ඔබටද එහි අසුනක් ඇත.

October 29, 2014 in කතූවැකිය

Film Fes
ශී්ර ලංකාවේ කතානාද චිත්රපට ඉතිහාසය වසර 67 ක් පැරණිය. එහෙත් නිහඬ චිත්රපට ඊට වඩා බොහෝ පැරණිය. 1925 දී රාජකීය වික්රමය නමින් සිංහල චිත්රපටයක් නිශ්පාදනය විය. එහි ප්රධාන නළුවා ලෙස රඟ පෑවේ එදා යෞවනයකු වූ කීර්තිමත් දේශපාලනඥ ආචාර්ය එන්.එම්. පෙරේරා මැතිඳුන්ය. එ් අනුව සිංහල චිත්රපටයක රඟ පෑ පළමු නළුවා විය යුත්තේ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා මැතිඳුන්ය.
ලංකාවේ සිංහල සිනමාවටද කලාත්මක අංශයන්ගෙන් කරට කර සිටිමින් ජාත්යන්තර තලය ජය ගත හැකි ය. එය අද තරුණ අධ්යක්ෂවරු, ප්රධාන ජාත්යන්තර චිත්රපට උළෙලවලින් ලබන ජයග්රහණම උදාහරණකොට දැක්විය හැකිය. විමුක්ති ජයසුන්දර නිශ්පාදනය කළ ‘සුළඟ එනු පිණිස’ නම් වූ චිත්රපටය කාන්ස් චිත්රපට උළෙලේ දී හොඳම කැමරාවට හිමි සම්මානය හිමි කර ගත්තේය. මේ ඉතා මෑතකදීය. එ් චිත්රපටය නැරඹූ බෙංගාලි නිශ්පාදකවරයෙක් ඔහුට බෙංගාලි බසින් චිත්රපටයක් අධ්යක්ෂණය කිරීමට පහසුකම් සැපයීය. එය ‘මෂ්රුම්’ නම් විය. එය ද උසස් ගණයේ චිත්රපටියකි.
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වර්ෂ 1963 දී නවදිල්ලි සිනමා උළෙලේ දී හොඳම චිත්රපටයට හිමි රණ මයුර සම්මානය දිනීය. ඊට පසු කාලයක එම සිනමා උළලේදීම සුගතපාල සෙනරත් යාපා අධ්යක්ෂණය කළ ‘මිනිසා සහ කපුටා’ හොඳම කෙටි චිත්රපටයට හිමි සම්මානය දිනීය.
සිංහල සිනමාවේ පළමු කලාත්මක චිත්රපටය සේ ගැනෙන ‘රේඛාව’ චිත්රපටය පවා ලන්ඩන් චිත්රපට උළෙල නියෝජනය කළේ ය. ඒ 1956 දීය.
1970 දී බලයට පත් සමගි පෙරමුණු රජය විසින් රාජ්ය චිත්රපට සංස්ථාව බිහි කරමින් කරන ලද මැදිහත්වීම වනතෙක්ම සිංහල සිනමාව විෂයෙහි රාජ්ය අනුග්රහයක් නොවූ තරම්ය. විනෝද බදු ආදි මාර්ග මගින් එකී සිනමා කෘති වෙනුවෙන් යම් මුදලක් රජය විසින් කඩා වඩා ගත්තා විනා සිනමාව විෂයෙහි කරන ලද වෙනත් කෙංගෙඩියක් නැති තරම්ය.
1970-77 කාලයේ චිත්රපට සංස්ථාව මැදිහත් වෙමින් කලාත්මක සිනමාව උදෙසා යම් මැදිහත්වීමක් කරන ලද බව පිළිගත යුතුය. ධර්මසේන පතිරාජ, වසන්ත ඔබේසේකර, ධර්මසිරි බණ්ඩාරනායක, විජය ධර්ම ශී්ර, පරාක්රම ද සිල්වා, ආදීහු එ් රාජ්ය ව්යායාමයෙන් සිංහල සිනමාවට යහපත් චිත්රපට දායක කළෝ වෙති.
1977 න් පසුව සිංහල සිනමාව පිළිබඳව රාජ්යය දැක්වූයේ ඇල් මැරුණු සහයෝගයකි. සිංහල සිනමා කර්මාන්තයට දායක වූ බොහෝ දෙමළ ජාතිකයන්ට අයත් චිත්රපට ශාලා බොහොමයක් 1983 ජාතිවාදී මුග්ධයන් විසින් ගිනි තබා විනාශ කරන ලදි. එමගින් සිනමා කෘති ප්රදර්ශනය උදෙසා වැදුනේ මරු පහරකි. එමෙන්ම සිංහල චිත්රපට බොහෝ ගණනක් සංරක්ෂණය කෙරුණු හා රසායනගාර කටයුතු සිදු කෙරුණු කොළඹ සිලෝන් ස්ටුඩියෝව ද 1983 දී ගිනි දෙවියාට බිලිවිය. එම චිත්රාගාරයේ ලෙස්ටර් ඇතුළු උසස් ගණයේ චිත්රපට අධ්යක්ෂවරුන් ගණනාවකගේ චිත්රපට විනාශ වී ගියේ එ්වා කවදාවත් පුනරුත්ථාපනය කළ නොහැකි අන්දමිනි.
1977න් පසු යුගයේ සිංහල සිනමාවට එල්ල වූ මාරක ප්රහාර ගණනාවක් නිසා සිනමාව අන්තයට ම ඇද වැටුණි. 1983 කළු ජූලිය හා ඉන්පසු අවුරුදු 30 කට ආසන්න කාලයක් පුරා විහිදුනු යුද්ධය , රූපවාහිනියේ සංක්රමණය, ආදිය මේ ප්රහාරක බලවේග වේ.
කෙසේ නමුත් ලංකාවේ කලාත්මක ලෝකය හා මොනයම් හෝ ආකාරයකින් බද්ධ වූ තරුණයන්ගෙන් වැඩි ප්රතිශතයක් තම අවසාන ඉලක්කය වූයේ සිනමාව තම ආත්ම ප්රකාශන මාධ්ය කරගැනීමයි. එහෙත් හිතාගන්නට බැරි තරම් දරුණු ලෙස වූ සිනමාවේ කඩා වැටීම නිසා එකී තරුණයන්ට වෙනත් පහසු ඉලක්ක සොයා යාමට සිදු විය. සමහරු ලේඛන කලාවටත්, සමහරු නාට්ය නිෂ්පාදනයටත් යොමු විය. එහෙත් එ් අතරමග නතර වූවන්ට වඩා ධෛර්ය සම්පන්න තරුණයෝ සිනමා ් මාධ්යයම සිය ආත්ම ප්රකාශනය බවට පත් කර ගත්හ. අශෝක හඳගම, ප්රසන්න විතානගේ, විමුක්ති ජයසුන්දර ආදීන් වැටෙන්නේ එකී කුලකයකටය. ඔවුන් උසස් මට්ටමේ ලෝක සිනමාව පිළිබඳ දැනුම උකහා ගත්තෝ වූහ. ඇතැම් විට ඔවුන් සිය පැරණි පරම්පරාවට වඩා ජව සම්පන්නයෝ වූහ. රජයක හෝ සංවිධානගත ව්යාපාරික ප්රජාවකගේ අනුග්රහය නොලද ඔවුන් සිනමාව ජයගත්තේ තමන්ගේම වූ අත්හදා බැලීම් ඔස්සේය.
අද සංස්කාරක සටහන වෙන් වන්නේ මෙකී තරුණ අධ්යක්ෂවරුන් විසින් තබන ලද ඉදිරිගාමි පියවරක ආශ්චර්ය සටහන් කර තැබීම උදෙසාය. මෙම තරුණ අධ්යක්ෂවරුන්ගේ නායකත්වයෙන් යුතු ශී්ර ලංකා චිත්රපට අධ්යක්ෂවරුන්ගේ සංසදය විසින් කොළඹ ජාත්යන්තර සිනමා උළෙල පසුගියදා අතිමහත් සාර්ථකත්වක් ලැබ අවසන් විය. ලෝකයේ රටවල් 35කට අයත් චිත්රපට සියයක් පමණ ලංකාවේ සිනමාව පිළිබඳ උනන්දුවක් දක්වන රසිකයන් සඳහා ප්රදර්ශනය කෙරිණි.
පශ්චාත් යුද ජයග්රහණ වකවානුවේ, එකී මෝහනීය පරිසරයට ගැළපෙන හෝ රජකතා හා බණකතා චිත්රපට ලෙසින් නිෂ්පාදය වුණු හා වෙමින් පවතින වකවානුවක සැබෑ සිනමා රසිකයා ඉතා විශාල හෙම්බත්වීමකට ලක්ව සිටී. එවන් වකවානුවක පැවැත්වුණු කොළඹ ජාත්යන්තර සිනමා උළෙල අතිවිශාල වැදගත් කමක් දරයි.
සිනමාව එයට හිමි ව්යාකරණය හා කලාත්මක භාවිතාව නොමැති වුවහොත් එය සිනමා කෘතියක් නොවන්නේය. පසු ගිය දා කළ එළි බැස්සා වූ රජකතා හා බණකතා චිත්රපට වනාහි සිනමා ව්යාකරණයෙන් බොහෝ දුර වූ ඒවාය. එවන් වකවානුවක සිනමාව නම් කවරේදැයි ජාත්යන්තර නිදර්ශන ඉදිරිපත් කිරීම මහඟු කි්රයාවකි.
කොළඹ ජාත්යන්තර සිනමා උළෙලේ තේමාව වූයේ ‘ඔබටත් අසුනක් එහි ඇත’ යනුවෙනි. එමගින් කියවෙන මුඛ්ය අරුත වන්නේ පොදු පේ්රක්ෂකයා වෙනුවෙන් මෙම චිත්රපට උළෙල පැවැත්වෙන බවයි.
කොළඹ වනාහි නිතර නිතර බෝම්බ පුපුරන බොහෝ බිය ජනක නගරයක් ලෙස ජාත්යන්තරය වටහා ගෙන සිටී. එහෙත් මෙකී චිත්රපට උළෙල නිසා එම තේරුම් ගැනීම නිවරැුදි කිරීමට යම් උපකාරයක් ලැබී තිබේ. එ් පිළිබඳව ලක්බිම ඉරිදා සංග්රහයට ලිපියක් සපයන ප්රවීණ සිනමා විචාරක අජිත් ගලප්පත්ති මෙසේ ලියයි.
‘ඇමෙරිකානු හමුදා කඳවුරක් තිබුණු නිසා ලොව ප්රකටව පැවති ජපානයේ ඔකිනාවා නගරය චිත්රපට කලාව තුළින් වෙනස් ස්වරූප ගන්වන්නට හැකිවූවා සේ කලක් මරාගෙන මැරෙන බෝම්බකරුවන් බහුලව ගැවසුණු කොළඹ නගරය මෙරට ජීවිතය යළි උපද්දන භූමිය ලෙස ලොව හමුවේ තබන්නට මෙය උචිතම මොහොතයි. කොළඹ ජාත්යන්තර සිනමා උළෙල යනු එ් මොහොතයි. ‘ඔබටත් එහි අසුනක් ඇත. එම අසුන සපුරන වගකීම හා යුතුකම අප මත පැවරෙයි. හඳගම කියන්නාක් මෙන් ගොඩනැගිලි යාන වාහනවලින් පිරුණු භූමියක ජීවිතය සපිරෙන්නට නම් එහි කලාව තිබිය යුතුය.’
‘මෙක්සිකානු චිත්රපට අධ්යක්ෂ කාලෝස් රෙගදාස් කොළඹ ජාත්යන්තර සිනමා උළෙල තුළ පවත්වන සිනමා වැඩමුළුව සඳහා අයදුම්පත් 900ක් පැමිණ තිබීමම ශී්ර ලංකාවේ හෙට දවසේ සිනමාව කෙරෙහි සුබ ප්රාර්ථනා පුබුදු කරන්නෙකි.’
සිංහල සිනමාව අප වැනි ඩයස්පෝරක සමාජයක් රස විඳින්නේ ශී්ර ලංකාවේ රසිකයන් රස විඳින ඍජු ආකාරයට නොවේ. වක්ර ආකාරයකිනි. ඇතැම් අනුග්රාහකයෝ චිත්රපට ගෙන්වා මෙරට ප්රදර්ශනය කරති. එ් එක පැත්තකි. වීඩියෝ පටවලට නගා ඇති චිත්රපට නැරඹීම දෙවැනි ක්රමයයි. තුන්වැන්න අන්තර්ජාලය හරහා චිත්රපට නැරඹීමයි.
පළමු නැරඹීමේ ක්රමයෙන් හැර අනෙකුත් ක්රම දෙකින්ම සිංහල සිනමාවේ වර්ධනයට ලැබෙන නිසි දායකත්වයක් නැත. එහෙත් සිනමාවක් නොබලා සිටීමට වඩා දෙවන තුන්වන ආකාරවලට වුවද චිත්රපට බැලීම යහපත්ය.
සිංහල සිනමාව එහි සැබෑ වර්ධනයට උපකාර කිරීමට පාලකයන් දක්වන්නේ ඇල් මැරුණු උනන්දුවකි. ඉන්දියාවේ නම් රාජ්යය එරට සිනමා කර්මාන්තයේ සැබෑ නෑදෑයෙකි. එම නිසා ලෝකයේ හොලිවුඞ් සිනමාවට පමණක් දෙවැනිවෙන සිනමා කර්මාන්තයක් සකසා ගැනීමට ඉන්දියාව සමත් විය. අපේ පාලකයෝ සිනමාවට පමණක් නොව අනෙකුත් කලාත්මක දේවලටද ඇත්තේ එක සමාන උදාසීන බවකි. එවැනි තත්වයක් යටතේ කොළඹ ජාත්යන්තර සිනමා උළෙල සංවිධායකයෝ අපේ ප්රශංසාවට ලක්විය යුත්තෝය.
සංස්කාරක

Share Button