෙනිය විශ්ව විද්‍යාලය ලෝක වර්ගීකරනය අනුව දෝලනය වූයේ 169-174 අතර ය. ඒ තත්ත්වය එදා ඇති වූයේ විශ්ව විද්‍යාල ශිෂ්‍ය ප‍්‍රජාව පාරවල්වල රස්තියාදු නොවී ඉගෙනගත් නිසාත්, ශිෂ්‍ය ප‍්‍රජාව පාරවල්වල රස්තියාදු නොවන ආකාරයට දැනුමෙන් බුද්ධියෙන් පෝෂනය කරමින් ගුරුවරුන් විසින් රැුක බලාගත් නිසා ය. ඒ ආකාරයට පේරාදෙනිය විශ්ව විද්‍යාලය උසස් මට්ටමට රැුක ගනිමින් මතු නොව ලංකාවේ කලා සංස්කෘතික ධාරිතාවට බොහෝ දේ එකතු කල අප‍්‍රමාන වියතෙකු වන මහාචාර්ය සිරි ගුනසිංහ සිය දිවි සැරිය නිම කොට තිබේ. බුද්ධිමය ලෝකය තුල කි‍්‍රයාකාරිව හැසුරුනු ඔහු ලංකා මාතාව බිහිකල සකි‍්‍රය බුද්ධිමතෙකු ලෙස හැඳින්විය හැකිය.
ජාතික ආගමික හා වෙනත් වාර්ගික සීමාවන්ට නතු නොවී බුද්ධියේ අපරිමිත සීමාවන් තුළ බොහෝ දේ කල ඔහුගේ දැනුම සම්භාරයේ අසහායකත්වය අපේ රටේ කිසිවෙකුට සම කල නොහැකි තරම් ය.
මහාචාර්ය සිරි ගුනසිංහයන් පවසන ආකාරයට එකල විශ්ව විද්‍යාල වනාහි සමාජයක් ඇතුලේ තිබුනු තවත් සමාජයකි. එයට ම හිමි නියාම ධර්මයන් ඒ ඇතුලත සමාජය තුල කි‍්‍රයාත්මක විය. පිටත බලපෑමකින් තොරව බුද්ධි සම්ප‍්‍රදාය වර්ධනය කර ගැනීම, ශාස්තී‍්‍රය ගවේෂනය, තර්ක විතර්ක ගොඩනැඟීම, නව අධ්‍යාපන හා විද්‍යාත්මක විධි ක‍්‍රම සම්පාදනය කර ගැනීම, ඒ සමාජයේ කාර්ය පිලිවෙත් විය. ඒ වෙනත් සමාජයේ සිදුවන කටයුතුවලට බාධා නොකිරීමත්, ඒ සමාජයෙන් නිකුත්වන ශාස්ත‍්‍රාලෝකය අනෙක් සමාජයේ වර්ධනයට හේතු වන බවටත්, එකල අනෙක් මහා සමාජය මෙහෙය වූ දේශපාලකයෝ, යතිවර ප‍්‍රජාව, සමාජ කි‍්‍රයාකාරීන් දැන සිටි නිසාම ඒ දෙවන සමාජයට ඔවුන් ගෞරව පුරස්සර විය. ඇතැම් විට ඒ විශ්ව විද්‍යාල සමාජය අනෙක් සමාජයන්ගෙන් අතවර නොලද නිසාම මහාචාර්ය සිරි ගුනසිංහ, මහාචාර්ය සරච්චන්ද්‍ර, මහාචාර්ය හෙට්ටිආරච්චි ආදි බුද්ධිමතුන්ගේ දිගු නාමාවලිය අප රටට දායාද විය.
සිරි ගුනසිංහ වනාහි කලාවට හිමි ක්ෂේත‍්‍ර ගනනාවකට ඉමහත් සම්ප‍්‍රදානයන් කළ වියතෙකි. සිය පාසල් ශිෂ්‍ය ජීවිතයේ සිට අනු දෙහැවිරිදිව සිය දිවි සැරිය නිම කරන තෙක්ම සිය ශාස්තී‍්‍රය මෙහෙවරෙහි යෙදුනු පූජනීය මිනිසෙකි. ලංකාවේ දී සංස්කෘත විෂය ඉගැන්වීමෙහි යෙදුනත් පාලි සිංහල ඉංගී‍්‍රසි ආදි විෂයයන් හි ද එතුමන් පරප‍්‍රාප්ත විය. එතුමන් ප‍්‍රංශයේ සෝබෝන් විශ්ව විද්‍යාලයෙන් සිය ආචාර්ය උපාධිය ලබා ගන්නේ ඛ් ඔැජයබසුමැ ාැ ක් ඡුැසබඑමරු ෂබාසැබමැ ා.්චරුි කැි එැංඑැි ාම ිසකච් යන නිබන්ධනය ප‍්‍රංශ භාෂාවෙන් ඉදිරිපත් කරමිනි.
සඳැස් රීතිය පමනක් මිනිසාගේ ආත්මගත හා සමාජයේ සංකීර්න භාවයන් ප‍්‍රකාශ කිරීමට ප‍්‍රමානවත් නොවන්නේ යැයි විශ්වාස කළ ගුනසිංහයෝ සඳැසින් තොර භාෂාවේ රීතීන් ද බාධාවක් නොකර ගෙන වෙනත් කාව්‍ය සම්ප‍්‍රදායයක් ශී‍්‍ර ලංකාවට තිළින කලේය. නිසඳැස යනුවෙන් හැඳින්වෙන එකී කාව්‍ය සම්ප‍්‍රදාය පමනක් නොව, ඒ නිසඳස නම් වූ නාමය ද එතුමාගේ ය. එතුමන්ගේ නවතම කාව්‍ය සම්ප‍්‍රදායේ පළමු කෘතිය මස් ලේ නැති ඇට ය. ඒ කාව්‍ය සම්ප‍්‍රදාය මත අද ලාංකීය කවියෝ පෙලහැර පාති.
එමෙන්ම සිරි ගුනසිංහයෝ සිංහල භාෂාව භාවිතයේ දී මූර්තජ අකුරු අවශ්‍ය නැතැයි ද එමගින් භාෂා භාවිතයේ දී විශේෂ මෙහෙවරක් ඉටු නොවන්නේ යැයි ද ප‍්‍රකාශ කෙරිනි. තමන් ගත් මඟ අනුව යමින් සිරි ගුනසිංහයෝ තමන්ගේ ලේඛනවල දී මූර්තජ අකුරු භාවිතය බැහැර කලේය. එහෙත් ඒ මග ගැනීමට භාෂාවේදීන් බහුතරය තවමත් එකඟ නැත.
ගුනසිංහයන් විසින් පෝෂනය කල අනෙක් විෂයය චිත‍්‍ර කලාවයි. ගුනසිංහයන් පවා චිත‍්‍ර ශිල්පයෙහි බුහුටි බවක් ඇත්තෙකු වීම නිසා ඔහුගේ ශාස්තී‍්‍රය ඥානාලෝකය ඒ පැත්තටත් යොමුකරන්නට එතුමන් සිතුවා විය හැකිය. ඔහුගේ ආචාර්ය උපාධියටත් පදනම් වූයේ ‘විශ්ව චිත‍්‍ර කලාවේ සිද්ධාන්ත ශාස්ත‍්‍රීයත්වය හා කාර්මික කරුනු ආශි‍්‍රතව ය. ලංකාවේ විහාර බිතු සිතුවම් ආශි‍්‍රතව එතුමන් සැකසූ කෘතිය තත් විෂය පිළිබඳ ඇති උසස්ම කෘති දෙකෙන් එකක් බව අපගේ විශ්වාසයයි. අනෙක් කෘතියේ සම්පාදකයා මහාචාර්ය සේනක බන්ඩාරනායකයන්ය. ගුනසිංහයන් ලංකාවේ බිතු සිතුවම් කලාව පිලිබඳව පර්යේෂන කලා පමනක් නොව ඉන්දියාව, ඊජිත්තුව, ගී‍්‍රසිය, ඉන්දුනීසියාව ආදී රටවල ද සැරි සරමින් සිය ශාස්තී‍්‍රය මෙහෙවර අපූර්වත්වයට පත් කලේය.
මහාචාර්ය සිරි ගුනසිංහයන් සත් සමුදුර නමින් සිනමා පටයක් ද, ගුත්තිලය නමින් ටෙලි වෘත්තාන්තයක් ද නිර්මානය කලේය. සත් සමුදුර සිංහල සිනමා වංශකතාවේ වැදගත් සංධිස්ථානයක් වූ නමුත් ගුත්තිලය ඔහුගේ නිර්මාන ජීවිතයේ පසු බෑමක් සේ සැලකේ.
මේ සටහන ලියන ලියුම්කරුට එක් දහස් නවසිය අසූ ගනන් අග භාගයේ මහාචාර්ය සිරි ගුනසිංහයන්ගේ දේශනයකට සවන්දීමේ වරම් ලැබුනි. ඒ මහනුවර ධර්මරාජ විද්‍යාලයේ සියවස් සමරුව වෙනුවෙන් පැවැත්වුනු එක් දේශනයක් මගිනි. ඔහු එහිදී මතු කල අදහස් එකල විශාල ආන්දෝලනයකට භාජනය විය. පනස් හයේ සිංහල රාජ්‍ය භාෂාව කිරීම හරහා ද්වි භාෂා නිපුනතාවයෙන් තොර පරපුරක් බිහිවීමත්, ඒ භාෂා ව්‍යාපාරය එතෙක් සමාජයේ ගොඩනැගී තිබුනුු ශාස්තී‍්‍රය සම්ප‍්‍රදායන්ට විනාශකාරී ලෙස බලපෑ අයුරුත් නිර්භයව විස්තර කලේය. කොලඹ ශාන්ත ජෝෂප් විද්‍යාලයේ නිර්මාතෘවරයෙකු වන ලොගොක් පියතුමාගේ අනුස්මරනයක් වෙනුවෙන් එකී විද්‍යාලය ඉදිරිපිට ඉදිකර තිබූ ප‍්‍රතිමාව භාෂා පේ‍්‍රමීන් විසින් කඩා බිඳ දැමීම සංකේතවත් කරමින් ඔහු කතාව මනාව ගොනු කලේය.
සිරි ගුනසිංහයෝ බටහිර හා පෙරදිග ශාස්තී‍්‍රය සම්ප‍්‍රදායන්ගේ මනා සංකලනයෙන් බිහි වූ මහා විද්වතෙකි. ඇතැම් විට බටහිර සම්භාව්‍ය කලා සම්ප‍්‍රදාය ලංකාවේ කලාව වෙත සාර්ථකව යා කළ පලමු බුද්ධිමතා ද ඔහු විය හැකිය. මේ ලියුම්කරුගේ ද ඇතැම් බොහෝ දෙනාගේ ද අදහස් අනුව නූතන කාව්‍ය කලාවේ අශ්‍රේෂ්වරයා ඔහු ය. ඔහු කාව්‍ය සම්ප‍්‍රදායක් බිහිකළා පමණක් නොව එහි දැනුවත්ව නිරත විය.
කලාව ආගමික හෝ වාර්ගික හෝ මිනුම් දඬුවලින් විනිශ්චය නොවිය යුතු එයටම හිමි න්‍යාය ධර්මයක් සහිත විශිෂ්ට දෙයක් බව පලමුවරට නිර්භයව හෙලි කල වියතා සිරි ගුනසිංහයන් ය. අද වැනි විශ්ව ගම්මාන සංකල්ප හා නූතන සන්නිවේදනය විසින් ලෝක සමස්තය එකිනෙකා හඳුනා නොගත් යුගයක අනාගතවාදී ව ඔහු පල කල අදහස් විශිෂ්ටය. විශ්්මය දනවන සුළු ය.
මේ ලියුම්කරුගේ විශ්වාසය නම් සිරි ගුනසිංහයන් දෙස බලා සිය ජීවිත නැවත සකස් කර ගත යුත්තේ සමාජයේ අන් කවුරුත් නොව ලංකාවේ විශ්ව විද්‍යාල ඇදුරු කැල ය. ධන තන්හාවෙන් මුදල් පසු පස්සේ යමින් ශාස්තී‍්‍රය මෙහෙවර අතහැර දමා ඇති වත්මන් ඇදුරන් සිරි ගුනසිංහයන්ගෙන් පාඩම් ඉගෙන ගතහොත් එය පමනක් වුව ඔවුන්ගේ චෞර ජීවිතයෙන් මිදීමට මගක් වනු නිසැක ය.

සංස්කාරක

(මහාචාර්ය සිරි ගුනසිංහයන්ට උපහාර වශයෙන් එතුමන් අනුදත් ,මූර්තජ අකුරු භාවිතයෙන් තොර ලේඛන සම්ප‍්‍රදායට අනුව යමින් මෙවර සංස්කාරක සටහන සකස් කරන ලදී.*

Share Button