වසර හැට අටක් ගෙවී ගොසිනුත්..

January 22, 2016 in කතූවැකිය

වසර නවයක් තිස්සේ යාත‍්‍රා පුවත්පත ඒ ඒ වසරවල පෙබරවාරි මාසයට නියමිත කතුවැකිය ශී‍්‍ර ලංකාවේ නිදහස් දිනය වෙනුවෙන් වෙන් කෙරිණි. පළමුවරට අප පුවත්පතේ කතුවැකිය ලියන විට ශී‍්‍ර ලංකාවේ පාලකයා වූයේ මහින්ද රාජපක්ෂය. ඒ 2008 වසරේය. ඉකුත් වසරේ යාත‍්‍රා කතුවැකිය ලියන විට පාලකයා වූයේ මෛතී‍්‍රපාල සිරිසේනය. තමන්ගේ පක්ෂය ද තමන්ගේ අනුන්තර මහිමාත්මික නායකයාගේ ද, නිර්මාතෘවරයාගේද, දායකත්වයෙන් ඇති කරන ලද යුද්ධයක් ලෙයින් හා යකඩින් මර්දනය කිරීමේ ගෞරවය බුක්ති විඳිමින්ම එම ගෞරවයම තම ඥාති මිත‍්‍රාදීන්ගේ වරප‍්‍රසාද සඳහා සීමාවක් නැතිව උපයෝගී කරගත් හෙයින් මහින්ද රාජපක්ෂට පරාජයට පත්වීමට සිදු විය.

මේ වසර නවය තිස්සේම ලියවුණු පෙබරවාරි කතුවැකි යළි කියවා බැලූවහොත් එමගින් කියැවෙන එකම දෙයක් ඇත. ඒ ලංකාවේ ගමන් මග ගැන අපගේ ඇති දැවැන්ත කලකිරීමයි.

වසර නවයක් යනු රටක ජීවිතයක අතිශය දීර්ඝ කාලයකි. යහපත් ගමන් මගකට අවතීර්ණවීමට එය ප‍්‍රමාණවත් තරම් කාලයකි. ලංකාවේ කෘෂිකාර්මික කන්න ක‍්‍රමය අනුව ගතහොත් කන්න නම් දහ අටකි. කෘෂිකර්මයේ නවෝදාවක් ඇති කර ගැනීමට කන්න දහ අටක් ප‍්‍රමාණවත් නොවන්නේද? විශ්වවිද්‍යාලවලට වසරකට සිසුන් 14000ක් බඳවා ගනී. ඉන් අදහස් කරන්නේ 1,08000 ක් උගතුන් මේ වසර නවයට සමාජගත කර ඇති බවයි. දෙකෝටියක ජනගහණයක් වෙසෙන රටකට එක් ලක්ෂ අටදාහක් උපාධිධාරින් නිසි පරිදි සමාජගත කෙරේ නම් ඒ රට කෙතරම් උසස් තත්ත්වයකට පත්විය යුතු ද?
මේ උදාහරණ දෙකක් පමණි. නිසි සමාජ කළමනාකරණයක්, සමාජ හා දේශපාලනික වටාපිටාවේ නොමැති හෙයින් සමාජමය වශයෙන් ද ආධ්‍යාත්මිකවද අවතැන් වන්නෝ බොහොමයකි. 2015 වසරේ මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාව 548ක් බවත්, ස්තී‍්‍ර ¥ෂණ සංඛ්‍යාව 2334ක් බවත් පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකයාම පවසයි. මෙමගින් හැඟවෙන්නේ සමාජ සුරක්ෂිතභාවය ඇතිකිරීමට අප රටක් වශයෙන් අසමත් බව නොවේද?.

1815 මාර්තු දෙවන දා අත්සන් කළ උඩරට ගිවිසුම මගින් ලංකා ¥පත මුළුමනින්ම පාහේ එංගන්ත කිරීටයට අයත් රාජ්‍යයක් බවට පත් කෙරිණි. එතැන් සිට පහත රට බිම් තීරවලට පමණක් සීමාවුණු ඉංගී‍්‍රසි නීතිය හා ඉංගී‍්‍රසි පරිපාලනය, ඉංගී‍්‍රසි කෘෂිකර්මය පමණක් නොව ඉංගී‍්‍රසි කෙළි සෙල්ලම් පවා (කි‍්‍රකට් වැනි* අපට ලැබුණි. කඩුගන්නාව ගල විද මහා මාර්ගය උඩරටට යා කරන්නට පෙරත් දියුණු රාජධානියක් හා ශිෂ්ටාචාරයක් එහි තිබුණු නමුත්, ඉංගී‍්‍රසින් ඇති කළ මහාමාර්ග පද්ධතිය නව දියුණුවක නවෝදය රටට උදා කර දුන්නේය. සුද්දාගේ කෘෂිකර්මය මහා පරිමාණ තේ, කොකෝ හා රබර් වගාව ආදියෙන් සමන්විත විය. ඒ වගාවන් අදටත් ශී‍්‍ර ලංකාවේ ආර්ථික පණ නල ගැට ගසා ගැනීමට දායක වේ. කැනඩාවේ සිටින අපට දැන් දැන් අලියා ගිනි පෙට්ටිය, ගොටු කොළ, මුකුණුවැන්න ටික පවා ද්‍රවිඩ ආනයනිකයන් මගින් ලැබුණත් එදා මෙදා තුර ලංකාව මුලූ යුරෝපයේමත් ඇමරිකාවේත් ප‍්‍රචලිත වූයේ ලිප්ටන්ගේ තේ, (ලංකාවේ තේ* ලොව පුරා බෙදා හැරිය ඉංගී‍්‍රසිකාරයා නිසාවෙනි. ලංකාවේ කුරුඳු, ලෝකයේ හොඳම කුරුදු ලෙස අදටත් කැනඩාවේ ද යුරෝපයේ ද පාසල්වල උගන්වයි.

දේපළ බෙදී යාමේ කුම්මැහිකමට සහෝදරයන් අතර එකම ස්ති‍්‍රයක් සරණපාවාගත් ආදරය ලෙන්ගතුකම පරිහාසයට ලක්කළ වෛවාහික නීති තිබූ ලංකාවට වික්ටෝරියානු විවාහ නීතිය ගෙන ආවේ ඒ ඉංගී‍්‍රසිකාරයා විසිනි. එයද කලක් තිස්සේ අත්හදා බැලූ රෝම ලන්දේසි නීතිය වශයෙනි.

1931 දී සර්වජන ඡුන්දබලය ලබා දීමට සලකා බැලීම සඳහා ඩොනමෝර් සාමිවරයා ප‍්‍රමුඛ කොමසාරිස්වරු ලංකාවට පැමිණියෝය. තමන් යෝජනා කරන සර්ව ජන ඡුන්දයේ ගුණාගුණ විමසීමට ඔවුන් එකල ලංකාවේ ස්ථාපිත සංවිධාන සඳහා ගෞරවාන්විතව ආරාධනා කළේය. ඒ ආරාධනාව ලැබූ සංවිධාන අතරින් ඊ.එ්. ගුණසිංහ ගේ ලංකා කම්කරු සංගමය පමණක් සර්වජන ඡුන්දය ලංකාවට සුදුසු යයි කොමිසම හමුවේ පැවසුවේය. අද එක්සත් ජාතික පක්ෂය වශයෙන් සංවිධානය වී සිටින එදා ලංකා ජාතික සංගමය නමින් හැඳින්වුනු සංවිධානයේ ලේකම්වරයා වූ හර්මන් ජේ.සී. පෙරේරා කොමිසම ඉදිරියේ සාක්ෂි දෙමින් පැවසුවේ ‘ලංකාවේ ජනයාට සර්වජන ඡුන්දය ලබාදීම හරියට වඳුරන්ට දැලි පිහි ලබාදීමට සමාන බවයි.’ එමෙන්ම වඩාත් ඉදිරිගාමී යෝජනාවක් ඉදිරි පත් කළ කෑගලූ සංගමය නියෝජනය කරමින් පැමිණි එඞ්වින් විජේරත්න මහතා (හිටපු අධ්‍යාපන ඇමතිවරයෙකු වූ නිශ්ශංක විජේරත්න මහතාගේ පියා* පැවසුවේ අපට සර්වජන ඡුන්දයත් නිදහසත් ලබා දිය යුත්තේ ඉන්දියාවේ දහ අටවැනි ප‍්‍රාන්තය ලෙස ඉන්දියාවට ලංකාව යා කරමින් ඒ මහා දේශයට ඒවා ලැබෙනවාත් සමගම බවය. ඔහු එයින් අදහස් කළේ ලංකාවේ ඇති බුදු දහම, කලා ශිල්ප ආදී බොහෝ දේ ඉන්දියාවෙන් ලැබුණු ඒවා බවත් ඉන්දියාවේ ප‍්‍රාන්ත රාජ්‍යයක් වීමත් සමග ඉන්දියානු මහා සම්ප‍්‍රදායේ කොටස්කාරයෙකු වීමට එමගින් ලංකාවට හැකිවන බවත්ය.

කවුරු එපා කිව්වත් ලංකාවේ දියුණුවේ හා සංවර්ධනයේ ලාංකික පොදු මිනිසා කොටස්කාරයෙකු කරගත හැක්කේ කෙසේදැයි හොඳින් අවබෝධ කරගෙන සිටි ඩොනමෝර් කොමසාරිස්වරු සර්ව ජන ඡුන්ද බලය ලංකාවට ලබා දුන්නෝය.

1948 දී ඉංගිරිසින් සිය පාලන බලය අතහැර ලංකාවට නිදහස ලබා දී යන්නට ගියේය. එදා සිට අද දක්වාම බලයට පත්වූ දේශීය පාලක පැලැන්තීන් කුරුමානම් අල්ලන්නේ ඉංගී‍්‍රසින් ප‍්‍රදානය කළ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට කෙළවන්නේ කෙසේද කියාය. අවසානයේ එසේ කෙළවීමට බැරි වූ තැන තමන්ගේ වාසියට සරිලන සේ ඡුන්ද දායක හැසිරීම සකස් කර ගත්තේය. කුලය, ජාතිය,ආගම, මිල මුදල් ඡුන්දය ලබා ගැනීමේ වාහක වූයේ ඉන් පසුවය. සර්වජන ඡුන්ද බලය ලැබූ දා සිට නිදහස ලබන තාක් කල් පැවති රාජ්‍ය මන්ත‍්‍රණ සභා යුගයේත්, සර්ව ජන ඡුන්ද බලය ලැබීමට පෙර පැවති සීමිත ඡුන්ද බලය පැවති කාලය තුළත් මහත්මයෙකු යැයි හැඳින්විය නොහැකි එකදු මන්තී‍්‍රවරයෙකු ව්‍යවස්ථාදායකය නියෝජනය නොකළේය. එහෙත් නිදහසෙන් පසුව සිට අද දක්වා මිනිසුන් ගස් බඳින, කුඩු බිස්නස් කරන, අරක්කු පෙරන, ගංජා වවන, පවිටුවන් මහජන මන්තී‍්‍රවරු ලෙස පාර්ලිමේන්තු අසුන් හොබවති. එදා සුද්දාගේ පාලනය තුළ සිටි ශ්‍රේෂ්ටයන් වන ඇන්. ඇම්, කොල්වින්, පිලිප්, ඒ රත්නායක, වික‍්‍රමසිංහ, කන්නන්ගර, ආදිීන් හිඳ සිටි අසුන් අරා සිටින්නේ මර්වින් සිල්වලා, ලන්සලා, දුමින්ද සිල්වලා වැනි මිනිසුන්ය.

නිදහසින් පසු ලංකාවේ ශේෂ පත‍්‍රය කවරාකාර වී ද? 53 හර්තාලය වශයෙන්, 57 ජාතිවාදී කෝලාහලය වශයෙන්, 66 දඹරාවේ රතනසාර ඝාතනය වශයෙන්, 71 කැරැුල්ල වශයෙන්, 77 ජාතිවාදී කෝලාහල වශයෙන්, 1983 සිට 2009 දක්වා උතුරේ ජනවාර්ගික යුද්ධය වශයෙන්, යළිදු 87-89 කැරැුල්ල වශයෙන්, සාමුහික ඝාතන යායක් ජාති ආගම් භේදයක් නැතිව රට පුරා සිදු කෙරිණි. එමගින් මිය ගිය ජන සංඛ්‍යාව මිනිය හැක්කේ දහස් ගණනින් නොව ලක්ෂ ගණනිනි.
මේ සා ජීවිත හානියක් සිදු වීත් ඝාතනයට එරෙහි හඬ කෝඳුරු හඬක් තරම් සිහින් එකකි. සාමය පිළිබඳ ඉල්ලීමද එයාකාරය.

නිදහසින් අර්ථ ගැන්වෙන්නේ රටක තමන්ගේම වූ වාත්සල්‍යයකින් රටේ සම්පත්, රටේ දැනුම වර්ධනය කර ගැනීමය. අතීතයේ ලංකාවේ තමන්ටම ආවේණික ආයුර්වේදයක් තිබුණි. එය ඇතැම් රෝග සඳහා බටහිර වෙදකම අභිබවා ගිය හපන්කම් දැක්වීය. (උදා. අක්ෂි වෙදකම, හන්දි වෙදකම, මානසික රෝග සඳහා වෙදකම* ඒ දැනුමට සිදු වූයේ කුමක්ද? වැදගත් කමකින් යුත් බෞද්ධ පත පොත බිහි විය. පුරාණ බෞද්ධ පොත පත යළි යළි සංස්කරණය කෙරිණි. ඒවාට අටුවා ටීකා ටිප්පණි ලියවිණි. සිංහල භාෂාවේ නිර්මාණාත්මක ගාම්භීරත්වය රැුකුණේ භික්ෂූන් අතිනි. යක්කඩුවේ ප‍්‍රඥාරාම, බඹරැුන්දේ සිරිසීවලී, යගිරල පඤ්ඤාවංශ, කලූකොඳයාවේ ප‍්‍රඥාසාර, කිරිවත්තුඩුවේ ප‍්‍රඥාසාර, බලන්ගොඩ ආනන්ද මෛතී‍්‍ර වැනි බොහෝ දිගු ප‍්‍රඥාවන්ත යතිවර නාමාවලියකි. ඒ නිදහසට පෙරය. අද නිදහසින් වසර හැට අටක් ආසන්නයේ ගැඹුරු පත පොතක් භික්ෂූන් අතින් ලියවෙන්නේ නැති තරම්ය. මහ මඟ අඬ දබර කර ගන්නා, කෝපයෙන් පුපුරන, අන් ජාතින්ට ගහ මරා ගන්නට ආරාධනා කරන භික්ෂූන් පෙරමුණේ රාළලාව සිටිති.

සුද්දාගේ පාලනය තුළ භාෂාව සුරැුකිණි. වියරණ ගැන, භාෂාවේ නිවැරදි මග ගැන, සාහිත්‍ය ගැන පොදුවේ ජනයාට හැඟීමක් ගෞරවයක් තිබිණි. අද එෆ්එම් නමින් ඇති සිය ගණනක් රේඩියෝ චැනලයන්, රූපවාහිනි වැඩ සටහනුත් භාෂාවට කරන හානිය දේශපේ‍්‍රමියකුට බලා සිටිය හැකිද? ඉංගිරිසියවත් සිංහලයවත් නොදන්නා පැටික්කන් හා පැටික්කියන් පිරිසක් ගුවන්විදුලිය හා රූපවාහිනිය හරහා කෑකෝ ගසන්නේ අති විශිෂ්ට ඉතිහාසයක් සහිත භාෂාව වලපල්ලට යවමිනි.
මේ දහසක් විනාශයන් අතරින් කිහිපයක් පමණි. ජාතික යයි කියන කමිස සරම් ඇඳගෙන දොහොත් මුදුන් දී බුදුන් වඳිමින් වැඩිමනත් වශයෙන් සාටකයක්ද කර පලඳා පාලකයන් නිදහසේ නාමයෙන් කළේ ප්‍රෝඩාවකි. ඒ ප්‍රෝඩාව ලංකා ධරණී තලය ලෙයින් නැහැවීය. ඒ ලේ උල්පත නැවතීමට හරවත් යමක් සිදු වන වගක් නිදහස ලබා 68 වසරක් ගෙවී යන මොහොතේ පවා අපට දැකගත නොහැක.

සංස්කාරක
10359532_894071193943711_6723640337698621055_n

Share Button