පේරාදෙණි පෙම්වතුන්ගේ වගතුග – සමාජ විද්‍යාත්මක අගැයීමක් :ආචාර්ය සරත් චන්ද්‍රසේකර

December 16, 2015 in Uncategorized, විශේෂාංග

lover

පේරාදෙණි පෙම්වතුන්ගේ වගතුග – සමාජ විද්‍යාත්මක අගැයීමක්
ආචාර්ය සරත් චන්ද්‍රසේකර

ආරම්භයේ සිටම පේරාදෙණි සරසවිය උගතුන් බිහිකළ ආයතනයක් වශයෙන් ප‍්‍රසිද්ධත්වයක් ලබා තිබුණි. එමෙන්ම එහි භෞතික පරිසරයේ ඇති දර්ශනීයත්වයත්, ගෘඞගාරයට බර පෙනුමත් පිළිබඳව බොහෝ උදවිය කථා කර තිබුණි. විශ්වවිද්‍යාලයක ප‍්‍රධානම පරමාර්ථය වන්නේ අධ්‍යාපනය දීම සහ ආකල්ප වර්ධනය යැයි සැලකුව ද, ආචාර්ය රොබඞ් මර්ටන් නමැති සමාජ විද්‍යාඥයාට අනුව එබ\ු ආයතනවලින් යම් යම් සැඟවුණු පරමාර්ථ ද ඉටු වී ඇති අයුරු මැනවින් දක්නට ලැබේ. තරුණ තරුණියන්ට ආල වඩන්නටත් පේ‍්‍රමය පිළිබඳ ජිවිත අත්දැකීම් ලබන්නටත් සරසවිය බෙහෙවින් උපයෝගී වී ඇත. 1967 පමණ පේරාදෙණියට ඇතුළු වූ බහුතර සංඛ්‍යාවක් ඔවුන්ගේ අනාගත ස්වාමිපුරුෂයන් සහ බිරින්දන් සොයාගත්තේ ද එම සරසවි ජනතාව අතුරිනි. මෙම ලිපියට පදනම් වී ඇත්තේ මා 1971-74 අතර පේරාදෙණි සරසවියේ සමාජ විද්‍යා අංශයේ කථිකාචාර්යවරයකු වශයෙන් සේවය කරන අතරතුර ජෝඩු හතළිහකින් පමණ ලබාගත් තොරතුරු සම්භාරයකි.
ලාංකීය සමාජය 1970 ගණන්වලදී පවා නිදහසේ පේ‍්‍රම කිරීම සඳහා තරුණ තරුණියන්ට ඉඩකඩ සලසා තිබුණේ නැත. පේ‍්‍රමාන්විත හැඟීම් කැස්ස මෙන්ම සඟවා තබාගැනීමට නොහැකි වුවද බොහෝ දෙනෙක් සරසවියේ ගත කළ කාලය තුළ තම තමන්ගේ පේ‍්‍රම සම්බන්ධතා රහස්‍ය දෙයක් සේ තබාගත් බව අපි දනිමු.
බොහෝ පිරිමි ශිෂ්‍යයෝ අභීතව ඉදිරියට ගොස් ‘මා ඔබට ආදරෙයි’ කියා කියන්නට තරම් නිර්භීත නොවූහ. තමන්ගේ මිතුරකු හෝ කාමර සගයා මගින් පේ‍්‍රමාන්විත අදහස් ගැහැනු ළමයකුට දන්වා යැවීම එක් පුරුද්දක් වී තිබුණි. පුස්තකාලය වැනි ස්ථානවලදී ‘තුන්ඩුවල’ පණිවිඩ ලියා යැවීමද තවත් ප‍්‍රවේශයක් වූයේය. එක්තරා අන්දමකින් ‘මඟුල් කපුකම්’ කිරීම මොවුන් අතර බහුල විය. මින් පරිබාහිර ප‍්‍රවේශයන් ගෙන් එකක් නම් ප‍්‍රසිද්ධ ‘වර්ණපාල’ න්‍යායයි. තමන් දන්නා සහ අතිශයින් කැමති ගැහැනු ළමයකු සමග නිතර ගැවසෙන පිරිමි දරුවා, ඔහුගේ නම නොපවසා ප‍්‍රසන්න හැඟීම් සහ කතන්දර එම ගැහැනු ළමයාට පැවසීමට පුරුදු වී සිටියේය. එමෙන්ම එම ගැහැනු දරුවා තමන්ගේ නේවාසිකාගාරය අසලින් ගමන් කරන අවස්ථාවල දී එම පිරිමි දරුවා තම මිතුරන් ද සමග ‘හා අද අර හැන්ඩියත් එක්ක හුඟක් වෙලා කථා කර කර හිටියා නේද? ඔයා කැමතියි නේද?’ වැනි විවෘත ප‍්‍රකාශ ශබ්ද නගා පැවසීම වර්ණපාල ප‍්‍රවේශයේ දෙවැනි අදියර වූයේ ය. නිතර නිතර මෙවන් දේ කන වැටුණු ගැහැනු දරුවා, මේ කතාකරන්නේ කවුරුන් පිළිබඳවද යන විමතියට පත්වන්නී ය. ඉන් පසුව ඇය ඒ තැනැත්තා කවරෙක් ද යන්න සොයා බලන්නට පෙළඹෙයි. අවසාන ප‍්‍රතිඵලය වන්නේ ඔවුන් දෙදෙනා මැනැවින් හඳුනාගෙන විවාහය දක්වා ගමන් කිරීම ය.
ප‍්‍රස :ත්‍රමිඑර්එසදබ* ගැසීම ද තවත් පිරිමි දරුවන් අතර ප‍්‍රසිද්ධ කි‍්‍රයා පටිපාටියකි. එයට භාජනය වන පිරිමි දරුවා කිසියම් ගැහුනු දරුවකුගේ ප‍්‍රබල ප‍්‍රතික්ෂේප වීමට භාජනය වී තිබිය යුතුය. සමහර විට දී ගැහැනු දරුවා තම දෙමාපියන් බලන්නට ගමට ගොස් සිටි අවස්ථාවල දී ද පිරිමි දරුවා ‘ප‍්‍රස‘ ගන්නා බව අපි දැක ඇත්තෙමු. ‘සත්‍ය පේ‍්‍රම භෘංග රාජයා’ යනු අප දුටු තවත් විශේෂ පිරිමි කාණ්ඩයකි. එක් ගැහැණු දරුවකු දෙස ඉතා ඕනෑකමින් ආදරය කරන ීඡුඊඍ සමහරවිට ගැහැනු දරුවාගේ අනෙකුත් යාළු මිත‍්‍රකම්වලට ද අකුල් හෙළන බව අපි දනිමු. මේ අතර තවත් සුලභ වර්ගයක් වන්නේ ‘සෙවලයන්ය’. ඔවුනට එක් නිශ්චිත පෙම්වතියන් නොමැතිවා පමණක් නොව නිතර ගැහැනු දරුවන් සමග ගැවසීමේ ප‍්‍රවණතාවක් නිරූපණය කරති.
ගැහැනු දරුවන් අතර දක්නට ලැබුණේ වැඩි පමණක්ම ‘බත් අම්මලා’ය. ඒ අය එක් පිරිමි දරුවකු වෙනුවෙන්ම කැපවී නිතර කෑම බීම උයමින්, සපයමින් දැනටමත් විවාහක යුවළක් සේ හැසිරෙන්නට ඔවුහු වෙර දරති. තරමක කොටට ගවුම් අඳින සහ කඩිමුඩියේ ගමන් කරන ගැහැනු දරුවෝ ද ‘විසේ ඇති’ අය වශයෙන් පිරිමින් අතර ජනපි‍්‍රය වී තිබුණි.
ලාංකික කාන්තාවකගේ විවාහය මේ වකවානුවල බැඳී තිබුණේ සාධක රාශියක් මතය. රූප ශෝභාව, කන්‍යා භාවය, තරමක හෝ දෑවැද්දක්, ළෙන්ගතුකම සහ කෝමලත්වය යන සාධක මත බිරිදක් තෝරා ගැනීමට සංස්කෘතිය පිරිමි උදවියට සමාජානුයෝජනය කර තිබුණි. මේ නිසා ¥වරුන් හොඳින් රැුකබලා ගැනීම ‘කථාවක් නො ඇසෙන පරිදි’ හදාවඩා ගැනීම විශේෂ වගකීමක් ලෙස මෑණිවරු සැලකූහ. මෙම සංස්කෘතික බැමි බොහොමයක් සරසවිය තුළ දී කැඞී ගිය බව අපි දුටිමු. 1970 ගණන්වල අමරිකානු විශ්වවිද්‍යාලවල පේ‍්‍රමය පිළිබඳ ලියූ හොරෝවිට්ස් පවසන්නේ මධ්‍යම පංතික ඇමරිකානු කාන්තාවන් විශ්වවිද්‍යාල යනු විනෝදාත්මක ස්ථාන ලෙස සලකා ඇති අතර ගැළපෙන ස්වාමිපුරුෂයෙකු සොයා ගැනීමද ඔවුන්ගේ එක් ප‍්‍රධාන අභිලාෂයක් වශයෙන් සලකා ඇති බවයි.
මට හැඟී ගිය ආකාරයට 1970 ගණන්වල පෙරාදෙණි තරුණයන් වැඩි දෙනෙක් රූපයට වඩා අධ්‍යාපනික සාර්ථකත්වය ඉතා ඉහළින් සැලකූ බව පෙණුනි.
ආදර රටා
සරසවි පේ‍්‍රමය ප‍්‍රකාශ කරන ආකාර එමටය. දෙබස් කථා, තනිපංගලමේ කථා, ඕපා¥ප, කාව්‍යමය අදහස් ප‍්‍රකාශනය ඉන් සමහරකි. (හොලන්ඞ් සහ අයිසන්හාට් 1990:89* කරන ලද ඇමරිකානු අධ්‍යයනය අනුව නේවාසිකාගාරවල පුස්තකාලවල, පංතිවලට යන එන ගමනේ දී මේ පේ‍්‍රම සාකච්ඡුා එමට සිදුවන බව සඳහන් වේ. වඩා පි‍්‍රයමනාප හෝ සුරූපී කාන්තාව කවුද? ලස්සන පිරිමියා කවුද? කවුරු කා සමග මේ දිනවල ගැවසෙනවා ද?, කා සමග ඇවිදින්නට යාමට කවුරුන් පුල පුලා සිටින්නේද?, දැනට එක්ව සිටින පේ‍්‍රමවන්ත යුවළ කෙතරම් ගැලපේද?, වඩාත් ආකර්ෂණීය වීමට නම් කෙසේ හැසිරිය යුතුද යනාදී ප‍්‍රශ්න මෙම පේ‍්‍රම සාකච්ඡුාවල හෝ ඕපා¥පවල බහුල වශයෙන් දක්නට ලැබිණ. පේරාදෙණිය සරසවිය තුළ ද පැවතියේ මීට වඩා වෙනස් රාමුවක් නොවේ. අලූතින් යුවළක් ගමන් ආරම්භ කිරීම – දැක්කීම – පටන් ගත් සැණින් ඒ ආරංචිය පිරිමි සහ ගැහැනු දෙගොල්ලම අතර පැතිරුණේ ඉතා සැණෙකිනි. කෙසේ වෙතත් පේ‍්‍රමය සහ කාමය පිළිබඳ කථා බහ කිරීමේ ආකාර පිරිමි සහ ගැහැනු අතර වෙනස් රටාවකින් දියත් වී තිබිණි. තමන්ගේ ගැහැනු දරුවා සමග නිරත වූ කාම සාකච්ඡුා සහ කටයුතු පිළිබඳව තම කාමර සගයා සමග හෝ අනෙකුත් පිරිමි යහළුවන් සමග පැවසීමට පිරිමි උත්සුක වන අතර ගැහැනු දරුවෝ එම විස්තර හංගාගෙන සිටීමට පුරුදු වී තිබුණි. බොහෝ ගැහැනු දරුවෝ සරසවියට පැමිණෙන අවධිය වන විට කිසිදු ලිංගික සම්බන්ධතාවයන් පවත්වා නොමැති බවත්, එවැන්නක් සිදුවී නම් ඒ සරසවිය තුළ දී බවත් මගේ නියැදියට අයත් වූ ප‍්‍රතිචාරකයන් පවසා ඇත. බොහෝ ගැහැනු දරුවන් රමණයෙහි යෙදීම විවාහ වන තුරු නොකළ යුතු දෙයක් වශයෙන් සැලකූ බව වාර්තා වී තිබේ.
බොහෝ බටහිර රටවල ගෘංගාරාත්මක පේ‍්‍රමය :ඍදප්බඑසජ ඛදඩැ* යනු සංස්කෘතික වශයෙන් ලිංගික කටයුතු ආරම්භ කිරීමේ ප‍්‍රවේශ පත‍්‍රයකි. 11 වැනි සියවසේ දී ප‍්‍රංශයෙන් ඇරඹුණු මෙම නව ප‍්‍රවණතාවය බොහෝ කාර්මික හා නාගරික රටවල පැතිරී ගියේ ලැව්ගින්නක් සේය. කැනඩාවේ පවත්වන ලද සමීක්ෂණ අනුව බොහෝ තරුණයන් තම නව පෙම්වතිය සමග ඇඳට යාම දෙවැනි හමුවීමේ දී බලාපොරොත්තු වන අතර තරුණියෝ එම කටයුත්ත 7 – 8 වැනි හමුවීම දක්වා කල්දමන බව පෙනේ.
1970 වන විටත් යෝජනාවලින් විවාහවීමේ පුරුද්ද ලාංකික සමාජයේ බහුල වශයෙන් පැවතිනි. පළමුව විවාහ වී දෙවනුව ආදරය කළ යුතු යැයි සිංහල සංස්කෘතියෙන් පණවා තිබූ ආචාර ධර්මයකි. ඊට තවත් හේතුවක් වූයේ මානව විද්‍යාඥයන් පවසන අන්දමට ලංකාවේ විවාහ පුද්ගලයෝ දෙදෙනෙකු අතර ඇතිවන සම්මුතියක් නොව පවුල් දෙකක් කණ්ඩායම් දෙකක් අතර ඇතිවන සම්බන්ධතාවයකි. එබැවින් ‘ගෞරවය’ ආරක්ෂා කර ගැනීම සඳහා කාන්තාවන්ගේ පාර්ශ්වය විශේෂ උනන්දුවක් දක්වති.
සරසවි ශිෂ්‍යයෝ මේ ආකාරයේ සාම්ප‍්‍රදායික රටාවකම කටයුතු කළේ යැයි බහුල සාධක නොමැත්තේ ය. පේරාදෙණි සරසවියේ ශෘංගාරාත්මක පරිසරයෙන් ලබාදුන් අසීමිත නිදහස ශිෂ්‍යයෝ මැනැවින් භුක්තිවින්දේ නැතැයි කීම අසීරුය. එහෙත් සරසවි නොගිය සහ යාමට අවස්ථා අහිමි වූ බොහෝ සෙසු ලාංකික ජනතාව සරසවි ශිෂ්‍යයන්ව හැඳින්වූයේ ජීවිතයේ හැම දෙයක්ම අත්දකින ලද කණ්ඩායමක් වශයෙනි. එය ඉතා ප‍්‍රශංසාත්මකව කරනු ලබන ප‍්‍රකාශයක් ද නොවන්නේ ය.
සරසවිය තුළ ප‍්‍රථම ආදරය ආරම්භ වන්නේ නව වර්ෂය ආරම්භවීමත් සමගය. ‘අලූතින් නැවක්‘ ඇවිත් යන ප‍්‍රකාශය පිරිමි ශිෂ්‍යයන් අතර බහුල වශයෙන් ප‍්‍රකාශ වන්නේ වර්ෂය ආරම්භ වන සැප්තැම්බර් / ඔක්තෝබර් මාසවලදීය. ‘බඩුවක් දා ගැනීමේ‘ අදහසින් අලූත් නැව එන තුරු බලා සිටින ‘ජ්‍යෙෂ්ඨ උත්තමයන්’ නවක වදය මේ සඳහා සුදුසු අවස්ථාවක් කර ගනිති. තමන් සතුව දැනට සිටින පෙම්වතිය ඉවත් කර නව පෙම්වතියක් සොයා ගැනීමට ද සමහරු උත්සුක වෙති.
බටහිර රටවල මෙන්ම ලංකාවේ ද විශ්වවිද්‍යාලවල උගන්නා ගැහැනු දරුවෝ නවකවදය තම පෙම්වතුන් සොයා ගැනීමට යොදාගන්නා බවට වාර්තා වී නැත. කෙසේ වෙතත් වනිතාවාදී සංකල්පවලින් :ත්‍ැපසබසිඑ ඔයදමටයඑ* වලින් මේ සමහර සිද්ධි සහ වාග් මාලා (උදා වශයෙන් බඩුවක්* දෙස බලන විට ඒවා කාන්තා පක්ෂය හෙළා දකින අන්දමේ ප‍්‍රකාශ බව මට සිතේ. පීතෘමූලික සමාජ රටාවක කාන්තාවට හිමිව තිබුණේ හැම විටම දෙවැනි තුන්වැනි ස්ථානයකි. මෑත දි ටොරොන්ටෝ නුවර පෙන්වනු ලැබූ ගින්දරී චිත‍්‍රපටියේ ද මෙම සංඝට්ඨනය මැනැවින් නිරූපණය වී තිබුණි. බුද්ධ ධර්මයෙන් සහ බුදුන් වහන්සේගේ කි‍්‍රයා මාර්ගවලින් කාන්තාවන්ට නිසි තැන ලබාදීමටත් උත්සාහ ගෙන තිබුණද, හින්දු බලපෑමෙන් මිදෙන්නට අපොහොසත් වූ ලාංකික පිතෘ මූලික සමාජය දිගින් දිගටම කාන්තාවට ලබා දී ඇත්තේ නොවැදගත් ස්ථානයකි.
1970 වර්ෂවල පේරාදෙණිය රාමනාදන් ශාලාවේ පැවති එක්තරා විනය පද්ධතියක් මීට ඉතා අගනා උදාහරණයකි. යම් ගැහැනු දරුවෙක් තම පෙම්වතා සමග ඇවිදින්නට ගොස් රාතී‍්‍ර 7ට පෙර ආපසු සේවාසිකාගාරයට ළඟා නොවුවහොත්, එම කාන්තාව වෛද්‍ය පරික්ෂණයක් සඳහා සෞඛ්‍ය මධ්‍යස්ථානයට යැවීම අත්‍යවශ්‍ය නීතියක් වී තිබුණි. මෙබදු නීති කි‍්‍රයාත්මක කිරීම ශාලාධිපතිනියගේ වගකීම වූ අතර එය ‘ද්වන්ද තරාතිරම්‘ පිළිබඳ මාහැඟි උදාහරණයකි. කිසිදු දිනක පිරිමි ළමයකු එබඳු පරීක්ෂාවකට ලක් වූ බවක් මම නොදනිමි.
පේ‍්‍රමය ප‍්‍රකාශ කිරීමේ නිදහස පිරිමින්ට සිතූ පැතූ ආකාරයට ලැබී තිබුණ ද කාන්තාවන්ට එය අසීමිත අන්දමින් සීමා කර තිබුණි.
පේරාදෙණි පරිසරය තුළ ගෘහ නිර්මාණ ශිල්පීන් විසින්ම තනා තිබූ ‘ආදරවන්තයන්ගේ පටුමග’ මෙබඳු ගෘංගාරාත්මක පේ‍්‍රමය උද්දීපනය කරන්නට තැනූ ප‍්‍රවේශයකි. සරසවියට ඇතුළුවන්නේ වැඩිහිටි ශිෂ්‍යයන් බැවින් ඔවුන්ගේ පෞද්ගලික නිදහස ආරක්ෂා කිරීමට බලධාරින් එක් අතකින් සූදානම්ව සිටියදී තවත් අතකින් කාන්තාවන්ට පමණක් නීති රීති පැනවීම පරස්පර විරෝධී කරුණක් ලෙස මම දකිමි.
ආදරවන්තයන්ගේ පටුමගෙහි පිය සටහන් කළ බොහෝ දෙනා අතුරින් පිරිමි අය ඒ පිළිබඳව විවෘතව කථා කළ ද, ගැහැනු ශිෂ්‍යාවෝ ඒ රහසක් වශයෙන් නිතරම පවත්වා ගත්හ. ඔවුන් අතර පැවති ප‍්‍රධාන බිය වූයේ විවාහප‍්‍රාප්ත වන අවස්ථාවේදී තමන්ගේ කන්‍යා භාවය පිළිබඳව මතුවිය හැකි සමාජීය හා සංස්කෘතික ඇගයුම්වලට මුහුණ දීමේ ප‍්‍රබල අපහසුතාවයයි.
මා සාකච්ඡුා කළ බොහෝ පිරිමි උදවිය ද පවසා සිටියේ රමණයෙහි යෙදීම ඔවුන් තුළ පැවති ප‍්‍රධාන අදහස් නොවුන බවය. පවුල් සංවිධාන ක‍්‍රමවලට පහසුවෙන් ළඟා විය නොහැකි එවන් කාලයක තම පෙම්වතිය ගැබ් ගනී ද යන සැකය මත බොහෝ පිරිමි ශිෂ්‍යයෝ රමණයෙන් වැලකී සිටි බව වාර්තා වේ.
අන්තර් පීඨ පේ‍්‍රමය පිළිබඳව සලකා බැලීමේදී බහුල වශයෙන් දක්නට ලැබුණේ පෙම්වතුන් පෙම්වතියන් තොරා ගැනීම තමන් අයත් පීඨයේ සාමාජිකයාගෙන්ම සිදු වූ බවය. විද්‍යා පීඨයට අයිති ශිෂ්‍යයෝ කලා පීඨයට අයත් ශිෂ්‍යාවක් සමග පේ‍්‍රම සම්බන්ධයකට එන්නට ඉඩකඩ බොහෝ ය. එහෙත් වෛද්‍ය පීඨය හා කලා පීඨය අතර එබඳු අවස්ථා දුර්ලභ වන්නට එක් හේතුවක් වූයේ වෛද්‍ය පීඨය ඉංගි‍්‍රසි කථා කරන ශිෂ්‍යයන් ආධිපත්‍යයට යටත්ව තිබූ නිසාය.
සහකරුවන් සහකාරියන් තෝරා ගැනීමේදී මුල් වූ සමහර නිර්නායක මෙසේය. කොළඹ පාසලකින් පැමිණියේ ද, උඩරට සංස්කෘතියට සම්බන්ධකම් තිබේද? ගාලූ – මාතර ප‍්‍රදේශවලට සම්බන්ධ ද, හතරවන වසර අවසානයේ පංතියක් ලබාගෙන, ආචාර්ය මණ්ඩලයට ඇතුළු වීමට ඇති ඉඩකඩ කවරේ ද, සුරූපීද නැත්නම් කඩවසම්ද? මීට අමතර වෙනත් දක්ෂතා පෙන්වා තිබේද යන මේ කරුණු පොදුවේ භාවිතා කළ බව අපි දනිමු.
පේරාදෙණිය මේ වකවානුව තුළ සෞන්දර්යාත්මක පුනර්ජීවනයක් ලබමින් සිටියේය. මනමේ සිංහබාහු නාට්‍ය නැවත රඟදැක්වීමත්, මහාසාර, පේ‍්‍රමතෝ ජායතී සෝකෝ රඟදැක්වීමත්, වාර්ෂික නාට්‍ය උළෙල සරච්චන්ද්‍ර එළිමහන් රඟහලේ රඟ දැක්වීමත්, අමරදේව නන්දාමාලනී සුඛාවතී රඟහලේ ප‍්‍රසංග පැවැත්වීමත් ආදී වශයෙන් සංස්කෘතික කටයුතු රැුසක් 1967-1972 කාලය තුළ කි‍්‍රයාත්මක විය. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ මූලිකත්වය අනුව ගලහ පාර ඔස්සේ භක්ති ගීත ගයමින් සරසවි ශිෂ්‍ය ශිෂ්‍යාවෝ රාශියක් ශාලාවෙන් ශාලාවට ගියෝය.
මේ හැම අවස්ථාවක්ම තරුණ පේ‍්‍රමය උද්දීපණය කරන්නට අවස්ථා සලසා දුන් බව සහතිකය. සරච්චන්ද්‍ර නාට්‍ය කණ්ඩායම්වල බොහෝ දෙනෙක් පේ‍්‍රම සම්බන්ධතාවලට පැමිණියේ තමන් සමඟ එකට එක කටයුතු කළ උදවිය සමඟය. අද දිවයිනේ කීර්තිමත් නාට්‍ය ශිල්පීන් ගණනාවක්ම තම අඹුවන් සොයාගත්තේ මේ වකවානුවේ දී යැයි කීම නිවරදය.
පේ‍්‍රමය ජයගත් අවස්ථා මෙන්ම පේ‍්‍රමය පරාජය වූ අවස්ථා ද එමටය. පෙර්දොණි සරසවි කලාගාරයේ පුටුවල ලියා තැබූ විපුලම්භ ගෘංගාරයන් තැවරුණු මේ කවිය මීට අගනා උදාහරණයකි.
දකුණු පා මා පට ඇඟිල්ලෙන්
ලකුණු කළ ආදරේ රේඛා
ලෙවන් හදවත් පරයා – මෙවන් සෝදුක් වේදනා
තවත් කෙනෙකුට නොදෙන් සොඳුරිය
මගෙන් මේ අභියාචනා…..

මා ඉහත වාර්තා කළ ඇතැම් තත්ත්වයන් අවුරුදු 40 පසුව අද වෙනස්වී ඇතැයි මා අසා ඇත. එවකට සරසවියේ විසූ බොහෝ දෙනෙක් දැනට විශ‍්‍රාම ගොස් ඇත. නැතිනම් විදේශ රටවල මැනවින් ජිවත් වෙති. පේරාදෙණි සරසවිය උගතුන් පමණක් බිහිකළ ස්ථානයක් නොවේ. එය පෙම්වතුන්ගේ පාරාදීසයක් ද වූයේය. සරසවිය මතකයෙන් ඈත් කිරීමට බොහෝ දෙනෙකුට අපහසු වන්නේ ඒ නිසාමය.
(මෙම ලිපියෙහි මුල් ඉංගී‍්‍රසි පිටපත පේරාදෙණි විද්‍යාර්ථීන්ගේ සංගමයෙන් පළකරන ස`ගරාවෙහි 2016 ජනවාරි කලාපයේ පළවනු ඇත.*

Share Button