නොනිමි මතක පොත

February 12, 2017 in Uncategorized

marrege

සරත් චන්ද්‍රසේකර
මා පසුගිය ලිපියෙන් සාකච්ඡුා කළේ දරුවන් මුහුණ දෙන ගැටලූ සමහරකි. විවාහ වීමට පෙර පේ‍්‍රම සම්බන්ධතාවලට යොමුවීම පිළිබඳව කෙටි සඳහනක් එහි ඇතුළත් කළේ මෙම ලිපියෙන් එම කරුණ තවදුරටත් විස්තර කිරීමේ අදහසිනි.
අද ටොරොන්ටෝ ප‍්‍රාන්තයේ ජිවත්වන සිංහල කථා කරන දෙමාපියන්ගෙන් වැඩි දෙනෙක් පේ‍්‍රම සම්බන්ධතා මත විවාහ ගිවිසගත් උදවිය වේ. යෝජනා මගින් විවාහ වීම හෝ විවාහ කරලීම තවමත් සම්පූර්ණයෙන්ම අප අතරින් තුරන් වී නොමැති බව සිංහල හා ඉංගී‍්‍රසි පුවත්පත් කියවන අපට නිතර දක්නට ලැබේ. දැන්වීම් මගින් සහකරුවන් තෝරා ගැනීමේ පුරුද්ද වෙනත් ජාතීන් අතර ද බහුල වශයෙන් පවතී. ඉන්දියානු ජාතිකයෝ මෙහිලා ඉදිරියෙන් සිටිති. අන්තර්ජාලය මගින් සහකරුවන් සොයා ගැනීමට අද බටහිර ජාතිකයන් පුරුදු වී සිටින්නේ බොහෝ විට ඔවුනගේ තරුණ වයසේ සිදුවූ පේ‍්‍රම සම්බන්ධතා බිඳ වැටීමෙන් පසු ඇතිවන ගැටලූවට මුහුණදීමේ නව ක‍්‍රමවේදයක් වශයෙනි.
අද ලංකාවේ තිරගතවන ටෙලිනාට්‍ය දෙස බලන විට විශේෂයෙන්ම මධ්‍යම පංතික පවුල්වල දරුවන්ට නිදහසේ ‘පෙම් කෙලින්නට’ ඉඩ දී ඇති බව නොරහසකි.
මෙම ගැටලූ කැනඩාව සම්බන්ධයෙන් ගලපා බැලීමේ දී කරුණු කිහිපයක්ම පෙන්වා දිය හැකිය. පොදුවේ සිංහල කථාකරන දෙමාපියන් අකමැත්තෙන් වුව ද තම ¥දරුවන්ට පේ‍්‍රම සම්බන්ධතා ආරම්භ කිරීමට හා පවත්වා ගැනීමට විරුද්ධ නොවී සිටිති. විශේෂයෙන්ම ¥වරුන් සම්බන්ධයෙන් මෙය කැපී පෙනෙන ලක්ෂණයකි. ඔවුන් යම් හෙයකින් විරුද්ධ වුවහොත් එසේ වන්නේ තම ¥වරුන් පේ‍්‍රමවන්තයන් නිතර මාරු කරන්නට පටන් ගන්නා විටදී ය. බටහිර සංස්කෘතියේ නම් ෘ්එසබට යන සංකල්පය වර්ධනය වී ඇත්තේ තමන්ට හොඳින්ම ගැලපෙන පුද්ගලයා හමුවන තුරු ඔවුන් කිහිප දෙනෙකු සමග ආශ‍්‍රය කිරීම අවශ්‍යය යන නිගමනය මතය. සිංහල සංස්කෘතියට අනුව විවාහයට පෙර කිහිප දෙනෙකු ආ‍්‍රස‍්‍රය කළ කාන්තාව අපහාසයට ලක් කිරීම පුරුද්දක් වී ඇති බැවින් එය නොමනා දෙයක් වශයෙන් තවමත් සලකති. සාමූහික චින්තනයට පුරුදු වී සිටින සිංහලයා විවාහය සහ පේ‍්‍රම සම්බන්ධතා යන කරුණු දෙකම සළකන්නේ ‘අනිත් අය මොනවා හිතයිද?’ කියන පදනමේ සිටය.
අනෙකුත් උදවිය, අසල්වාසීන් මෙන්ම හිත මිතුරන් මොනවා කියාවිද යන ප‍්‍රශ්නය අප බොහෝ දෙනෙකු ගේ තීරණ වෙනස් කරන ප‍්‍රබල නිර්නායකයක් වී ඇත. එය අනෙක් අතට මතුවී පවතින්නේ සමහර බඩු භාණ්ඩ මිලදී ගැනීමේ රටාව දෙස බලන විටය. අසල්වාසී ලාංකිකයෙක් අඟල් 50 රූපවාහිනියක් මිලදී ගත් විට ඔහුගේ / ඇයගේ බොහෝ මිතුරු මිතුරියන්ගේ ගෙවල්වලද නොබෝ දිනකින් අඟල් 50 රූපවාහිනි යන්ත‍්‍ර දක්නට ලැබෙන බව දකුනු අපි‍්‍රකානු සමාජ පර්යේෂණවල වාර්තා වී ඇත.
ලාංකික තරුණ තරුණියන් ගේ විවාහ පූර්ව පේ‍්‍රම සම්බන්ධතාවල ඇති ගැටලූ සමහරක් නම් අවශ්‍ය ප‍්‍රමාණයට ස්වජාතික ස්ව ආගමික සහකරුවන් සොයා ගැනීමේ අපහසුතාවයයි. මේ නිසා මෑත කාලීන විවාහ ගණනාවකට සහකරුවන් හෝ සහකාරියන් වී ඇත්තේ ‘සිංහල නොවන’ පුද්ගලයන්ය. මෙවැනි විවාහ ගණනාවක්ම පෝරු මස්තක ප‍්‍රාප්ත කිරීමේ වාසනාව මට ද හිමි වී තිබේ. එක් යුවලක් මනාලිය සිංහල වූ අතර මනාලයා අපි‍්‍රකානු රටක උපත ලත් ඉන්දියානු ජාතිකයෙකි. දෙවැනි විවාහය සිදුවූයේ සිංහල තරුණියන් හා ඉතාලි ජාතික තරුණයෙකු අතරය. සිංහල තරුණයන් පේ‍්‍රම සම්බන්ධතාවලට ඇතුළත් වන කණ්ඩායම අතර පිලිපීන ජාතික තරුණියන් හා සුදු කැනේඩියානු තරුණයෝද සිටිති.
පොදුවේ මෙම අන්තර් සංස්කෘතික පේ‍්‍රම සම්බන්ධතා සහ විවාහ බොහෝ විට සිදුවි ඇත්තේ එකම පාසලේ හෝ එකම විද්‍යාලයේ ඉගෙන ගැනීම එනම් බැංකුවේ සේවය කිරීම එකම දුම්රියේ නිතර ගමන් කිරීමට හා එම වර්ගයේ මිතුරන් ආශ‍්‍රය කිරීම යන පදනම් මතය. පේ‍්‍රමය ජීවිතයට ඇතුලූ වී ඇත්තේ සම්බන්ධතා ඇතිවී මාස ගණනාවක් ගිය පසුය. මුලදී ඇතිවන්නේ මිත‍්‍ර සම්බන්ධතාවකි. ඉන් පසුව එය පේ‍්‍රම සහ රාගික සම්බන්ධතා බවට අනුක‍්‍රමයෙන් වර්ධනය වනු ඇත. සමාජ විද්‍යාඥයන් නිතර පවසන කරුණක් වන්නේ වෙනත් සාමාජිය සාධක රාශියක් මුලින් එක්වූ පසු පමණක් පේ‍්‍රමය හෝ ආලවන්ත භාවය එම සම්බන්ධතාවය තුළට ඇතුළු වන බවයි.
මට හමු වූ සිංහල තරුණියන් ගණනාවක්ම පවසා ඇත්තේ තමා ගේ වෙනත් සංස්කෘතියක උපත ලැබූ පේ‍්‍රමවන්තයා ඉතා ආදරයෙන් සහ කාරුණිකව තමන්ට සළකන බවය. සුදු ජාතික තරුණයන් සමග පේ‍්‍රම සම්බන්ධතා ඇරඹූ බොහෝ සිංහල තරුණියන්ගෙන් මේ අදහස නිතර අසන්නට ලැබී ඇත. තමන් වෙනුවෙන් දැක්විය යුතු ‘ගෞරවය’ ඔවුන්ගෙන් නොපමාව ලැබෙන බව ඔවුහු පවසති. ඊට ප‍්‍රතිවිරුද්ධ කරුණක් වශයෙන් ඔවුන් පෙන්වා දෙන්නේ තමන් ගේ දෙමාපියන් අතර පවා එබදු සුහදතාවයක් නොමැති බවත් පියා හැමවිටම මව පාලනය කරන්නට තැත් දරන අවස්ථා එමට බවය. සිංහල දෙමාපියන්ගේ බලවත් රුචියක් සුදු තරුණයෙක් සමග සම්බන්ධවීමට පක්ෂව දක්නට ලැබේ. ඔවුන් දැනට බලවත් විරෝධතා පෙන්වා ඇත්තේ සිංහල තරුණියක් ද්‍රවිඩ ජාතික තරුණයෙකු සමග එකතුවන අවස්ථාවල දී ය. ජාතිවාදී හැඟීම් අගය නොකරන ඇතැම් දෙමාපියෝ මෙම සංගමය පිළිබඳව ද විරුද්ධතා පෙන්වා නොමැති අතර පූර්ණ සහයෝගය දක්වා ඇති බවද මම දැක ඇත.
මෙම කරුණ මතින් ඉස්මතු වන එක් කරුණක් නම් පේ‍්‍රම සම්බන්ධතා හෝ විවාහ සිංහල දෙමාපියන් නිර්වචනය කර ඇත්තේ දෙපාර්ශ්වයන් අතර ඇතිවන සම්බන්ධතාවයන් මිස පුද්ගලයන් දෙදෙනෙකු අතර ඇතිවන සම්බන්ධතා ජාලයක් වශයෙන් නොවන බවය. බටහිර සමාජය තුළ 21 සියවස වන විට බෙහෙවින් වර්ධනය වූ අදහස නම් විවාහය හෝ පේ‍්‍රම සම්බන්ධතාවය යනු පුද්ගලයන් දෙදෙනෙකු අතර සම්බන්ධතාවයන් සහ කරුණක් මිස අන් කිසිවක් නොවන බවය.
ඔන්ටේරියෝ ප‍්‍රාන්තයේ ජීවත්වන ලාංකිකයෝ බොහෝමයක ගේ දරුවෝ අද විශ්වවිද්‍යාලයේ වෙනත් ආයතනවල උසස් අධ්‍යාපනය ලබති. විශ්වවිද්‍යාලයක් යනු හුදු අධ්‍යාපනය ලබාදෙන ආයතනයක්ම පමණක් නොවේ. පේ‍්‍රම සම්බන්ධතා ජනනය කරන හා ව්‍යාප්ත කරන වටිනා සන්ධිස්ථානයක් ද වන්නේය. එබැවින් සිංහල තරුණ තරුණියන් පේ‍්‍රම සම්බන්ධතාවලට පෙළඹීම නොවැලැක්විය හැකි කරුණක් ද වන්නේය. අන්තර් ජාතික සම්බන්ධතාවලට පෙළඹවන බොහෝ ජෝඩු තම දෙපාර්ශයේම සංස්කෘතික ලක්ෂණවලින් ඈතට යන්නට උත්සාහ ගන්නා බව නොරහසකි. බොහෝ විට ලාංකික තරුණියෝ දෙමාපියන් සහ නිතර ගැටුම්වලට පෙළඹෙන අතර , ඔවුන්ගේ නීතිරීති උල්ලංඝනය කරන්නට පසුබට නොවෙති. මෙබදු ජෝඩු තමන්ටම ගැළපෙන සංස්කෘතික රටාවක් වර්ධනය කරන්නට උත්සාහ ගන්නේ බටහිර සංස්කෘති සාරධර්ම පදනම් කරගෙනය. අන්තර් සංස්කෘතික ජෝඩු අතර නිතර භාවිතා වන භාෂාව වන්නේ ද ඉංගී‍්‍රසි භාෂාවය. එැංඑ පැිි්ටැ යැවීම ඔවුන්ගේ ප‍්‍රධානතම කාර්යවලින් එකකි. නිතර හමුවීම, එකට හැසිරීම, හා සිප වැළඳ ගැනීමද ඔවුන්ගේ චර්යා රටාවේ එක් කොටසකි. එමෙන්ම ඔවුහු එකට පාඩම් කිරීමටද අමතක නොකරති. ජෝඩුවට අධ්‍යාපනය හමාර කර කැනඩාවේ උසස් ස්ථානයකට පැමිණිය යුතු බව බොහෝ දෙමාපියෝ විශ්වාස කරති. එමෙන්ම අනුබල දෙති.
මගේ පර්යේෂණයන්ගෙන් වාර්තා වී ඇති අන්දමට මෙසේ එක් වූ ජෝඩු අතර ක්ෂණික කෝප හෝ වැරදි වැටහීම් මත වෙන් වූ ජෝඩු ද සිටිති. ඒ අය සංඛ්‍යාව අඩු වුවත් දක්නට ලැබුණේ සිංහල කාන්තාවන් ද්‍රවිඩ තරුණයන් සමග එක්වූ අවස්ථාවලදී ය. ලංකාව තුළ පැවති හා දැනට පවතින ‘ජාතිවාදී කල්පනාවන් මීට බලපා ඇති බව මට වාර්තා වී ඇත.
බටහිර ජෝඩු දෙස බලන විට ඔවුන් අදරයෙන් ආරම්භ කර විවාහයෙන් අවසන් වන අන්දමේ සම්බන්ධතාවලට එළැඹෙන බැවින් එකට ජීවත්වීමට ඔවුන් දක්වන රුචිය බෙහෙවින් අධිකය. ආර්ථික හා සාමාජීය හේතූන් මතද ඔවුහු එකට ජීවත්වීමට පෙළෙඹෙති

සිංහල තරුණ තරුණියන් අතර මෙම සංසිද්ධිය තවත් සිදුවන්නේ ඉතාම අල්ප වශයෙනි. එසේ සිදුවී ඇති අවස්ථා පේ‍්‍රමවන්තයා ගේ පේ‍්‍රමවන්තිය වෙනත් ප‍්‍රාන්තයක සිට ටොරොන්ටෝ නුවරට ඉගෙන ගැනීමට පැමිණීම වැනි සාධක මත පදනම් වී ඇත.
කෙසේ වෙතත් ශෘංගාරාත්මක ජාතියක් වන සිංහලයෝ පේ‍්‍රමය හෝ විවාහය තවමත් තමන්ගේ ජීවිතයේ අවශ්‍ය දෙයක් සේ සලකති. අධ්‍යයනය නිම වූ පසු ඊළඟට එළඹිය යුතු අවධිය වශයෙන් තරුණියන් සළකන්නේ විවාහයයි. මෑතදී ලංකාවෙන් කැනඩාවට පදිංචියට ආ විවාහක ජෝඩු ගණනාවක්ම සමග කථාබහ කිරිමේ අවස්ථා මට ලැබුණි. ඔවුන් පවසන අන්දමට ලංකාවේ කොළඹ සමාජය බටහිර සමාජය අභිබවා යන අන්දමින් ‘සංකර’ වී ඇති බවත්, උසස් පාඨශාලාවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් අතර පේ‍්‍රම සම්බන්ධතා පමණක් නොව ලිංගික සම්බන්ධතාද බහුල වශයෙන් සිදුවන බව වාර්තාගත කරුණුය. නවීකරණය කෙතරම් දුරට ඉඩ දිය යුතු ද යන්න සංස්කෘතිය ආරක්ෂා කරන්නන් මෙන්ම රාජ්‍ය තාන්ත‍්‍රයේ වගකිව යුත්තන් විසින් තීරණය කළ යුතු කරුණකි. නවීකරණයේ වටනා ගුණාංග පමණක් උකහා ගැනීමට ඉතා විශාල වෙහෙසක් අපට දරන්නට සිදුවේ.

Share Button