දේශපාලන කුණුකන්ද විසින් නිර්මාණය කළ මීතොටමුල්ල කුණුකන්ද

May 14, 2017 in Uncategorized

April Yathra Cover Page
අක්කර විසිහතරක් පුරා පැතුරුණු වපසරියක අහස උසට නැගුණ කුණු කන්දක් කොළම අග නගරයේ තැනක නිර්මාණය වීම යනු ලංකාවේ දේශපාලනය හා සමාජ ජීවිතය කුණුවීමේ තරම කියා පාන මනා උදාහරණයකි. මීතොටමුල්ල කුණුකන්ද විරෝධී පෙරමුණේ නායකයකු වන නීතිඥ නුවන් බෝපගේ මහතා මාධ්‍ය සාකච්ඡුාවක් පවසමින් පැවසුවේ ජීවිත තිස් ගාණක් හා නිවාස සියගණනක් බිලිගත්, දහස් ගණනක් ජනයා අවතැන් කළ මේ කුණු කන්දට වග කිවයුතු සෑම දේශපාලනඥයකුටම මරණ දණ්ඩනය ලබා දිය යුතු බවයි. ආණ්ඩු තුනක් විසින් වගේ වගක් නැතිව ජනතා විරෝධය මධ්‍යයේම ගොඩ ගැසූ කුණු කන්ද, විරෝධතා ව්‍යාපාරයේ නායකයාද යට කරගෙන ඒ දුගී ජනයා මත්තේ කඩා වැටී ඇත.
මෙරට ක්‍ඡු 24 ටෙලිවිෂනය ඔස්සේ ඡුායාරූප ද සහිතව මේ විපත ගැන තොරතුරු හෙළිදරව් වන විට ශී‍්‍ර ලාංකිකයෙකු වූ මගේ සිත ශෝකයෙන් පමණක් නොව ලැජ්ජාවෙන්ද හැකිලී ගියේය. එය මව්බිම කෙරේ සංවේදී ඕනෑම ගැහැනියකට පිරිමියෙකුට ඇතිවිය හැකි මනෝභාවයකි.
ගංවතුර, භූමිකම්පා, සුනාමි, ගිනිකඳු පිපිරීම්, ආදිය මගින් විපතට පත්වන ජනයා ගැන අප ලෝකයේ නන් දෙසින් එන තොරතුරු අසා ඇත්තෙමු. එහෙත් රජයක මෙහෙයවීමෙන් කලමනාකරණයක් නොමැතිවීම නිසා අක්කර විසි හතරක අහස උසට ගොඩ ගැසුණු කුණු කන්දක් නිසා නිවාස දේපළ ද යට කරගෙන වූ විපතක් ගැන අප ලෝකයේ කොතනකින් හෝ අසා ඇද්ද?
අපේ රට කරවූ එදා මෙදා තුර පාලකයෝ ප‍්‍රමුඛතා හඳුනා ගැනීමට අසමත් වූ දේශපාලන අපතයන් පිරිසක් වූහ. විශේෂයෙන් 1977 බලයට පත්වූ ආණ්ඩුව කිසිදු සූදානමකින් තොරව හඳුන්වා දුන් විවාත ආර්ථික පිළිවෙත ජනයා තමන් එතෙක් ගත කළ මනා ක‍්‍රමික ජිවිතය එහි මුලින්ම ගලවා දැමීමට සමත් විය. ගම හා නගරයේ සමාජ වෙනස්වීම්වල සීමා මායිම් වෙනස් විය. සැප සම්පත් අත්පත් කර ගැනීම සඳහා ලහි ලහියේ තර`ගයට දුවන ජනතාවක් නිර්මාණය විය. ක‍්‍රමයෙන් ජිවිතය පිළිබඳ ජනයා තුළ තිබුණු සාරධර්මික සරල දෘෂ්ටිය පුපුරා ගියේය. එතෙක් පාරිභෝජනය පිළිබඳ මහජනයාට තිබුණු සරල පිළිවෙත් අධි පාරිභෝජන රටාවක් දක්වා පරිවර්තනය විය.
විවෘත ආර්ථිකය ලංකාවේ පාරිභෝජන රටාවට මැදිහත්වන තුරුම ලංකාවේ ගමේ හා නගරයේ මිනිස් පවුලක් බැහැර කරන අප ද්‍රව්‍ය තමන්ටම කළමනාකරණය කරගත හැකි සුළු ප‍්‍රමාණයක් විය. කඩෙන් එළවළු ටික ලබා ගන්නා විට එය ලබා දුන්නේ සිමෙන්ති උරවලින් තැනූ කඩදාසි මල්ලකටය. සීති රාත්තල මාළු රාත්තල, පාන් ගෙඩිය ඔතා දුන්නේ පරණ පත්තර පිටුවක හෝ භාගයකය. ඒ නිසාම එකල පත්තර බෝතල් වෙළෙන්දෝ සති පතා නිශ්චිත දිනයක ගමේ නගරයේ ගෙවල් කරා පැමිණියහ. සීමා කිරීම් හා අධීක්ෂණයකින් තොරවූ විවෘත ආර්ථිකය පැමිණීමත් සමග ඒ පරිසර හිතවාදී පරිභෝජන රටාව උඩු යටිකුරු කරවිණි. පොලිතීන් භාවිතය හා පැකට් කළ ආහාර බහුල විය. අද වන විට ඒවා මිස මුල් පරිභෝජන රටා ගැන කිසිවක් නොදන්නා පරම්පරා දෙකක්ම බිහිවී ඇත.
ඕනෑම නවීකරණය වූ සමාජයක් පරිභෝජන රටාවට සමාන්තරව අපද්‍රව්‍ය කළමනාකරණයට ක‍්‍රම සහ විධි සකස් කරයි. කැනඩාව ගත් විට අපද්‍රව්‍ය කළමනාකරණයේ මාහැඟි උදාහරණයකි. අප ද කාබනික අපද්‍රව්‍ය වෙනමත්, ප‍්‍රතිචකී‍්‍රයකරණය කළ යුතු අපද්‍රව්‍ය වෙනමත් මිශි‍්‍රත අපද්‍රව්‍ය වෙනමත් රැුස් කරමු. අප ගිම්හාන සමයේ ගෙවතු වගාව සඳහා මිලදී ගන්නේ අපම බැහැර කළ කාබනික පොහොරයි. පොලිතීන් ප්ලාස්ටික් ප‍්‍රතිචකී‍්‍රයකරණය නිසා එමගින් විශාල ආදායම් රටට ගෙන දේ. අභිමානවත් ලාංකික තරුණ ව්‍යාපාරිකයෙකු වූ සුදේශ් මුතු මහතා ව්‍යාපාරික වශයෙන් නියැලී සිටින්නේ ද බැහැර කරන ප්ලාස්ටික් ප‍්‍රතිචකී‍්‍රයකරණ ව්‍යාපෘතියකය. සත් චේතනාවෙන් යුතුව තම මව්බිමට සේවයක් කිරීමේ අරමුණින් එම ව්‍යාපෘති ලංකාවේ ඇරඹීමට ගොස් ඔහු ලැබූ අමිහිරි අත්දැකීම් පසුගිය දිනක ලංකාවේ මාධ්‍ය හා සමාජ මාධ්‍යවලද කතා බහට ලක් විය. යුරෝපයේ බොහෝ රටවල් කසල ධනෝපායන මාර්ගයක් බවට පත් කරගෙන ඇත. ඇමරිකාවේ මිචිගන් ප‍්‍රාන්තය කැඩනාවේ ඔන්ටාරියෝ ප‍්‍රාන්තයේ කුණු භාර ගනී. නෙදර්ලන්තය හා ස්වීඩනය වැනි රටවල් තම අවශ්‍යතාවලට තම රටේ කුණු මදිවී අසල්වැසි රටවලින් මිලදී ගනී. මේ නවීකරණය වූ ආර්ථික රටාවන් එහි අතුරු ඵලයන් වූ කුණු කළමනාකරණය කර ගෙන ධනෝපායන මාර්ග බවට පත් කරගෙන ඇති ආකාරයයි.
අපේ රටේ 1977 සිට ඇරඹුණු නව ලිබරල්වාදී ආර්ථික රටාව කෑදර බඩගිනිකාරයන්ට හොඳ රසැති ලේ මස් සපිරි මස්වැදැල්ලක් විය. තමා පත්කර එවන ජනයාට වග නොකියන ඡුන්ද ක‍්‍රමයක් තුලින් පත්ව ආ දේශපාලකයෝ මේ කෑදර බඩගිනිකාරයෝ වූහ. තමන්ගේ අතට කීයක් හෝ එන පිළිවෙළට සියලූ සංවර්ධන හා වෙනත් මහජන අවශ්‍යතා සකසා ගැණිනි. කොටින්ම කිවහොත් කුණු බැහැර කිරීමේ කි‍්‍රයාවලිය තමන්ගේ සාක්කුවට කීයක් හරි වැටෙන පිළිවෙතට සකසා ගැනීමට ගොස් සිදුවූ විපතකි. ‘මීතොටමුල්ල ඛේදවාචකය’ ලෙස අප දකිනුයේ.
මළ පහ කිරීමෙන් අනතුරුව තම ශරීරය පිරිසිදු කොට නොගෙන වටිනා රජ ඇඳුම් අඳින්නා සේ, තමන්ගේ අගනගරයේ කුණු කසල කළමනාකරණය නොකොට නගරය ලස්සන කිරීමට ආකේඩියා ගාඩන්, නෙළුම් පොකුණු, නෙළුම් කුළුණු තැන වූ යුග දේශපාලන රටාවකි අපට ඇත්තේ. ඒ පිළිවෙල ගැන උරණ වූ මහජනයා එයට වගකිව යුතු එක පාලන රටාවක් පරාජය කොට ගෙදර ඇරියේය. එහෙත් ඉක්බිති රාජ්‍ය පාලනයට පැමිණි වත්මන් පාලකයෝ ද ඒ මගින් බැහැර ගොස් නැත. ජනවාරි අට වැනිදා ඉතිහාසයේ කවර කලකවත් නැති තරම් පුරවැසි බලාපොරොත්තු නව ආණ්ඩුවෙන් සමාජය බලාපොරොත්තු වූහ. අවුරුදු දෙකකුත් ඉක්මවී ගොස් ඇතත් තවම ඔවුන්ට සමාජය බලාපොරොත්තු වූ අලූත් පාර සොයා ගත නොහැකි වී ඇත. එහෙයින් කුඩා වැස්සටත් තවම කොළඹ නගරය යට වන්නේය. මහා කුණ කඳු දුගී ජීවිත මතට කඩා වැටී ඔවුන් මරා දමන්නේය. මේ සා විපතක් සිදුව ඇතත් ඔවුන් තම මිත‍්‍ර ශීලී රටවලින් උදව් උපකාර රැුගෙන හදිසි කාර්යයක් සේ සලකා කසල කළමනාකරණයට උපා මං සොයන්නේ නැතිව දැන් එකතුවන කුණු ගෙන ගොස් දැමීමට අලූත් බිම් කඩවල් සොයයි.
අවුරුදු හතළිහක පමණ කාලයක් පුරා කොළාන්නාව නගර සභා ප‍්‍රදේශයේ අපද්‍රව්‍ය බැහැරලන ස්ථානය වශයෙන් මීතොටමුල්ල පැවතුණි. කොළඹ නගරය ජාත්‍යන්තර වාණිජ කේන්ද්‍රයක් බවට පත්කිරීමේ සැලසුම් යටතේ පසුගිය ආණ්ඩුව විසින් කි‍්‍රයාත්මක කරන ලද නගර අලංකරණය ව්‍යාපෘතිය යටතේ 2009 සිට කොළඹ නගර සභා ප‍්‍රදේශයේ කසල ද මෙම ස්ථානයට බැහැර කිරීම ආරම්භ කිරීමත් සමග එය මහා කුණු කන්දක පරිමාණයෙන් වර්ධනය වී මේ වන විට අක්කර 23ක් පුරා පැතිර පවතී. කුණු කන්ද පරිසර ¥ෂණය කරමින් නිවැසියන් රෝගී තත්වයන්ට ගොදුරු කරන තතු යටතේ එකළ විපක්ෂයේ සිටි වත්මන් ආණ්ඩුවේ උදවිය එදා කීවේ තම ආණ්ඩුවක් යටතේ මේ කුණු කන්ද ඉවත් කරන බවයි. එහෙත් සිදු වූයේ වත්මන් ආණ්ඩුවද මුළුමනින්ම පාහේ ඒ ප‍්‍රශ්නය නොතකා හැරි තත්ත්වයක් යටතේ කුණු කන්ද ජනයා හිස මතටම පාත් වීමයි.
සංස්කාරක

Share Button