අවදිවීම: දහම් රාජපක්ෂ

December 16, 2015 in විශේෂාංග

imagesC8T84AW2

වසර ගණනාවක් මා සමග ආහාර ගත් මගේ කාර්යාලයීය සගයා වෙනත් ආයතනයකට යාම නිසාවෙන් එක් දිනක් දිවා ආහාරය සඳහා ආපන ශාලාවේ මට තනිව අසුන් ගැනීමට සිදු විය. යම් ප‍්‍රමාණයක හිස් බවක් මට දැනුන බැවින් ඉදිරි මේසයෙහි ඇතිවන සංවාදයට මගේ මනස යොමුවූයේ මටත් නොදැනීම ය.
ඔවුන් කුමක් සාකච්ඡුා කරන්නේ දැ යි මම මුලින් නොදැන සිටිය ද, එහි ඇතුළත කරුණු ඇසෙන විට එම සංවාදය මගේ කුතුහලය තව තවත් වර්ධනය වී, වැරදි කි‍්‍රයාවක් වුවත් එයට සවන්දීමට මම ඉටා ගතිමි. ඔවුන් දෙදෙනාම කාන්තාවන් විය. ඉන් එක් අයෙක් අප සිල්කා:ී* ලෙස ද අනෙකා එරිකා:ෑ* ලෙස ද අන්වර්ථ නාම මගින් හඳුන්වන්නෙමු. අවසානයේදී ඔවුන්ගේ සාකච්ඡුාවේ තිබූ වටිනාකම මට වැටහුණු නිසා ඔබගේ දැනුම වෙනුවෙන් මම එය ඒ ආකාරයෙන්ම සඳහන් කරන්නෙමි.
සිල්කා : ඔබ ගිය සතියේ වැඩට පැමිණියේ නැහැ. ඔබට මොන යම් හෝ කරදයක් වූවාද?
එරිකා : ඔව් මම පැමිණියේ නැහැ. මගේ දරුවන් අසනීප වුණ බැවින් ඔවුන්ගේ ළමා සායන ඔවුන්ව තබා ගැනීම ප‍්‍රතික්ෂේප කළා. මට ඔවුන් නතර කර තබන්න තැනක් තිබුණේ නැහැ.
සිල්කා : අහන්න කණගාටුයි. අඩු තරමින් ඔබේ ප‍්‍රජාවට අයත් ස්ථානයක් ඔබට තිබුණේ නැති ද?
එරිකා : අනේ නැහැ. ඇයි ඔබගේ ප‍්‍රජාව අතරේ එවන් පහසුකමක් ඇති කර තිබෙනවා ද? එවන් පහසු කමක් කැනඩාවෙහි තිබෙන බවක්වත් මම අසා නැහැ.
සිල්කා : ඇත්ත. නමුත් එවන් පහසු කමක් ඇති එකම ප‍්‍රජාව අප විය හැකියි. ඉතාමත් හොඳ පහසුකම් සහිත ළමා සායනයක් අප ප‍්‍රජාව ආරම්භ කර තියෙනවා. දරුවන් අසනීප වූව ද ඔවුන් වෙන් කර බලා ගැනීමට හැකි පහසුකම් ඔවුන් සකසා තිබෙනවා.
එරිකා : ඒ කොහොම ද? කරුණාකර මට තව විස්තර කියන්න.
සිල්කා : එය අපගේ සමහර ප‍්‍රජා සාමාජිකයන්ගේ දුර දක්නා නුවණ පිළිබිඹු කරන ආදර්ශමත් කථාවක්. ළමා සායනයක් පමණක් නොව, අංග සම්පූර්ණ ප‍්‍රජා පහසුකම් සහිත ගමක්ම (ක්‍දපපමබසඑහ ඪසකක්ටැ* අපට තියෙනවා. උගත් හා පුහුණු වූ කණ්ඩායමක් විසින් එහි පරිපාලන කටයුතු කරගෙන යනවා. මට ඔවුන් ගැන හරිම ආඩම්බරයි. අපගේ ප‍්‍රජා ගම්මානය වසර පුරාම කුමන කාලගුණික තත්වයන් යටතේ හෝ වැඩිහිටියනට ද මෙම සේවාව සපයනවා.
එරිකා : ඒ වුණාට මම අහල තියෙනවා ඔබගේ ප‍්‍රජාවෙහි විවිධ ජනවර්ග මෙන්ම විවිධ ආගම් අදහන අය ද සිටින බව.
සිල්කා : මම පිළිගත යුතුයි. මමත් අතීතයේ දී ඔබ පෙන්වූ වෙනස්කම්වල ඇලී හිටපු කෙනෙක්. මම අද ඒ ගැන පසුතැවිලි වෙනවා. මම කොපමණ ඉගෙනගෙන තිබුණත්, මට එහෙම වුන එක ගැන මට ඇත්තේ බලවත් කණගාටුවක්.
එරිකා : මොකක්ද ඇත්තටම සිදු වුණේ?
සිල්කා : වෙනත් ඕනෑම සංක‍්‍රමණික ප‍්‍රජාවක් ලෙසම අපිත් මේ රටට පැමිණියේ වඩාත් හොඳ අනාගතයක් ගොඩ නගා ගන්නයි. අප හැමගේ අරමුණ එක වුණත්, අපට උපන් රට හැර යාමට වූ හේතු එකිනෙකට බොහෝ වෙනස්. ඒ හැම වෙනස්කමක්ම අපි ගමන් මලූවල දමාගෙන ආ බවක් තමයි මට දැන් දැනෙන්නේ. මෙහෙ ආවට පසු යම් කාලයක් තුළ ඒවා තව තවත් උද්දීපනය වුණා කියලා මට හිතෙනවා.
මේ නිසාවෙන්ම අපි ප‍්‍රජාවක් හැටියට එක්වෙලා ගොඩනැගෙනු වෙනුවට පුංචි පුංචි ලබ්ධික කණ්ඩායම් ගොඩ නගා ගන්තා. එම වචනය සැර වෙන්න පුළුවන්. නමුත් එහි අර්ථය තමයි අපට ගැළපෙන හොඳම අර්ථකථනය වන්නේ. ඒ මදිවාට එම විශ්වාසයන්ට ගැළපෙන ස්මාරකත් අප ගොඩනගා ගත්තා. අපි එම විශ්වාසය සහ ඇදහීම් අපගේ දරුවනටද ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. සමහර දරුවන්, විශේෂයෙන්, මෙහි වසන බහුතර සමාජය හා ගැටෙන අය එම කාරණයට යම් ප‍්‍රමාණයක විරෝධතාවක් දක්වනවා.
එරිකා : ඔව් මම සමහරක් ස්මාරක දැක තිබෙනවා. ඒ වගේම ඒවා දැඩි ලෙස මනසේ ගොඩ නගා ගත් සාමාජිකයන්ද හමුවෙලා තිබෙනවා. මම හිතාගෙන හිටියේ එවැනි දේ ඔබගේ සංස්කෘතික අනන්‍යතාව කියලයි.
සිල්කා : ඔව්, එය හොඳ නිරීක්ෂණයක්. නමුත් අවාසනාවකට ඒවා සංස්කෘතිය හඳුනා ගන්නා සලකුණු නොවෙයි – ඒවා අප අතර ඇති විවිධ ක්‍මකඑ හඳුනා ගන්නා ලකුණුයි.
එරිකා : කොහොමද එය වෙනස් වුණේ?
සිල්කා : ඉතා හොඳ ප‍්‍රශ්නයක්. මම සතුටු වෙනවා ඔබ මෙවන් ප‍්‍රශ්නයක් ඇසීම ගැන.
ඔබ දන්නවනෙ අප මව් රටෙහි හොඳ අධ්‍යාපනයක් ලැබූවත්, අපගේ අභිලාෂයන් ඉටු කර ගත හැකි සුදුසු රැුකියාවක් මෙහිදී ලබා ගැනීමේ ඇති දුෂ්කර බව. එම නිසා අපි කරන්නේ ලැබෙන මුල්ම රැුකියාවට බැඳෙන එක. එය අපගේ පවුල නඩත්තු කරන්න අත්‍යවශ්‍ය කාරණයක්. ඊළඟට වෙන්නෙ, අපි වගේම අනෙකුත් අයත් සමග එක්වෙනවා. වෙන පිටස්තර ලෝකය සමග සබඳතා ඉතාමත් අඩු වෙනවා. ගතින් මෙහි සිටියත් මනසින් සිටින්නේ තවමත් බොහෝ විට මව් රටේ. එම නිසාම අපගේ පැවැත්ම හැඩගස්වා ගන්නේ ඉතාමත් අඩුවෙන්. දිනපතා මෙලෙස ජීවත් වීමෙන්, බොහෝ දෙනෙකුට ඉන් ඔබ්බට ඇති ජීවිතයක් ගැන සිතන්න හෝ දකින්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ.
එරිකා : ඉතින් ඒ ගැන ඔබගේ ප‍්‍රජාව සතුටින් ද ඉන්නෙ?
සිල්කා : මුලින් කරදර තිබුණත්, නිවසක්, වාහනයක් මෙන්ම අධ්‍යාපන සහ සෞඛ්‍ය සේවා නිසාවෙන් අපි යම් ප‍්‍රමාණයකට සතුටු වෙනවා. අපේ ඉතිරි කාලය වැයවෙන්නේ අපි විසින්ම ගොඩ නගා ගත් පුංචි පුංචි ක්‍මකඑ කණ්ඩායම් සමග. දැන් මම කියන්නම් මෙය වෙනස් වුණේ කොහොම ද කියලා.
අප මේ විධියට ජීවත් වුණත්, අපගේ සමහර දුර දක්නා සාමාජිකයන් වටහා ගත්තා අප ප‍්‍රජාවක් ලෙස ඉදිරියට නොයන බව. අපට ප‍්‍රජාවක් ලෙස අනන්‍යතාවක් නොමැති බව. ඒ වගේම අපි අනෙක් ප‍්‍රජාවන් සමග සම්බන්ධ වෙනු හෝ යමක් ලබා ගැනීමට උත්සාහ කරන්නේ ද නැත. මෙහිදී වැදගත්ම කරුණ වුණේ අප අපගේ අභිප‍්‍රායන් සාර්ථක කර ගත හැකි කිසිම පොදු දෙයක් නොකරන බවත් ඊට ප‍්‍රධානම බාධකය අප අතර පොදු එකඟතාවක් ගොඩ නගා ගැනීමට නොහැකි වීම බවත්ය. මව් බිමෙහි අධ්‍යාපනය මගින් අප තුළ ගොඩ නැඟු අභිමානයද අපගෙන් බොහෝ සේ ගිලිහී ගොස් තිබුණි.
එරිකා : එය නැවුම් හැඟීම් දනවන්නක්. එහෙම නේද? ඔවුන් ඉතින් ඉදිරියට ගියේ කොහොමද?
සිල්කා : ඔවුන්ගේ මූලික යෝජනාව වූයේ බහු සේවා සපයන අපේම ප‍්‍රජා මධ්‍යස්ථානයක්. ඔවුන් මෙය හඳුන්වා දුන්නේ අප සැමට එකිනෙකා නිතිපතා මුනගැහෙන ප‍්‍රජා ගම්මානයක් ලෙස. ඒ වගේම මෙය මධ්‍යස්ථ ස්ථානයක් වුණා. ඔවුන් විශ්වාස කළා මෙමගින් ප‍්‍රජා අනන්‍යතාවක් ගොඩ නැගෙන බවත්, පොදු එකඟතාවයන්ට මග පෑදෙන බවත් සහ බාහිර ලෝකයේ අවධානය අප ප‍්‍රජාව දෙසට යොමු කර ගත හැකි බවත්.
එරිකා : ඉතින් මෙම සංකල්පය ප‍්‍රජා සාමාජිකයන් බාර ගත්තද?
සිල්කා : නැහැ නැහැ. අපි අවදානම් දෙයකට අත ගහන්න පසුබට වෙන ප‍්‍රජාවක්. ඕනෑම දෙයක් අන්තිම අංශු මාත‍්‍රය දක්වා විශ්ලේෂණය කරන්නත් අපි හරිම දක්ෂයෝ. හැබැයි කිසිදෙයක් ලෙහෙසියෙන් පටන් ගත්තේ නැහැ. ඒ හින්දම බොහෝ ප‍්‍රශ්න අහන්න පටන් ගත්තා.
එරිකා : මෙහි නිර්මාණයන් කළ අය පසු බහින්න ඇති නේද?
සිල්කා : නැහැ ඔවුන් පසුබට වුණේ නැහැ. ඉතාමත් පැහැදිලිවම ඔවුන්ගේ සැලැස්ම සහ ප‍්‍රතිලාභ පැහැදිලි කළා.
එරිකා : සුරංගනා කථාවක් වගේ දැනෙන්නෙ. මොකක්ද ඔවුන්ගේ සැලැස්ම?
සිල්කා : ඔව් ඒ වගේ තමයි. ඒ වුණාට ඉදිරිය දකින්න බැරි නම් ඉදිරියට යන්නත් බැහැනේ. ඔවුන් ඉතාමත් වෘත්තීයමය ලෙස දැනුවත් කිරීම තුළින් බහුතරය කැමති කරවා ගත්තා.
එරිකා : එතකොට මුදල් සොයා ගත්තේ කොහොමද?
සිල්කා : සැලැස්ම සහ මුදල් සොයා ගන්න විධිය බොහොම සරලයි. ඒ වගේම හැම පාර්ශ්වයකටම එයට දායක වෙන ගමන් ප‍්‍රතිඵල භුක්ති විඳින්නන් අවස්ථාවන් උදා කරලා දුන්නා.
එරිකා : සැලැස්ම සරලයි.
1. ඉඩ පහසුකම් ඇති ඉඩමක් සොයා ගැනීම.
2. ඉන් එක්කොටසක වේදිකාවක් සහිත ප‍්‍රජා ශාලාවක් ද. කුඩා සාකච්ඡුා හෝ පුහුණු කාමර ගණනාවක් ගොඩ නැගීම
3. ළමා සායනයක් මෙන්ම වැඩිහිටි දිවා විවේකාගාරයක් ගොඩ නැගීම
4. කී‍්‍රඩා පිටියක්, ආවරණය කරන ලද වේදිකාවක් සහිත විවෘත කී‍්‍රඩාගාරයක් සහ ළමා කී‍්‍රඩා පහසුකම් සැකසීම
5. විශාල රථ ගාල් කිහිපයක් සහ දරුවන් / වැඩිහිටියන් සඳහා ප‍්‍රවාහන ක‍්‍රමයක්
6. කුඩා පරිපාලන කාර්යාලයක්
එරිකා : මේ හැම දෙයක්ම එකවර කළා ද?
සිල්කා : නැහැ කොටස් වශයෙන්. ප‍්‍රජා සාමාජිකයන්ගේ කැමැත්ත අනුව තමයි කොටස්වල ප‍්‍රමුඛතාවය සකස් කළේ.
සිල්කා : මුදල් සොයා ගත් විධියත් ඒ වගේම සරලයි
ආයෝජන මුදල් : ඔවුන් තමුන්ගේ සැලැස්ම, මව් රටෙහි රජයට ඉදිරිපත් කර, ඒ සඳහා ඔවුන්ගෙන් සහතික වීමක් ලබා ගත්තා. එම සහතිකය භාවිත කොට කැනඩා බැංකු සමග සාකච්ඡුා කොට අවශ්‍ය ප‍්‍රතිපාදන ලබා ගත්තා. මුදල් පරිපාලනය සහ ඉදිකිරීම් පරිපාලනයටත්, පසුව කෙරෙන නඩත්තු කටයුතු සඳහාත්, පලපුරුදු වෘත්තිකයින් සමන්විත අධීක්ෂන කමිටුවක් ඔවුන් ප‍්‍රජාව තුළින් පත් කර ගත්තා.
මුදල් ආපසු ගෙවීම් :
- පහසුකම් භාවිතාවෙන් ලැබෙන මුදල්
- විවිධ උත්සව සඳහා යෙදවීමෙන් ලැබෙන මුදල්
- ප‍්‍රජාවෙහි සිටින එක් එක් පවුල් මගින් ලබාදෙන මාසික මුදල්
- ප‍්‍රජා ශාලා පහසුකම් වෙනුවෙන් කැනඩා රජයෙන් වාර්ෂිකව ලබා දෙන මුදල්
- විවිධ සමාජ සංවිධාන ආයෝජන
එරිකා : ඉතාමත් හොඳ සැලැස්මක් මෙන්ම විශාල සමාජ සේවයක්. ඔබේ සමාජය ඉතාමත් වාසනාවන්තයි.
සිල්කා : මූලික ප‍්‍රශ්න ඇති වුණා. නමුත් ඉතාමත් අවංකව මෙන්ම විනිවිද සුළු භාවයක්ද ඒ වගේම ඉහළ වෘත්තීයමය දැනුම භාවිතයද නිසාවෙන් මෙම කාර්යය සාර්ථක වූවා. ප‍්‍රජාවට ඇත්තේ දැඩි සාමූහික බවක් සහ ආඩම්බරයක්.
මෙම අනන්‍යතාව නිසා මෙන්ම ප‍්‍රාන්ත බලධාරින් මෙන්ම නගර සභා බලධාරීන් සමග අපගේ මූලික ප‍්‍රශ්න සාකච්ඡුා කර ගැනීමට හොඳ අවස්ථාවක් අපට උදා වුණා. ඔවුන් කැනඩාවෙහි අප දන්වා තිබෙන ප‍්‍රගතිය ගැන ඉතා සතුටට පත් වුණා.

හදිසියේම මගේ ඔරලෝසුවෙහි සීනුව විශාල හඬක් නගන්නට විය. එය මට අවදිවීමට දෙන සංඥාව බව වැටහුණෙන් මගේ මෙම සිහිනයෙහි වැදගත්ම අංගය මගෙන් ගිලිහී ගිය බව මට හැඟුණි. එම නිසා මෙම සිහිනය තුළින් මා අත්දුටු එම අත්දැකීම කුමන ප‍්‍රජාවට අයත්දැයි මම තවමත් කල්පනා කරමින් සිටිනවා. ප‍්‍රජාව කුමක් වුවත්, සිහිනයෙන් ගොඩනැගුණු ප‍්‍රජා ගම්මානය ඉතා පැහැදිලිව මගේ මනසේ තැන්පත්ව තිබෙනවා.

Share Button