සිංහාවලෝකනය – 10 -සම්මා දිට්ටියකින් යුතු සම්මා වායාමය

May 13, 2017 in විශේෂාංග

P1000005

සිංහයා ගමනක් යන විට මදක් දුර ගොස් තමන් එතෙක් පැමිණි මග නිවරැුදි දැ යි විමසීම ඔහුගේ සිංහ සෙයියාවකි. ඒ විමසා බැලීම ඔහුගේ බලාපොරොත්තුවන ඉලක්කය වෙත ගමන් කිරීම පහසු කරවයි. මේ ලිපියෙන් අප කරන්නට උත්සාහ කරන්නේ ද එම සිංහසෙයියාත්මක කටයුත්ත ය.
යාත‍්‍රා ආරම්භක පුවත් පත එළි දුටුවේ 2007 අපේ‍්‍රල් මාසයේ සිංහල දෙමළ අලූත් අවුරුදු දා ය. එහි මුල් පිටපත අප විසින් පිරිනැමුවේ අද අපගේ උපදේශක කතෘවරයාණන් වන ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී රත්නපාල විතානයන්ට ය. රත්නපාල විතාන මහතා දශක හතකට වැඩි නිකැළැල් හා වැදගත් පුවත්පත්කලාවේදී ජීවිතයක් හිමි නවීන අදහස් උදහස්වලට මනාව සමීප විය හැකි විශිෂ්ට විද්වතෙකි. එතුමන් මේ දස වසර තුළ කවර තරම් බාධක මධ්‍යයේ වුවද අපට හොඳ නරක කියා දෙමින් පීතෘ සෙනෙහසකින් යාත‍්‍රා රැුක බලා ගත්තේ ය. අද ඔහු යාත‍්‍රා පුවත්පතේ උපදේශක සංස්කාරකවරයා ය. ආරම්භක වසරේ මෙම උපදේශක තනතුර දැරුවේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ආචාර්ය කලා කීර්ති එඞ්වින් ආරියදාස මැතිඳුන් විසිනි. මෑතක දී සිය අනූපස් මෙනි උපන් දිනය සැමරූ ඔහුගේ මාධ්‍යවේදය ශී‍්‍ර ලංකාවේ මාධ්‍යවේදයට බොහෝ ගුරුහරුකම් කියා දුන්නේය.
අප 2007 යාත‍්‍රා පුවත්පත ආරම්භ කරන විටත් දෙමසකට වරක් පළවන ‘සංහිඳ’ නමින් සිංහල පුවත්පතක් ටොරොන්ටෝව ආස‍්‍රය කරගෙන පළවෙමින් තිබිණ. වසන්ත එදිරිසිංහ එහි සංස්කාරකයා විය. මෙවැනි කටයුතු පහසු නැති අවධියක එතුමා සිංහල පුවත්පතක් ඇරඹීමම ගරු කටයුතු ලෙස සිහිපත් කළ යුතු කාරණාවකි. ඒ සිංහල පුවත්පත විශේෂයෙන් අපගේ ආරම්භයට අත්වැලක් වූ වග ගෞරවයෙන් සඳහන් කරමි.
විශේෂිත ජන ප‍්‍රජාවක් උදෙසා පුවත්පතක් පළ කිරීමට අප විසින් ම සකස්කරගත යුතු සීමා මායිම් හා කථා බහ කළ යුතු ඉම් පෙදෙස් තිබිය යුතුය. විශේෂයෙන් එය විදෙස්ගත ජනප‍්‍රජාවක් උදෙසා වන විට තවත් විශේෂ වේ. මව්රටට ඇති මහත් වූ බැඳීම හේතුවෙන් ලංකාව පිළිබඳ තොරතුරු පිපාසයකින් විදෙස් ගත ජන බහුතරයක් පෙළේ. එය තමා ජීවිතයේ වැඩි කළක් වැහැරූ බසකින් දකින විට ඔවුන්ගේ මේ රටට ඇති ආගන්තුක හැඟීම යම් තාක් දුරට මග හැරී යයි. එහෙත් අප කවර නම් තොරතුරු මෙකී තොරතුරු පිපාසිත ජනයාට ලබා දෙන්නේ ද, කවර නම් විග‍්‍රහයන් මෙකී ජනයාට අප ලබා දෙන්නේ ද යන්න දෙවරක් සිතා බැලිය යුතු කාරණා ය. කැනඩාව වැනි සෑම අතින්ම යහපත් රටකට පැමිණීමට හැකිව තිබිය දී ලංකාව පිළිබඳ අසතුට දනවන තොරතුරු ලබාදීම මගින් ඔවුන්ගේ ප‍්‍රමෝදය බිඳ වැට්ටවීම යුතු ද? එසේ නැතහොත් ලංකාව හැරදා ස්ථිරව හෝ තාවකාලිකව පැමිණ ඇති නමුත්, ඔවුන්ගේ සජීවී මැදිහත්වීම රටට අවශ්‍ය හෙයින්, ලංකාව ඒ මොහොතේ ගතකරන යථාර්ථයේ චිත‍්‍රයක් පෙන්වා, ඒ සම්බන්ධව ඩයස්පෝරක ශී‍්‍ර ලාංකිකයන් දැනුවත් කිරීම අපගේ වගකීම ද?
ගෙවී ගිය දස වසර දෙස අත්තුකංසන පරවම්බනයෙන් තොරව (නිලය,ජාතිය ,කුලය ,බලය, වංශය ආදි මානයන්ගෙන් තොරව* ආපසු හැරී බලන විට අප ආ මගට බාධක ලෙස පැවති ආර්ථික හා සමාජ අභියෝග කෙසේ ජයගත්තේ ද යන්න විශ්මය දනවයි. ශී‍්‍ර ලංකාවේ දේශපාලනික හා සමාජ චලනයන් වාර්තා කිරීමේ දී අප දැක්වූ විවෘත ස්ථාවරය වරෙක අපේ පැවැත්ම දෙදරුම් කැවීය. සමහරු දුරකථනයෙන් නිර්නාමිකව අපට දොස් තැබුවෝය. ‘ඒවා ලියා එවන්න එවිට ඒවා කාගේත් දැන ගැනීමට පළ කළ හැකියයි’ පෙරළා ඔවුනට පැවසූ නමුත් ඒ තම හැඟීම් නිර්නාමිකව දුරකතනය ඔස්සේ පැවසීමට තිබූ නිර්භීතකම සැබෑ නමින් ලියා එවීමට ඒ භවතුනට තිබුණේ නැත.
කෙසේ වෙතත් ආපසු හැරී බලන විට අපට සතුටු විය හැක්කේ යාත‍්‍රා දැන් එහි තේමා පාඨය වන ‘පත්තරයකට වඩා වැඩි යමක්’ යන්න සැබෑ කරගෙන ඇති බව වැටහෙන විටයි. යාත‍්‍රා පුවත්පතට එක්තරා ආයතනගත තත්ත්වයක් ලැබී ඇති සැටියකි දැන් අපට පෙනෙන්නේ. අපගේ පැමිණීම මදක් පමාවන විට ඒ ගැන විමසන විශාල පාඨක ප‍්‍රජාවක් දැන් අප සමග සිටී. අපට එරෙහිව යමක් සිදුවන විට අප වෙනුවෙන් පෙනී සිටින පාඨක ප‍්‍රජාවක් ද දැන් අපට සිටී.
වරෙක අපි යාත‍්‍රා සුබ පැතුම්පතක මෙසේ ලියා තැබුවෙමු. ‘සිය සමාජ වර පත‍්‍රය සොයා ඇවිදින උතුරු ඇමෙරිකාවේ ජීවත් වෙන ශී‍්‍ර ලාංකිකයන් වෙනුවෙන් ……යාත‍්‍රා’ යනුවෙනි.
විදෙස් රටකට ස්ථිර පදිංචියට පැමිණීමත්, පසුව තම දරුවන් මෙරට සංස්කෘතියේ කොටස්කාරයන් වීමත් හරහා අනිවාර්යයෙන් දරාගත යුතු ‘සංස්කෘතික ද්විරූපිකය’ හෙවත් පරස්පර සංස්කෘතීන් දෙකක සාරාර්ථයන් සම්මිශ‍්‍රණය කරමින් තම දරුවන්ට දායාද කරන්නේ කෙසේද යන උභතෝකෝටිකය අද ලොව කළඹවන ගැඹුරු ප‍්‍රශ්නයකි. ලෝකයේ සංක‍්‍රමණිකයන් වැඩියෙන්ම පැමිණෙන රට වශයෙන් කැනඩාව රාජ්‍යමය වශයෙන්ද මෙම කාරණය ගැන ගැඹුරින් සලකා බලා ඇත.
අපද වගකීම් සහගත පුවත්පතක් වශයෙන් අපගේ ප‍්‍රජාව සංස්කෘතික හා සමාජ වශයෙන් බලගැන්වීමටත් කැනඩාවේ ආයතන හා යහපත් සමාජ ගනුදෙනුවකට ඔවුන්ට මං පෙත් පාදා දීමත් අපේ වගකීමකැයි සිතමු. කැනඩාවේ ආයතන පද්ධතිය, සංස්කෘතිය, සමාජ ඉතිහාසය, ආර්ථික වෙනස්වීම් පිළිබඳ දැනුවත් භාවයක් අපේ පාඨක ප‍්‍රජාවට ලබාදීමට ඉදිරියේ දී ද අප උත්සාහ කරමු. විශේෂයෙන්ම බහුවිධ ජනප‍්‍රජාවක් සමග සම්මිශ‍්‍රව ජීවත්වන අපට අනෙකා යහපත් ලෙස හඳුනා ගැනීම අත්‍යාවශ්‍යවේ. ඒ සඳහා ද අපි ඉදිරියේ දී උත්සාහ කරන්නෙමු.
මෙවර පුවත්පතත් සමග අප යාත‍්‍රා ෑබටකසිය නමින් ඉංගී‍්‍රසි අතිරේකයක් ආරම්භ කරන්නේ අප නියැලී සිටින සංවාදය තවදුරටත් අපගේ යෞවන හා තරුණ පරපුර වෙත ගෙන යාමේ අටියෙනි. එයට යහපත් ප‍්‍රතිචාර ලැබෙනු ඇතැයි අපි විශ්වාස කරමු.

අපගේ ලේ ‘කොළ’ පාට නොවන්නා සේ ම ‘නිල්’ පාට ද නොවේ. ස්වාභාවික රතු පාට වුවත් ඒවායේ ජේවීපී හිමොග්ලොබින් ද නැත. ඇත්තේ පොදු මානව ගුණාංග අගයන සාධාරණ ගුණැති මිනිස් ලේ පමණි. එහෙයින් අප වැඩ කරන්නේ සිදුවීම්වල යථාර්තය හා එමගින් සිදුවන යහපත ගැන සලකා බලමිනි. පුද්ගයන්ද පක්ෂ හා පාටද අපට එතරම් වැදගත් නැත.
අප අපගේ මාධ්‍ය කි‍්‍රයාකාරිත්වය වෙනුවෙන් බොහෝ ප‍්‍රශංසා ලබා ඇත්තෙමු. මහත් ආර්ථික අමාරුකම් මධ්‍යයේ මේ මාධ්‍ය වතාවත දස වසරක් තිස්සේ නොකඩවා සිදු කෙරුණේ ඒ ප‍්‍රශංසා හා යහපත් සාධනීය විචාරයන්ට පින් සිදුවන්නට ය.
අනුස්මරණීය මිනිසුන්
මේ දස වසර තුළ අප වෙත උපකාර කොට දැන් අප අතර නැති හිතවතුන් මුලින්ම සිහිපත් කිරීම අපගේ යුතුකමකි. ඉන් පළමු වැන්නා සේ සැලකිය හැක්කේ එවකට කැනඩාවේ ට‍්‍රයිකෝ – භාණ්ඩ ප‍්‍රවාහන සේවාවේ හිමිකරු වූ නිරන්ත ද සිල්වා ය. පුවත්පතක් ඇරඹීමට ඇති ආශාව හා උනන්දුව මිස මූල්‍ය හැකියාවක් , සමාජ සම්බන්ධතා ජාලයක්, නොතිබූ අපට, නිරන්ත විසින් ඒ ආරම්භක සම්බන්ධතා ජාලය සකසා දුන්නේ ය. මීට වසර ගණනාවකට පෙර ඔහු අභාවප‍්‍රාප්ත විය.
දෙවැන්නා ෂන් අයියා හෙවත් ෂන්මුගලිංගම් මහත්මා ය. දෙමළ සමාජයේ කැපී පෙනෙන රැුඩිකල් චරිතයක් වූ ෂන් අයියා එතෙක් මෙතෙක් කලක් බරපතල ඕනෑකමකින් සිංහල සමාජය හා ගනුදෙනු කළ දෙමළ වැඩිහිටියා විය හැකිය. වාහනයක් අපට නොතිබුණ එසමයේ ඔහුගේ වාහනය නොමිලයේ ලබා දෙමින් , එමෙන්ම පුවත්පත් තැබිය යුතු වෙළෙඳ සල් හඳුන්වා දෙමින්, ඔහු මහ මෙහෙවරක් යාත‍්‍රා ආරම්භය වෙනුවෙන් ඉටු කළේ ය.
දැන් ෂන් අයියා අප අතර නැත. එහෙත් අපගේ හදවත් තුළ ඔහුගේ අපූර්ව මිත‍්‍රත්වය පිළිබඳ සටහන් නොමැකී තව කලක් පවතිනු ඇත.
අපගේ පුවත්පතේ ලාංකීය නිෂ්පාදන කටයුතු සම්බන්ධීකරණය කළ කිත්සිරි දිසානායක මීට දෙවසරකට පෙර අපව හැර ගියේය. ඔහු අහිමිවීමේ පාඩුව හා කම්පනය තවමත් පියවා ගැනීමට නොහැකිව අප ලතවෙමින් සිටින්නෙමු. මිත‍්‍රත්වය පිළිබඳ ඓතිහාසික සෙල්ලිපියක් තරම් වටිනා චරිතයක් වූ කිත්සිරි මතකය ප‍්‍රාණවත් මිත‍්‍රත්වයක තරම කියා පාන්නේ ය.
ජෝ අයියා නමින් සමස්ත ටොරොන්ටෝ සමාජය ම ආදරයෙන් හඳුන්වන හිතවතා ආරම්භක අවධියේ මගතොට නොදන්නා අප සමග පැමිණ පුවත්පත් බෙදා හැරීමේ කටයුත්තට දායක වූයේ එහි අභිවෘද්ධිය ප‍්‍රාර්ථනා කරමිනි. එමෙන්ම රංජිත් බන්දුලහේවා ද එම කටයුත්තට ඒ අයුරින්ම වෙහෙස වූයේ ය.
අපට දීර්ඝකාලීන පුවත්පත් කලාවේදී වෘත්තීය ඉතිහාසයක් ඇතැත්, ඉලක්කගත විශේෂිත ප‍්‍රජාවකට ප‍්‍රජා මූලික පුවත්පත් කලාවේදයක අත්දැකීම් තිබුණේ නැත. එය හතළිහකට ආසන්න කැනඩාවේ පළවන ශී‍්‍ර ලාංකික පුවත්පත් අතරින් කීයකට එවැනි අත්දැකීමක් තිබේ ද? ප‍්‍රජා මූලික පුවත්පත් කලාවේදයක ක‍්‍රම වේදය විය යුත්තේ සංවර්ධන මාධ්‍යවේදයක් යයි වරක් ප‍්‍රවීණ ජනසංනිවේදන විද්වතකු වූ ආචාර්ය සරත් අමුණුගම වැඩමුළුවක දී පවසනු මට මතක තිබේ. එහෙත් ඔහු කතා කළේ ඒ රට තුළ වෙසෙන ජන ප‍්‍රජාවන් ගැන ය. එහෙත් විදේශගත සංක‍්‍රමණික ප‍්‍රජාවකට පුවත්පතක් සැපයීමේ දී අරමුණු කරගත යුත්තේ කුමක්ද?
අප සමග මේ දසවසරක සිය වෙහෙසකර ගමනේ දී විශේෂිත සහයක් දැක්වූ තවත් කිහිප දෙනෙකි. ඔවුන් සිතින් ගතින් වෙහෙසෙමින් අප සමග වැඩ කළේ ය. ඩෙන්සිල් අබේවර්ධන මහතා අපගේ පළමු නිල ඡුායාරූප ශිල්පියා විය. ඔහුගේ හෘද ශල්‍යකර්මයෙන් ඔත්පලව එකී පසු ප‍්‍රතිඵල වශයෙන් ඇතිවූ රෝගී තත්ත්වයන් නිසා සිය කටයුතු පෙර පරිදි කිරීමට නොහැකි විය. එහෙත් ඡුායාරූප ශිල්පමය කටයුතු නොකරන නමුත් එතුමාගේ උණුසුම් සහය තවමත් අප වෙත ලැබෙමින් පවතී. ඊට පසු අප වෙනුවෙන් කැමරාව අතට ගත්තේ ඡුායාරූප ශිල්පී නිමල් එගොඩගෙදර ය. ඔහු නොපිරිහෙලා සිය කාර්යය ඉතාම වෙහෙසකර අත්දැකීම් ලබමින් වුවද තවමත් කරමින් සිටී. ඔහු අපගේ දැනට සිටින ප‍්‍රබල මානව සම්පතක් ලෙස හැඳින්විය හැකිය. එමෙන්ම කලක් අප සමග සේවය කරමින් සිට අපෙන් ඉවත් වූ සුජිත් පුෂ්ප කමාර , නලින් අලහකෝන් ලබා දුන් සහයද අගේ කොට සලකමු. එමෙන්ම දැනට අපගේ ශී‍්‍ර ලාංකික කාර්ය මණ්ඩලයේ සේවය කරන සමන්ත ගමගේ හා චන්දිමා පීරිස්ද පිටු අලංකරණ කටයුතු කරයි.
පුවත්පතේ ආරම්භක සමයේ අප සමග කටයුතු කොට පෞද්ගලික හේතුමත ඉවත්ව ගිය බන්දුල කුරුවිට ආරච්චි ද මෙම අවස්ථාවේ කෘතවේදීව සිහියට නැගේ. එමෙන්ම වරින්වර තවමත් අනගි සහයක් දක්වන අශෝක ප‍්‍රනාන්දු ද වේ.
මේ ආකාරයට එදා මෙදා තුර අප වෙත සහය දැක්වූ විහාරස්ථානවල නායක භික්ෂූන් වහන්සේලා විශේෂිත සංගම්වල ප‍්‍රධානීන් හා සාමාජිකත්වය, පැවැත්ම පිළිබඳ අතිශයින් වැදගත් කාර්යයක් ඉටු කරන වෙළඳ දැන්වීම් සපයන ව්‍යාපාරික ප‍්‍රජාව ඉතාම ගෞරවයෙන් යුතුව සිහිපත් කරමු.
රුවන්ඩාවේ ‘හුටු’ බහුතරයේ කැමැත්ත විසින් ‘ටුට්සි’ සුළුතරය විනාශ කරන ලද කි‍්‍රයාවලිය මහා කැළඹීමකින් යුතුව ලොව පුරා කතා බහ විය. බහුතරයේ කැමැත්ත තිබූ පමණින් ඒවා සත්‍යගරුක ද යුක්තිසහගත ද වන්නේ නැත. සුළුතරයක් වූ පමණින් ද එසේ සත්‍ය ගරුක හෝ යුක්ති ගරුක නොවේ. සත්‍ය හා යුක්ති ගරුක බව ඇත්තේ මහජන කැමැත්තට බොහෝ ඉහළිනි. අප පුවත්පතක් වශයෙන් මේ දස වසර පුරා පෙනී සිටියේ ඒ බොහෝ ඉහළ සද් කාර්යය වෙනුවෙනි. ගංගාවේ සුදෝ සුදු දිය රැුළි ඉවුරු තෙත්කරමින් ගලා යන මුත් කුණු කසල පිරි කුඩා දිය පහරවල්ද ඒ නදියට එක් විය හැකිය. එහෙත් ගංගාව නිසංසලේ ඉවුරු දැල තෙත් කරමින් ඉදිරියට ගලනු ඇත.
අසංවර්ධිත රටක දුක්ඛ දෝමනස්සයන්ගෙන් මිදීමට දරුමල්ලන් ද කැටිව මෙවැනි සංවර්ධිත රටකට පැමිණි සංවේදී මිනිසුනට තමන්ගේ රට පිළිබඳ වූ ආදරය ප‍්‍රකාශ වන විධිය ඔවුන්ගේ පරිනත බව, දැන උගත්කම් හා සමාජ පසුබිම් මත සිදුවන්නකි. එහෙත් තනි තනි මිනිසුන්ට තමන්ගේ ස්වකීය ආස්ථානවල සිටිය හැකි නමුත් සියල්ලන්ට කතා කරන මාධ්‍යවේදියකු යුක්ති ගරුක බව සත්‍යය හා පොදු යහපත වෙනුවෙන් පෙනී සිටිය යුතුය. අප හැසිරෙන්නට උත්සාහ කළේ ඒ සර්වකාලීන යුතුකම් පද්ධතිය වෙනුවෙන් ය. කෙනෙකු එය නැහැ කියාවි. ඒත් සත්‍ය නම් ගංගාවක් සේ ඉවුරු දැල තෙත් කරමින් අප හැසුරුණු වපසරිය සරුසාර කළ වගයි.
චන්ද්‍රරත්න බණ්ඩාර
යාත‍්‍රා සංස්කාරක

Share Button