යාත‍්‍රා සහකම්පනය

May 14, 2017 in Uncategorized

April Yathra Cover Page

යාත‍්‍රා සහකම්පනය
නිදහස් ජිවිතයක් උදෙසා වන අනුරාගය ජාතියෙන් ජාතියට රටින් රටට වෙනස් වේ. ‘‘නිදහස් ජීවිතයක් උදෙසා වන කතිකාව සංස්කෘතික පරිසරයක සිදුවන දේශපාලන කි‍්‍රයාවලියක්’’ ලෙස එක් විද්වතෙක් නිර්වචනය කර ඇත. ලංකාවේ ළමා ස්තී‍්‍ර විවාහ නීතිගත කරන ලෙස ඉල්ලා අන්තවාදී ඉස්ලාම් සංවිධානයක් කොළඹ දී සිදුකළ උද්ඝෝෂණයකට සහභාගි වූවන්ගෙන් හරි අඩක් ස්තී‍්‍රන්ගෙන්ම සමන්විත වීම උදාහරණයකට ගනිමු. මේ තමන්ගේම ජීවිතය උදෙසාවත් නිදහස් ජීවිතයක් උදෙසා පෙනී සිටීමට නොපෙළඹීම පිළිබඳ කාරණයකි. සම්ප‍්‍රදායන්, ආගම් අතීත මුලාස‍්‍රයන් විසින් පනවා ඇති කොන්දේසි නිදහස් ජීවිතයට කෙතරම් නරක බලපෑමක් කරතත් ඒවා ආරක්ෂා කිරීමට පෙළඹීම බොහෝ නොදියුණු රටවල සිදුවන්නකි.
අප යාත‍්‍රා පුවත්පත මෙරට ද, මව්බිමේ ද, දස වසරක් පුරා පෙනී සිටියේ අර්ථවත් පුද්ගල ජීවිතයක් හා සමාජ ජීවිතයක් වෙනුවෙනි. අපට අපේ මව්බිම කෙරේ වූ නිම් නැති පේ‍්‍රමය ප‍්‍රකාශ කෙරුණේ ශී‍්‍ර ලංකා ¥පතේ මුහුදු සීමාවෙන් ඇතුළත වූ සියලූ ජාති ආගම් කුලවලට අයත් ජනවර්ගයන්ගේ බියෙන් සැකෙන් තොර වූ සමෘද්ධිමත් ජීවිතයක් වෙනුවෙන් නෙී සිටීම මගිනි. එහෙත් අපේ ඒ පෙනී සිටීම එක් ජනවර්ගයක් වෙනුවෙන් පමණක් විය යුතුය යන යෝජනාවක් එක්තරා තර්ජනාත්මක විලාසයකින් අප වෙත එල්ල විය. එය එසේ නොවන්නේ නම් ඒ පෙනී සිටීම ‘‘දේශද්‍රෝහී’’ එකක් වන්නේය යන්න ඔවුන්ගේ වටහා ගැනීමයි . ඒ නව නම්බු නාමය බාර ගැනීමට අප සූදානම් ය. බලන්න ‘‘දේශපේ‍්‍රමය’’ හා ‘‘දේශද්‍රෝහය’’ නිර්වචනය කිරීමේ නව භාරකරුවන් කැනඩාවෙන් බිහි වී ඇති සැටි.
අපි ජීවිතයේ භද්‍ර යෞවනයේ සිටම දේශපාලනික සංස්කෘතික හා සමාජ ජීවිතයකට ඇබ්බැහි වූවන් වූයෙමු. නොරටක දී මව්බසින් පුවත්පතක් ආරම්භ කිරීමට පෙළඹුනේම ඒ ඇබ්බැහිය නිසාම ය. අපේ සංස්කෘතික හා දේශපාලන හැසිරීම ම අපගේ මව්බිම විශිෂ්ටත්වයට පත්කිරීමේ අධ්‍යාෂයෙන් කෙරුණකි. වැරදි මග යන විට විවේචනය ද අපගේ භාවිතයක් වූයේ මව්බිම කෙරේ වූ දයාවෙන් ම ය. ‘විවේචනය යහපත් දෙයක් ලෙස සැලකිය හැක්කේ ශිෂ්ටත්වයට පත් මිනිසාට පමණකැයි’ ඩාන්ටේ නමැති දාර්ශනිකයා පවසා ඇති රුවන් වැකියකි. පැරණි ඇටවුම් බැසි කුණු වූ සමාජයන් බිඳ වැටී ඒ මත නව සුපුෂ්පිත සමාජයන් බිහි වූයේ විවේචනය සත් සමාජ චාරිත‍්‍රයක් ලෙස එකී සමාජයන් පිලිගෙන තිබූ නිසාය.
අප මහ බෝසතුන් මෙලොව ඉපදීමට පෙර සිටි ආත්ම භාවයේ සිට පස්මහ බැලූම් බැලූ බව බෞද්ධ සාහිත්‍යයේ කියැවේ. එනම් කාලය, දීපය, දේශය, කුලය සහ මව, යන පස් වැදෑරුම් කාරණා ය. මේ කාරණා පිළිබඳ ආගමික සාහිත්‍යයේ ඇති අදාළ භාවය වෙනුවට එහි ගැබ්වන සමාජමය ඉඟි සලකා බලමු. බුදුන් වහන්සේ උත්සාහ ගන්නේ ලෝකය යථාවත් ලෙස තේරුම් ගැනීමටත් ඒ තේරුම් ගැනීම ඔස්සේ විසඳුමක් සමාජගත කිරීමටත් ය. ඒ ව්‍යායාමයේ දී උන්වහන්සේ කරන්නට උත්සාහ කරන සමාජ කාර්යය අඩුම ප‍්‍රතිවිරෝධතාවයකින් යුතුව පිළිගන්නා ජනකායක් සිටිය යුතුය. එවැන්නන් සිටින කාලයක්, දීපයක්, දේශයක්, එවැනි කටයුතු සඳහා අවම ප‍්‍රතිවිරෝධයක් දක්වන ඥාති පරම්පරාවක් හා මාපියන් සිටිය යුතුය. උන් වහන්සේගේ ගැඹුරු ධර්මය තේරුම් ගැනීමට එවැනි සාපේක්ෂව හෝ සහනදායි හා යමක් තේරුම් ගැනීමේ ඥාන මීමංසාවක් සහිත ජනතාවක් සිටිය යුතුය. බුදුන් වහන්සේ සිය ඓතිහාසික කාර්යයට පිවිසෙන විටත් ජෛන මහා වීර,අජිත කේෂකම්බල ආදී ෂට් ශාස්තෘවරුන් ආදින් ද චාර්වක, පුරස් චාර්වක ආදි ශාස්තෘවරුන් ද තමන්ගේම විධි ක‍්‍රමයන් ඔස්සේ ලෝකයේ විපරිනාමය දේශනා කරමින්, සිය ගෝලබාලයන් තනා ගනිමින් සිටියහ. කන, බොන, අඳින පළඳින හා සුඛ සෙයියාවට අමතරව බුද්ධිමය සංවාදයක් උදෙසා කටයුතු කිරීමට උචිත කාලවකවානුවක් යනු සමාජයක ඉතාම හොඳ කාල වකවානුවකි. එසේ නොවන වකවානුවල තමන්ගේ ඒකමතික අදහස ආයුධයක් කොට ගෙන එය ම අනෙකාගේ පපු කුහර තුලට ඇතුලූ කිරීමට උත්සාහ දැරේ. කාලාම සූත‍්‍රය වැනි විමංසන බුද්ධියට ඉඩ දෙන දහමක් දෙසූ බුදුන් වහන්සේ ඉපදුනේ එවැනි යහපත් සමාජයක ය.
එවැනි සමාජ හිතන පතන යහපත් මිනිසුන් සහිත සමාජයකි. සංවාදය, විවාදය, වෙනස් මත ඉවසීම, භාරත සමාජයේ මුල් බැසගත් සාර ධර්මයක් වී, අද දක්වාම පවතින්නේ අතීතයේ ඒ ප‍්‍රජාතන්ත‍්‍රික වටාපිටාවේ දිගුවක් ලෙසිනි.
කැනඩාව වැනි රටක්, අපේ මව් රටට සාපේක්ෂව යහපත් සංවාදයකට, විවෘත විවේචනයකට ඉඩ දෙන උසස් සමාජයකි. එවන් සාර අංගයන් ප‍්‍රවර්ධනයට දිරි දෙන ආයතන පද්ධතියක් සහිත සමාජයකි. එවන් සත්‍යයක් එසේ යයි පිළිගැනීම අප උපන් රට අගෞරවයට පත් කිරීමක් නොවේ. ඒ විවෘත සංවාදය හා විවේචනය ඔස්සේ රටක හොඳම යහපත් ම දේ තීරණය කෙරේ. එමගින් ප‍්‍රති විරෝධතා අඩු සංවර්ධනයක් ද කනස්සල්ලෙන් පෙලීම අඩු ජනතාවක් ද නිර්මාණය කෙරේ. මේ පරස්පරයන් දත්ත ඔස්සේ සලකා බලා අවසන් ප‍්‍රතිඵලයක් නිකුත් කරන එක් දර්ශකයකි උදරකා ්‍ය්චචසබැිි අනුක‍්‍රමිකාව. ඒ අනුව සතුටින් සිටින්නන්ගේ දර්ශකයේ හත්වන ස්ථානයට කැනඩාව පත්වන විට 120 වන ස්ථානයට ශී‍්‍ර ලංකාව පත්වී ඇත .
නව දැනුම සොයා ගැනීමත්, ඒවා තාර්කිකව විමසා බලා ඒවා යහපත් නම් තමන්ගේ චින්තන ඔලගුවේ ඇති ආචිර්ණකල්පික දැනුම පසෙකලා ඒ අලූත් දැනුමෙන් පුරවා ගැනීම පහසුවෙන්ම කළ හැකි සත්ව වර්ගය මිනිසුන්ය. වානර මිනිසාගේ සිට අද ජීවත්වන දියුණු මිනිසා නිර්මාණය වීම දක්වා කතාන්තරය යනු එයයි. එහෙත් ඒ ස්වභාවික මිනිස් ආර උල්ලංඝනය කරන්නෝ ඉතිහාසය පුරා සිටියෝ ය. අද ෂීෂී, තලේබාන් වැනි මූලධර්මවාදීන් ද සිංහල දෙමළ ඇතුලූ ලොව කොහේ සිටියත් ජාතිවාදින් ද අයත් වන්නේ මේ මිනිස් ඉතිහාසයේ සුපුෂ්පිත ගමන් මග උල්ලංඝනය කරන්නන්ගේ ඝනයට ය.
සිංහලකම ද බෞද්ධකම ද රැුකිය හැක්කේ ඒ ද්විත්වය තුළ ගැබ් වූ සාර අංග මතු කරමින් ඒවා සමාජ ගත කිරීමට වෙහෙසෙමිනි. එසේ නැතිව අනෙකුත් ජනවර්ගයන්ගේ හා ආගමිකයන්ගේ අයිතීන් වළක්වා ඔවුන් ලේ විලක ගිල්වා නොවේ. කුමාරතුංග මුනිදාසයන්, සිංහල භාෂාවේ තිබූ, එතෙක් භාෂා විශාරදයන්ට හමු නොවූ පැති මානයන් හඳුනාගෙන ඒවා සමාජයට හඳුන්වා දී ම මගින් සිය ජාතියට අනුපමේය සේවාවක් කළේ ය. බඹරැුන්දේ සිරිසීවලී, යක්කඩුවේ ප‍්‍රඥාරාම , කොටගම වාචිස්සර, යගිරල පඤ්ඤානන්ද, කිරිවත්තුඩුවේ ප‍්‍රඥාසාර, පැලෑනේ වජිරඥාන, බලංගොඩ ආනන්ද මෛති‍්‍රය වැනි අති පූජ්‍ය මාහිමිවරු සිය අකලංක බුද්ධියෙන් ද, සිය වෙහෙස මහන්සියෙන් ද, බුදු දහමේ නව පැති මානයන් සමාජය හමුවේ තබමින් නව බෞද්ධ පුනරුදයක් ඇති කළෝය.
එහෙත් නොරටකට -සෑම අතින්ම දියුණු රටකට- පැමිණ වුවත් චින්තන හා භාෂණ නිදහසේ මහිමාව හාත්පස පෙනි පෙනීත් තමා ගෙන ආ ආචිර්ණ කල්පික ඔලගුවේ ඇති යල් පැන ගිය කෝදු මගින් අපව මනින්නට උත්සාහ කරන්නෝ බොහොමයකි. අපගේ ව්‍යායාමයන් මනිමින් ඒ කෝදුවට වඩා අපේ සිතුම් පැතුම් හා කි‍්‍රයාකාරිත්වය දිග වැඩි යයි වැටහෙද්දී ඒවාට පරිභව කරමින් සිටින ඉතා අතළොස්සකි. පසුගිය කාලය පුරාම අපට නින්දා අපහාස තර්ජන කළෝ ඔවුහු ය.
දස වසරක් තිස්සේ අප යෙදී සිටියේ එක්තරා ප‍්‍රමෝදමත් කාර්යයක වුවත් එය සිතනවාට වඩා වෙහෙසකාරී අරගලයකි. ඒ විෂයට බැඳුනු අනුරාගී බැඳීම නොවන්නට ඒ කාර්යය මත මෙතෙක් කලක් අප රැුඳී නොසිටින්නට ද ඉඩ තිබුණි. එහෙත් අවසනැ අප අපේ ඓතිහාසික කාර්යයේ දස වසරක් නොකඩවා (අතරමැද ඛණ්ඩනයක් නොමැතිවම* ගෙවා දමා ඇත්තෙමු. යම් දිනයක කැනඩාවේ ශී‍්‍ර ලාංකික ප‍්‍රජා ඉතිහාසය ලියන විට යාත‍්‍රා මාධ්‍ය කි‍්‍රයාවලිය ගැන ද වර්ණවත් සටහනක් ලියවෙනු නිසැක ය. මේ වෙහෙසකර, එහෙත් තෘප්තිමත් ගමනේ දී මිතුරන් හා සතුරන් සිටියා මිස මිත‍්‍ර ප‍්‍රතිරූපකයන් නොසිටියේ ය. එය බෙහෙවින් වටිනා ලැබීමකි. වාසනාවකි.
අවුරුදු දහයක් තිස්සේ වූ යාත‍්‍රා පටිසෝතගාමි අරගලය දියත් වූයේ ඒ සඳහා සුදුසු සමාජ පරිසරයක නොවේ. එහෙත් අපට ධෛර්යය දෙන්නට විවිධ සමාජ තරාතිරම්වලින් මිනිසුන් හමුවිය. ව්‍යාපාරිකයෝ, පාඨකයෝ හා සම්පත් දායකයෝ එ් උපකාරක මිත‍්‍රයන් විය.
කවදා හෝ අපට හිමි ඉම් පෙදෙස් මැකී යන තෙක්ම, අපගේ වෙර වීරිය රැුඳී ඇති තෙක්ම මේ අරගලය දියත් වනු ඇත.
මිතුරනි ඔබට අනේක වාරයක් ස්තුතියි…..
සතුරනි… ඔබටද …….

සංස්කාරක

Share Button