ඒ සොඳුරු මිනිසා නික්ම ගියේය

October 29, 2014 in කලා

Bandula

විමලනාත් වීරරත්න

ප්රවීණ නාට්ය නිෂ්පාදකයකු හා රංගන ශිල්පියකු වූ බන්දුල විතානගේ මහතා සැප්. පළමුවැනිදා සන්ධ්යාවේදී දිවියෙන් සමුගත්තේය. මියයනවිට 74 වැනි වියේ පසුවූ විතානගේ මහතා ලංකාවේ බිහිවූ විශිෂ්ටතම රංගධරයෙකි. නළුවකු ලෙස රසිකයන් අතර මහා කීර්තියක් අත්කර නොගත්තත්, හෙතෙම ලංකාවේ ස්ටැනිස්ලවුස්කිගේ සුසාධිත රංගය :ඵැඑයදා ්ජඑසබට* ගැඹුරින් හා මැනවින් හදාළ අතළොස්සක් අතරින් කෙනෙකි. ස්ටැනිස්ලවුස්කි විසින් රංගනය පිළිබඳව රචිත ප්රධානම කෘතීන් නිරන්තරයෙන් පරිහරණය කළ ඔහු ඊට ප්රතිපක්ෂ රංග සිද්ධාන්තයන්හිද හසලයකු විය. විශේෂයෙන්ම ඬේවිඞ් මැමට් වැනි රංගනය පිළිබඳව මෙතර්ඞ් රංගයෙහි එක්තරා ප්රතිපක්ෂයක් විශ්වාස කළ කලාවේදියකුගේ ක්රමවේදයන් ගැන පවා ඔහු සිය භූමිකාවලදී අවධානය යොමු කළේය. ඒ කවර ක්රමයෙන් වුව ඔහුගේ අවසාන අපේක්ෂාව වූයේ රංගනය නමැති විෂයේ පරිපූර්ණත්වය කරා ළංවීමය.
බන්දුල උපන්නේ 1940 සැප්. 11 වැනිදාය. උගත්තේ අම්බලන්ගොඩ ධර්මාශෝකයෙනි. මියගියේ 74 වැනි උපන් දිනයට දින 10ක් තිබියදීය.
1963දී ලංකා විශ්වවිද්යාලයට ඇතුළත් වූ හෙතෙම සිය කලා දිවිය ඔපවත් කරගැනීමට මූලික පදනම දමාගත්තේ එහිදීය. එහි ප්රතිඵලයක් ලෙස බන්දුල 1969දී මේඝ ගර්ජනා නමැති නාට්යය නිෂ්පාදනය කළේය. ගංගාවක් සපත්තු කබලක් හා මරණයක් (71*, බෙකට් (74*, වැනිසියේ වෙළෙන්දා (80*, සෙනෙහෙබර ඩොලී පරිවර්තනය හා නිෂ්පාදනය (87*, හිරු දහස පරිවර්තනය සහ නිෂ්පාදනය (90* යන නාට්ය ඔහුගේ නිර්මාණ දිවියේ මහරු ඵල විය. චිත්රපට කිහිපයකට හා ටෙලිනාට්ය කිහිපයකටද රංගනයෙන් දායක වූ බන්දුල අසනි වැසි ටෙලි නාට්යයට රංගනයෙන් දායකවෙමින් ටෙලිනාට්ය කලාව තුළ ස්පර්ශ කළ හැකි රංග පරාසය කොතෙක්ද යන්නද විදාරණය කළේය.
බන්දුල විතානගේ මහතා ශ්රී ලංකා ගුවන්විදුලි සංස්ථාව (70-81*, රූපවාහිනි සංස්ථාව (82-94*, 94 සිට රූපවාහිනි අභ්යාස ආයතනය යන ආයතනවල සේවය කළ අතර 2001 සිට ටවර් රඟහල පදනමේ උපදේශකයකු ලෙසද කටයුතු කළේය.
එක් වරක් දඬුවමක් ලෙස ඔහුව එක්තරා ආයතනයක සේවයෙන් පහ කැරුණි. ඒ අවස්ථාවේදී ඔහු එංගලන්තයට ගියේය. මාස ගණනාවක් එක දිගටම සන්ධ්යාවේදී කර තිබුණේ නාට්ය බලන එකය. බන්දුල හැමදාම නාට්ය ශාලාවට එන නිසා එහි කළමනාකාරවරයා ඔහුට සහන මිලකට නාට්ය ප්රවේශ පත්ර ලබාදෙන්නටද පටන් ගත්තේය.
‘ඒ සොඳුරු මිනිසා’ ඔහු 2003දී නිෂ්පාදනය කළ නාට්යයකි. ඇත්තටම බන්දුලත් සොඳුරු මිනිසෙකි.
ඉතින් නික්ම ගිය ඒ සොඳුරු මිනිසාට අපගේ ආචාරය.x

Share Button