අමරදේව: සදා දැල්වෙන මිණි පහන

December 16, 2015 in කතූවැකිය

Amaradeva

ශී‍්‍ර ලංකාව, එහි භූමි ප‍්‍රදේශය තුළ දී ත් සක්වල වෙන කොහේ දී වුවත් එකී දිවයින සංකේතවත් කරන චරිත හා ස්ථාන කිහිපය අතර අමරදේවයන් ඉදිරියෙන්ම සිටී. ඔහු ශී‍්‍ර ලාංකික ඉසියුම් හදවත් අතර වොරැුඳෙන්නේ ඞී.ඇස් සේනානායකට, බණ්ඩාරනායකට, හෝ ඇන්. ඇම්ටත් වඩා ඉහළ තැනකය. යට කී තිදෙනා ලංකාවේ අභිවෘද්ධිය උදෙසා ඉහළ කැපකිරීම් කළ එමෙන්ම ඓතිහාසික චරිත ලෙස වර ගැන්වෙන චරිත තුනකි. එහෙත් ඒ තිදෙනා මැනෙන්නේ පාර්ශිකවය. ඔවුන්ට අපේ ඇතුළු හද ගැබ කකියවන්නට හැකියාවක් නොමැත. එහෙත් අමරදේව නම් වූ මහා සයුර අප චිත්ත සන්තානය කළඹවයි. අපේ ඇතුළු හද ගැබ කළඹවයි. සියලූ මධුර මනෝහර රස සුවඳ අප හදවත් තුළට ඇතුලූ කරයි. අපේ කලා භාවිතයේ අග රජු ඔහු යයි මම නම් සිතමි. මහාචාර්ය සුනිල් ආරියරත්නට අනුව වසර දෙදහස් පන්සිය වසරක ඉතිහාසයේ බිහිවූ විශිෂ්ටතම සංගීතවේදියා අමරදේවය යන ප‍්‍රකාශයට මම සපුරා එකඟ වෙමි. කවදා හෝ දිනයක සියුම් පියාපතකින් මගේ හදවත ඔහුගේ සංගීතයෙන් පිරී යන දිනයක මම මෙසේ ලියා තැබුවෙමි. ඒ මෙසේ ය.

වෙහෙරෙන් , බෝධි මළුව වෙන් කළ තැන ඇති
පියගැට පෙළෙහි හිඳ අසනා
බෝධියේ සිලි සිලි හෙ`ඩහිත් ,
සුදෝ සුදු සෑ රදුන් දැකීමෙන් ඇතිවන ,
මහා නිවී සැනසීමේත්, ඔබේ ගීතය ද, තනුව ද විය.
කල් කර්ම , අකල් කර්මයන්ගෙන් මිදුණු,
වස විසෙන්, කලි කලහයෙන් තොර,
කුණු හරුප, රැුවුම් ගෙරවම් නැති,
කුලගොත් නොවිමසන ලෝකයක
පරමානන්දයේ නාදේශ්වරයාණෝත් ඔබය.

මහ සයුර ගොඩ ගලන විට, ගං හෝ වැව් සිය සැඩ පහර බොර පැහැයට වාං දමන විට අහසේ සිටින දිදුලන තාරකාවෝ තැන්පත්ව නොසිටිති. ඔවුන්ද වැලපෙති. එහෙත් ඔවුන්ගේ ප‍්‍රභාෂ්වරය වියැකී යන්නේ නැත. අමරදේවයන්ද එසේ ය. සිය අසූ හය හැවිරිදි දිවි සැරියේදී බොහෝ සාංකාව දනවන, ශෝකය උපද්දන බොහෝ දේ ඔහු දුටුවේ ය. රට ව්‍යසනයට පත්වන අයුරු ඔහු දුටුවේ ය. ඇතැම් සත් පුරුෂයන් හා සමාජ ව්‍යාපාර එකී ව්‍යසනයන්ට එරෙහිව නැගී සිටින අයුරු ඔහු දුටුවේ ය. අමරදේවයෝ ශී‍්‍ර ලංකාවේ ඓතිහාසිකව සිදුවූ සමාජ විමුක්ති ව්‍යාපාරයේ සහගාමී හිතවතෙකු ලෙස කි‍්‍රයාකාරීව සිටි බව බොහෝ දෙනා නොදනිති. ලංකාවේ වාමාංශික බලවේග 1964 දී සමගි සම්මුතියක් තනාගත් ඓතිහාසික අවස්ථාවේ අමරදේවයෝ එහි වේදිකාවට නැග ගී ගයමින් තම සහාය එම ව්‍යාපාරයට ලබා දුන්හ. එක් දහස් නවසිය අසූ ගණන්වල එවකට පැවතුණු රජය විසින් සිරිමා බණ්ඩාරනායක හිටපු අගමැතිනියගේ ප‍්‍රජා අයිතිය අහෝසි කළ අවස්ථාවේ නිර්භීතව ඊට එරෙහි කි‍්‍රයාමාර්ගවලට දායක විය. එහෙයින් එතුමන්ගේ ගී රජයේ ගුවන් විදුලියේ හා රූපවාහිනියේ තහනමට ලක් වූවා අපට මතකය.
ඉන්දියානු දේශයේ උපත ලද විශ්ව කලාකරු රබින්ද්‍රනාත් තාගෝර් තුමන් ඉන්දියානු විමුක්ති ව්‍යාපාරයේ අකලංක සාමාජිකයෙකු විය. එහෙත් අමරදේවයන්ට එවන් උසස් සමාජ ව්‍යාපාරයකට දායක වීමට නොහැකි විය. එහෙත් එය අමරදේවයන්ගේ වරදක් නොවේ. එවන් බරසාර විමුක්ති ව්‍යාපාරයක් අපේ රටේ උත්පාද නොවීමේ වරදකි.
අමරදේව සමීපව ඇසුරු කළ අයෙකු වෙතොත් ඔහු ඉතා සියුම් සංවේදනා සහිත, ඉතා අහිංසක, එමෙන්ම බැ?රුම් මුනිවර චරිතයක් බව වටහා ගෙන ඇතුවාට සැක නැත. ඔහුගේ හැසිරීම් ඔහුගේ කතා බහ ඒ සියල්ල තුළින් ඔහුගේ මුනිවර චරිතය හා කලාකාර ආධ්‍යත්මය හෙළිදරව් වේ. ඒ සියල්ලට වඩා ඔහුගේ ගී හඬ තුළින් පෙරී එන්නේ එතුමන් සතු එකී මුනිවර ආත්මයේ භාව භාව ලීලාවන් ය.

අද යුගයට සාපේක්ෂව හැට හැත්තෑව දශකයන්හි ලංකා සමාජය මීට වඩා සංහිඳියාවක් භුක්ති වින්දේය. මීට වඩා සහනශීලී සමාජයක් තිබුණි. ආර්ථිකයේ ද සංවර්ධන කටයුතුවල දී ද තිබුණේ නිරන්තරව ගලා යන අභිවෘද්ධිදායක තත්වයකි. දේශපාලකයන් ගසා කන්නෝ නොවූ හ. ඔවුන් දේශපාලනයට ආවේ හරි හම්බ කර ගැනීමට නොවේ. කලාකරුවෝ ද බැ?රුම් මිනිසුන් සමූහයක් වූහ. ඔවුන් දැනුම උල්පත් සොය සොයා යමින් ඒවායින් තම කලාකෘති ඔපවත් කළේය. සුනිල් ශාන්ත වැන්නෙකුගේ නිර්භීතකම වනාහි මේ යුගයේ මිනිසුන්ගේ ප‍්‍රතිරූපයකි.

රටට වැඩදායක මිනිසෙකු දුටු විට ඔහුට අත දීමට අපමණ සත්පුරුෂයෝ සිටියහ. සත් ජන සමාජයක් තිබුණි. අමරදේවයන් අශෝකමාලා චිත‍්‍රපටයේ පළමුවරට ගීතයක් ගයා ලංකාවේ සංගීත ක්ෂේත‍්‍රයට ඇතුලූ වූ මොහොතේම ප‍්‍රබුද්ධ සත්ජන සමාජය ඔහුගේ වටිනාකම අවබෝධ කර ගත්තේය. එකළ ලංකාදීප පුවත්පතේ කතුවරයා වූ ඞී.බී. ධනපාල මහතාගේ ප‍්‍රධානත්වයෙන් මහජන අරමුදලක් අරඹා එමගින් අමරදේවයන් (එකල ඇල්බට් පෙරේරා* ඉන්දියාවේ භාත්කණ්ඬේ සංගීත විද්‍යාලයට පිටත් කරන ලදිී. ඔහු එහිදී ් ශාස්ත්‍රෝද්ග‍්‍රහණය කරමින් ගුරුන් අභිබවා යන දැනුමක් ලබාගත්හ.

එකළ අමරදේව නම් අහිංසක මුනිවර මිනිසා වටා අනුපම දැනුමක් සපයන අපූරු පෝෂක වළල්ලක් තිබිණි. මහාචාර්ය සරච්චන්ද්‍ර, චන්ද්‍රරත්න මානවසිංහ, මහගමසේකර ඞී.බී. ධනපාල, චිත‍්‍රසේන මේ ඉන් කිහිප දෙනෙකි. මේ සියල්ලම පාහේ ඉතිහාසය බැබළවූ මහා පුරුෂයෝ වූහ. මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ හස්තිකාන්ත මන්තරේ, භව කඩතුරාව, වෙස්සන්තර ආදී නාට්‍යයන්හි දැවැන්ත සංගීතය අමරදේවයන්ගෙනි. චිත‍්‍රසේනයන්ගේ ඓතිහාසික නිර්මාණ වූ කරදිය, කිංකිණි කෝලම, නළ දමයන්ති ඈ සියලූම මුද්‍රා නාට්‍යයන්හි සංගීතය අමරදේවයන්ගෙනි. චන්ද්‍රරත්න මානවසිංහ, මහගමසේකර ආදින්ගේ විශිෂ්ට ගීතාවලිය ගීතවත් කළේ අමරදේවයන් විසිනි.

මේ සියල්ල සලකා බලන විට අමරදේවයන් යනු ලංකාවේ සමෘද්ධිමත්, ශිෂ්ට සම්පන්න, විනීත යුගයක කැඩපත…. සංකේතය….. මුද්‍රාව… ලෙස ගත හැකිය.

මෙම 2015 දෙසැම්බරයට එතුමන් අසූහය වන විය සමරයි. ඔහුගේ පිය බිරිඳ හමුවී වසර පනහක් ගෙවී යන්නේ ද මේ මාසයේය. මේ සියලූ පින්බර කාරණා අමරදේවයන්ගේ දිවි සැරියේ අනුස්මරණීය සටහන්ය.
අමරදේවයිනි,

ඔබ අපගේ ඇතුලූ හද නැගෙන ශෝක සංකා දුරු කෙළෙහි ය. ඔබ අපට කාන්සියට ඔසු සැපයුවේ ය. ඔබ අප සමාජයේ වෛරකාර හැඟීම සමනය කිරීමට දායක විය. ඔබ අපට එකිනෙකාට ආදරය කරන හැටි ඉගැන්වූයේ ය. වඩා හෘදයංගම ලෙස අපට බුදුන් වහන්සේ සමීප කළේය. ජීවිතයේ අපට නොපෙනෙන ඉසව් පහදා දුන්නේය.

ඔබ අපගේ ආත්මය තුළ දිදුලන පරම රමණීය දෙවන ආත්මය වන්නාහ.

Share Button