මහාචාර්ය සේනක බණ්ඩාරනායක

March 14, 2015 in විශේෂාංග

Prof_-Senake-Bandaranayake

පරපුරකට නායකත්වය දුන් මහා මිනිසෙක්
ඔහු පරපුරකට නායකත්වය දුන් මහා ඇත් රජෙකි. පුරා විද්‍යාව පිළිබඳ මහජන කතිකාව නවීන අරුතකින් සමාජ මණ්ඩපය වෙත කැඳවීමට බල ඇණි නිර්මාණය කළේ ඔහුය. උස මහත මහ කළු සිංහලයෙකු වූ ඔහුගේ ප‍්‍රතාපවත් රූප කාය තුළ ප‍්‍රතාපවත් රැුස් විහිදෙන මනසක් ද තිබුණි. එ් මනස තුළ ගැබ් වූ ඥාන සම්භාරය පෞරාණිකත්වයට අපමණ ගෞරව කරන නවීන එකකි. පෞරාණිකත්වයට වන්දනාමාන කරන බැතිමතාගේ අයිතියක් රකිමින් පුරාවිද්‍යානුකූලව උරුමය සොයා යාමේ මානවවාදී ප‍්‍රජාතන්ත‍්‍රිය මාවත ලංකාව තුළ පැලපදියම් කිරීම නම් වූ වෙහෙසකර ප‍්‍රයත්නයට ඔහුගේ පුරා විද්‍යා ජීවිතය කැප කළේය.
සෙල්ලිපි කියවීමේ හැකියාව පමණක් සහිතව පුරාවිද්‍යාඥයන් ලෙස ක්ෂේත‍්‍රයට මැදිහත්වුණු බොහෝ දෙනා ජාතිය ආගම යන කොටු පවුරු තුළ හා තමන්ගේ ලැදියාවන් තුළ එ්වා සිරකරද්දී මහාචාර්ය සේනක බණ්ඩාරනායක ඉන් ඔබ්බේ පිහිටි මහා පොදු සාධකයේ කොටසක් ලෙස පුරා විද්‍යාව එ්ත්තු ගැන්වීමට උත්සාහ ගත්තේය.
ඉංගී‍්‍රසි උච්චාරණයට සිංහල කථා කරද්දී ඉතා හොඳම සිංහල වචනය සොයා ගැනීමට භාෂණයේදී ඔහු දැරූ වෙහෙස අපූරුය. එ් වෙහෙසින් උපන් අපූරු සිංහල වහරින් ඉගෙන ගත් දේ එ්වාට පිටුබල වූ දර්ශනය ද සමග ගලේ කෙටු අකුරු සේ අපේ දැනුමේ නිදන් ගැබ තුළ රැුඳී තිබේ. මහාචාර්ය බණ්ඩාරනායකගේ සිංහල භාෂා ව්‍යවහාරයේදී මා හඳුනාගත් එක දෙයක් වන්නේ තමන් ආගන්තුකව උගත් අනෙකුත් විෂයයන්ට මෙන්ම සිංහලයට ද දක්වන ගෞරවයයි. එසේ ගෞරවයක් ඇතැයි මා හඳුනා ගත්තේ එතුමා භාෂාව හැසිරවීමේදී දක්වන පරෙස්සම් සහගත භාවයත් එ් නිසා ම ඇති වූ විචිත‍්‍රත්වයත් නිසාය.
කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ අංශ ප‍්‍රධානියා ලෙසත්, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ පළමු අධ්‍යක්ෂවරයා ලෙසත් ,කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙසත් ඔහුගේ දැනුමේ ප‍්‍රතිභාව සිසුන්ට ලබා දුන්නේය.
ජාතික රාජ්‍යය නිර්මාණය කර ගැනීමට නොහැකිවූ රටවල් බොහොමයක පුරාවිද්‍යාව ජාතිවාදීන්ගේ කෙලිබඩුවක් බවට පත්වීමට වැඩි ඉඩක් කඩක් ඇත. ලංකාවේදී ජනවාර්ගික ගැටලූ නිසා නැගී ආ ජාතික බලවේග, පුරාවිද්‍යාව සිය පටු අරමුණු සඳහා යොදා ගැනීමේ අවදානම අහෝසි වූයේ මහාචාර්ය සේනක බණ්ඩාරනායක ප‍්‍රමුඛවත් ආචාර්ය රෝලන්ඞ් සිල්වා මහාචාර්ය ශිරාන් දැරණියගල හා ආචාර්ය සුදර්ෂන් සෙනෙවිරත්න යන විද්වතුන් සිව් දෙනා ඉතා ක‍්‍රමවත් ලෙසත්, විද්‍යාත්මක ලෙසත් පුරාවිද්‍යාව ජාත්‍යන්තර දැනුමින් යුතුව නැවත විග‍්‍රහ කිරීම නිසාය.
ඉන්දීය උපමහාද්වීපයේ පවත්නා දුරාතීතයට දිවෙන විශාල ඉතිහාසය හා එය සහතික කරන නටබුන් පද්ධතිය ජාතිවාදී හා ආගම්වාදී කලි කලහයන්ට සහායක සේවාවක් සපයා ගැනීමට පාවිච්චි කර ගැනීමට මාන බැලීම පොදුවේ දක්නට පුළුවන. පුරාවිද්‍යාව පිළිබඳ ප‍්‍රාථමික දැනුම පමණක් ඇත්තෝ එම නොහොබිනා කටයුත්තේ නියලීම දැක ගැන්මට පුළුවන. එහෙත් ඉන්දියාවේ රොමිලා තාපර් වැනි පුරා විද්‍යාඥයන් ඉන්දීය පුරාවිද්‍යාව, මානව විද්‍යා, සමාජ විද්‍යා සහ නූතන ශුද්ධ විද්‍යාවන් ඇසුරින් පොදු මානව උරුමයක් ලෙස ගැනීමේ සම්ප‍්‍රදාය ලංකාව තුළ ස්ථාපිත කළෝ මහාචාර්ය බණ්ඩාරනායක වැනි විද්වතුන්ය.
මහාචාර්ය බණ්ඩාරනායකට පුරාවිද්‍යා ක්ෂේත‍්‍රය දෙස සියල්ලන්ට ඉහළින් සිට බැලීමේ මනා පෞරුෂයක්ද දැනුමක්ද තිබිණි. එමෙන්ම එ් දැනුම හා දැක්ම සමාජ ගත කිරීමට හැකි ශිෂ්‍ය පරපුරක්ද ආයතනයක්ද සැකසීමට හැකිවිය. කැලණිය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය සම්පූර්ණයෙන්ම පාහේ මහාචාර්ය බණ්ඩාරනායකගේ අධ්‍යාපන දර්ශනය විදහාපාන කැටපතකි. නිල අධ්‍යාපනයෙන් පසු අවධියක සමාජයේ හා විද්වත් කතිකාව අතර සැරිසරමින් ආයතනික නොවන සමාජයීය අත්දැකීම් රාශියක් ලබන විද්වතුන්ට පුරාවිද්‍යා ක්ෂේත‍්‍රයට හැඟීමෙන් හා විමංෂන බුද්ධියෙන් යුතුව නැවත මැදිහත්වීමේ අවස්ථාව මෙකී පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය මගින් ලබා දෙන්නේය. එය සුවිශේෂ දැනුම පද්ධතියක් අරබයා පවත්නා ආධිපත්‍යධාරිබව කඩා ඉහිර වූ ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා බහු විනයවාදී භාවිතාවක් බව මගේ හැඟීමයි. මහාචාර්ය සේනක බණ්ඩාරනායක සතු වූ අධ්‍යාපනය පිළිබඳව වූ දර්ශනයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණය මෙම ආයතනයේ සංවිධාන සැලැස්ම මගින්් සනාථ වේ. දේශපාලන ක්ෂේත‍්‍රයේ, චිත‍්‍ර ශිල්පයේ, සාහිත්‍යයේ, ශුද්ධ විද්‍යාවන්හි හා අනෙකුත් සමාජයීය විද්‍යාවන්හි නාමධාරී පුද්ගලයන් මහාචාර්ය බණ්ඩාරනායකගේ විවෘත පුරාවිද්‍යා තක්සලාවට (පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයට* ඇතුළු වී ගුරුවරුන් උගන්වන දේ ඉගෙන ගනිමින් තමන්ගේ පූර්ව දැනුම හා එ්වා ගලපා ගැනීමට කරන තර්ක විතර්ක දෙස එතුමන් සැනසුම් සිතින් බලා සිටි අයුරු මම දැක ඇත්තෙමි.
මහාචාර්ය සේනක බණ්ඩාරනායක කොළඹ ශාන්ත තෝමස් විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා අනතුරුව කීර්තිමත් ඔක්ස්ෆර්ඞ් සරසවියෙන් සහ නෙදර්ලන්තයේ ඇම්ස්ටර්ඩෑම් සරසවියෙන් පශ්චාත් උපාධි ලැබීය. සුප‍්‍රකට බණ්ඩාරනායක පරපුරේ සාමාජිකයෙකු වන එතුමා සිය සමෘද්ධිමත් උත්පත්තික ජීවිතයෙන් ලැබුණු සහනය නිරවුල් මනසකින් තමා නියැලි පුරාවිද්‍යා ක්ෂේත‍්‍රය තුළත් එ් අනුබද්ධ කලා ඉතිහාසය, උරුම කළමනාකරණය වැනි ක්ෂේත‍්‍රයන් තුළත් ගැඹුරින් හා නිදහස් මනසකින් සැරි සැරීමට උපයෝගී කර ගත්තේය. සිය ජීවිතයේ කෙටිකලක් වාමාංශික දේශපාලනයේ කි‍්‍රයාධරයෙකු ලෙස කි‍්‍රයා කළ ඔහු සිය අධ්‍යාපන දර්ශනයේ ස්වරූපය එකී වාමාංශික දර්ශනය මත ගොඩ නැගී ඇතැයි වරෙක එතුමා මා සමග පැවසීය.
මහාචාර්ය බණ්ඩාරනායක ඇතුලත් වන්නේ ලංකාවේ ප‍්‍රභූ පැලැන්තියෙන් පැමිණි බුද්ධිමතුන් අතළොස්ස අතරටය. ඔහු හොඳ සමාජ ප‍්‍රජාතන්ත‍්‍රවාදී දැක්මකින් සමන්විත වූයේය. 1971 කැරැුල්ල ආශි‍්‍රත වාමාංශික සමාජ දේශපාලනික කතිකාවේ අතිෂය තුනී සම්භාව්‍ය බුද්ධිමතුන්ගේ තීරුව ඔහු නියෝජනය කළා යයි මම සිතමි. එහෙත් එකී කැරැුල්ලේ ආවේගශීලී විතණ්ධ බලයේ ප‍්‍රබල බව හමුවේ අනාගතයට මහත් වූ ආලෝකයක් වියහැකිව තිබුණු එකී සම්භාව්‍ය තීරුව වැනසී ගියේය. ආචාර්ය සුසිල් සිරිවර්ධන වැන්නෙකුද එකී තීරුව නියෝජනය කළේ යයි මම සිතමි.
මහාචාර්ය බණ්ඩාරනායකට දහඩිය සුවඳ හමන සිය ගෝල පිරිස සමග එක පෙළට සිට ගනිමින්, එකී උදවිය මහා මිනිසුන් කිරීමට හැකි නිර්ලෝභී ප‍්‍රජාතන්ත‍්‍ර ආත්මය ලැබුණේ ඔහුගේ මානව පේ‍්‍රමී දේශපාලන හෘද සාක්ෂිය නිසා යයි මම සිතමි.
ශී‍්‍ර ලංකාවේ පුරාවිද්‍යාවේ පළමු බලවතා එච්.සී.පි. බෙල්ය. ඊළඟට එකී ක්ෂේත‍්‍රය අරා දැවැන්ත ආලෝකයක් හෙළු මහා පුරුෂයා මහාචාර්ය සෙනරත් පරණවිතානය. ඔවුන් ශී‍්‍ර ලංකාවේ පුරාවිද්‍යාවට සැලකිය යුතු ස්ථාවරත්වයක් හා ගෞරවයක් ලබා දුන්නේය. එහෙයින්ම එකී වියතුන් තමන් ජීවත්ව සිටි යුගය ආලෝකමත් කළා පමණක් නොව ඉන් ඔබ්බට විහිදෙන අගනා කාර්යභාරයක්ද ඉෂ්ට කළේය. මහාචාර්ය බණ්ඩාරනායකගේ සම්ප‍්‍රදානයන් දියත්වන්නේ එතැන් සිටය. ශුද්ධ විද්‍යාවන්හි, සමාජ හා මානව විද්‍යාවන්හි ඇසුර ලබන පුළුල් විෂයයක් ලෙස පුරා විද්‍යාව ලංකාව තුළ විග‍්‍රහයට ලක් කරමින් එය ක්ෂේතී‍්‍රය මතයක් ලෙස තහවුරු කිරීමේ පුරෝගාමී කාර්යය ඔහු අතින් ඉටු විය.
පුරාවිද්‍යා කැණීම්වලින් සොයාගත් ඇතැම් කලා භාණ්ඩ පුරාවිද්‍යා සොයාගැනීම් ලෙෂ වර්ගීකරණය කොට පැත්තකට කර තිබියදී මහාචාර්ය සේනක බණ්ඩාරනායකයන් එ්වායේ ඇති කලාත්මක අගය යළි පහදා දුන්නේය. මහාචාර්ය සිරිගුණසිංහ, ආනන්ද කුමාරස්වාමි වැන්නෝ ඊට පෙර කළ එකී කාර්යභාරය පුරාවිද්‍යාත්මක විධි නියමයන්ට අනුව තවදුරටත් ඉදිරියට ගෙන ගියේ මහාචාර්ය බණ්ඩාරනායකය. එතුමන් ලංකාව බිහිකළ අග‍්‍රගන්‍ය කලා ඉතිහාසඥයකු ලෙස සම්භාවනාවට පත්විය.
මහාචාර්ය බණ්ඩාරනායකගේ ප‍්‍රධාන පුරාවිද්‍යා ක්ෂේත‍්‍ර භූමිය වූයේ සීගිරිය හා දඹුල්ලය. මාහාචාර්ය පරණවිතානයන්ගෙන් පසු සීගිරියේ ි භාරකාරත්වයට පත්වූයේ මහාචාර්ය බණ්ඩාරනායකයන්ය. සීගිරිය ලාංකීය පුරාවිද්‍යාවේ අනාගත ගමන් මග තීරණය කිරීමට අදාළ නිර්ණායක භූමිය ලෙස එතුමන් උපයෝගී කොට ගත්තේය. කාශ්‍යප රජුගේ අද පෙනෙන නිර්මාණයෙන් දුරාතීතයට ගිය ප‍්‍රාග් පුරාවිද්‍යාත්මක සාධක සොයා යාමේ හා නව දැනුම සම්පාදනය කිරීමේ ක්ෂේත‍්‍ර භූමිය ලෙස සීගිරිය කේන්ද්‍රස්ථාන විය. ඉබ්බන්කටුව මෙගලිතික යුගයට අයත් සුසාන භූමිය සීගිරිය අවටින් සොයා ගැනීම ඊට එක් උදාහරණයකි.
පරමාදර්ශී ජීවිතයක විශේෂ අවස්ථා
මාහාචාර්ය බණ්ඩාරනායක ගෘහනි්රමාණ වේදයෙන් සහ කලා ඉතිහාසඥයකු ලෙස පුරාවිද්‍යාවට යොමුවූ විද්වතකු නිසා බහුවිධ දැනුම පද්ධතියක් ඔස්සේ පුරා විද්‍යා ක්ෂේත‍්‍රය විමර්ෂණය කිරීමේ හැකියාව ඔහුට ලැබුණි. එංගලන්තයේ ඔක්ස්පර්ඞ් විශ්වවිද්‍යාලයේදී සිය ප‍්‍රථම උපාධිය සඳහා රචිත ඔයැ ඪ්මකඑැා ඉරසජන ෂප්ටැ ්‍යදමිැි දෙ ඡුදකදබබ්රමඅ් 1965 දී ඉදිරිපත් කෙරිණි. එතුමන්ගේ ආචාර්ය උපාධි පර්යේෂණය වූයේ ඔයැ ඪසය්ර්ි දෙ ්බමර්ා්චමර් යි.
1974 දී එතුමා විසින් ීසබය්කැිැ ඵදබ්ිඑසජ ්රජයසඑැජඑමරු කෘතිය සම්පාදනය කළේ ද දීර්ඝ පර්යේෂණ කි‍්‍රයාවලියකින් අනතුරුවය.
1982 දී මහාචාර්ය බණ්ඩාරනායක මහතා සංස්කෘතික ති‍්‍රකෝණ ව්‍යාපපෘතියේ සීගිරිය හා දඹුල්ල ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා ලෙස පත්විය. එකී ව්‍යාපෘති දෙක ඇසුරෙන් ඔහු න්‍යායාත්මකව වර්ධනය කළ බොහෝ මතවාදයන් ප‍්‍රායෝගිකව ඔප්පු කිරීමට අවස්ථාවක් ලබා ගත්තේය. කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයනාංශයත් පසුව කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධව ස්ථාපිත කළ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයත් විසින් ඔහුගේ එකී විද්වත් මතවාදයන් පර්යේෂණ විෂයයන් ලෙස වැඩි දියුණු කරමින් එ්වා ඉදිරියට ගෙන යන ශිෂ්‍ය සමූහයක් විද්වතුන් ලෙස සමාජගත කළේය. සැබැවින්ම අද දවසේ පුරාවිද්‍යාවේ නවමානය සම්ප‍්‍රදායික වැඩවසම් පුරාවිද්‍යා දැක්මෙන් වෙනස්ව රටට හඳුන්වා දෙන්නේත් එය ගැඹුරු හා ආකර්ෂණීය විෂයයක් ලෙස රටට ලෝකයට හඳුන්වා දෙන්නේත් එකී බණ්ඩාරනායක ගෝල පිරිසයි. එම කාර්යයේදී මහාචාර්ය බණ්ඩාරනායකයෝ අන් සියලූ විද්වතුන් පරයා යයි.
විද්‍යාත්මක පුරාවිද්‍යාව හා නව පුරාවිද්‍යාව වැනි නව මානයන් හඳුන්වාදීමේදී සම්ප‍්‍රදායික කොටු පවුරු තුළ සිර වූ පුරාවිද්වතුන් එ්වා එ් හැටියෙන්ම අනුමත නොකළේය. මහාචාර්ය බණ්ඩාරනායක එකී ආදි කල්පිත මතවාදයන්ට මුහුණ දුන්නේ නව දැනුම නවක‍්‍රමවේද ක්ෂේත‍්‍රයට හඳුන්වාදීමත් නොනවත්වා පර්යේෂණ කිරීමත් තුලිනි. පුරාවිද්‍යාවේ සිද්ධාන්තයන් වන ‘පුරාවස්තු යනු අනාගත පරම්පරාට අයත් දේපළකි.’ යන මතය තරයේ ඇදහු ඔහු සිය ශිෂ්‍යයන්ට එ් බව නිතර නිතර මතක් කර දුන්නේය. පුරා වස්තු මතු කරලීම මගින් එ්වා හැදෑරීමේ අවස්ථාව හිමිවනවා සේම මීට වඩා දියුණු යුගයකදී වඩාත් නිවරැුදිව අතීතය ගවේෂණය කිරීමේ අවස්ථාව අහිමි කෙරෙන බවද ඔහු ඒත්තු ගැන්වූයේය. සීගිරියේ වුවද එක් පැත්තක් ගවේෂණය කරන අතර දක්ෂිණ පාර්ශ්වයට අතවත් නොතබා සංරක්ෂණය කරන්නේ එහෙයිනි.
කලා ඉතිහාසඥයකු ලෙස විධිමත් පුහුණුවක් ලබා ඇති මහාචාර්ය බණ්ඩාරනායක එ් දැනුම වඩාත් විධිමත් ලෙස යොදා ගනිමින් ආනන්ද කුමාරස්වාමි හා මහාචාර්ය සිරිගුණසිංහ වැන්නන්ගේ ප‍්‍රතිපාදනයන් වඩාත් පුළුල් ලෙස ඉදිරියට ගෙන යාමට සමත් විය.
මහාචාර්ය බණ්ඩාරනායක යනු විද්වතකු ගුරුවරයකු පමණක් නොව සිය ශිෂ්‍යයන්ට පියෙකු බඳු උදාර මිනිසෙකි. කලා ඉතිහාසය හා ගෘහ නිර්මාණ ශිල්පය හා පුරාවිද්‍යාව පිළිබඳ අද්විතීය විද්වතකු වූ ඔහු මනාව පුහුණු කරන ලද කලා රසිකයකුද විය. සාහිත්‍ය හා චිත‍්‍ර කලාව සම්බන්ධ විචාරකයකු ලෙස ඔහු බරසාර ලෙස එකී ක්ෂේත‍්‍රයන්ට මැදිහත් විය.
මහාචාර්ය බණ්ඩාරනායක බොහෝ ශිෂ්‍යයන්ට බොහෝ මිතුරන්ට පරමාදර්ශී පුද්ගලයකු විය. මම ඔහුගේ ශිෂ්‍යයකුව සිටියෙමි. ඔහු හමුවන්නට පෙරත් පසුත් බොහෝ ගුරුවරුන්ගෙන් මම ශිල්ප හදාරා ඇත්තෙමි. එහෙත් මා කෙරේ එතරම් ආනුභාවය පෑ ගුරුවරයකු ගැන මගේ මතකයට නොනැගේ. ඔහු සතු උසස් පෞරුෂය, දැනුමට සමීප අවංක භාවය හා පීතෘ ගුණය නිසා එතුමා මගේ ලෝකය තුළ සදානුස්මරණීය. ඔහු ඇසුරෙන් හඳුනාගත් මිතුරෝ මගේ දැනුම ලෝකයේ සමීප මිතුරෝ බවට පත්වූහ. ලංකාවේ පුරාවිද්‍යාව අද ඉදිරිගාමි තරුණයන්ගේ කතිකා විෂයයක් බවට පත්කළ විද්වතා මහාචාර්ය බණ්ඩාරනායකය.
කලි කලහයෙන් පිරුණු මේ මජර සමාජ ක‍්‍රමයේ අද දවසේ න්‍යාය පත‍්‍රය සැකසී ඇත්තේ මෙකී විද්වත් ප‍්‍රභාවයන් නොසලකා හරිමිනි. මෙවන් උදාර පෞරුෂයන් විශ්වවිද්‍යාලවල නැවත දකින්නට නොහැකිවන පාටය. මෙවැනි කැප වූවන් සුන්දර පියවරුන් විද්වත් ක්ෂේත‍්‍රයේ නැත.
මගේ ලෝකය තුළ මහාචාර්ය බණ්ඩාරනායක යනු මහා විීරවරයෙකි. සිතිජයට ඔබ්බෙන් සිතූ මහා විද්වතෙකි. දැවැන්ත ඇත් රජෙකි. දැනුම බුද්ධිය, පර්යේෂණය, කලාත්මක භාවිතාව පිළිබඳ යළි යළි සිහිපත් කළ හැකි පුරුෂ සිංහයෙකි.
චන්ද්‍රරත්න බණ්ඩාර

Share Button