ඉවසිලිවන්ත පෙරළිකාරයා

October 29, 2014 in කී‍්‍රඩා

Angelow

ජගත් පේ්රමචන්ද්ර

ශී්ර ලංකා ක්රිකට් වාර්ෂිකව සංවිධානය කරන සම්මාන ප්රදානෝත්සවයේදී වසරේ දක්ෂතම ක්රිකට් ක්රීඩකයා, වසරේ දක්ෂතම ටෙස්ට් පිතිකරු සම සම්මානය සහ වසරේ දක්ෂතම එක්දින පිතිකරු සහ දක්ෂතම තුන් ඉරියව් ක්රීඩකයා ලෙස සම්මානයට පාත්රවීමට ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් පසුගියදා සමත් විය.
නායකයෙකු ලෙස තවමත් ළදරුවියේ පසුවෙන මැතිව්ස් වර්තමානය වන විට දක්වන දක්ෂතා ලෝක ක්රිකට් විචාරකයන්ගේ නොමඳ ගෞරවයට පත්ව ඇති බැව් අමුතුවෙන් පැවසිය යුතු නොවේ. ඒ බැව් පසුගිය තරග කිහිපයේදීම අපි දුටුවෙමු. ඒ විගසම ලැබූ මෙම සම්මාන මැතිව්ස්ගේ මෙන්ම ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ අනාගතයටද වඩාත් වැදගත්ය. විශේෂයෙන්ම මැතිව්ස්ගෙන් පසු එම ස්ථානයට හෝ දැනට කණ්ඩායමේ සිටින ක්රීඩකයන්ගේ නික්මයෑමෙන් අනතුරුව කණ්ඩායමට පැමිණීමට සූදානමින් සිටින කාටත් මෙය අභියෝගයකි.
මැතිව්ස් ශ්රී ලංකා ක්රිකට් වංශකතාව ඉතා කඩිනමින් යාවත්කාලීන කිරීමේ නියමුවෙක් ව සිටී. ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් වංශ කතාවේ 13 වැනි නායකයා වන මැතිව්ස් මේ දක්වා දක්වන ලද දක්ෂතාවන්හිදී දෙවැනි වී සිටින්නේ සනත් ජයසූරියට සහ මහේල ජයවර්ධනට පමණක් වීම කැපී පෙනේ. ක්රිකට් ඉතිහාසයක් නිර්මාණය කිරීමේ පුරෝගාමියා වූ අර්ජුන රණතුංග ටෙස්ට් තරග 56කට නායකත්වය ලබාදෙමින් ඉන් තරග 12ක් ජයග්රහණය කරමින්ද තරග 19ක් පරාජය වෙමින්ද වැඩිම ටෙස්ට් තරග ප්රමාණයක් මෙහෙයවූ නායකයා බවට පත්ව සිටී. ඔහුගේ තරග ජය ගැනීමේ ප්රතිශතය වූයේ 21.42කි. ඉන් අනතුරුව සනත් ජයසූරියද, ඊටත් අනතුරුව මහේල ජයවර්ධනද නායකත්වයේ තරග ජය ගැනීමේ ප්රතිශතයේ ඉහළට පිවිසෙන්නේ තරග 38කට නායකත්වය ලබාදෙමින් ඉන් තරග 18ක් ජය ලබමින්ද තරග 12ක් පරාජය වෙමින්ද සියයට 47.36ක ප්රතිශතයක් ලබා ගනිමින් සම දක්ෂතා දක්වමින්ය. ඔවුන්ට අමතරව නායකත්වයේ යම් පමණක දක්ෂතා දක්වන්නට මාවන් අතපත්තු සහ කුමාර සංගක්කාර සමත් වුවද ඔවුන් ඉතා ලෙහෙසියෙන්ම අබිබවා යෑමට කෝඩුකාර මැතිව්ස් සමත්වන්නේ ටෙස්ට් තරග 13කට නායකත්වය ලබාදෙමින් ඉන් තරග 6ක් ජය ලබමින් සහ තරග 2ක් පරාජය වෙමින් තරග ජය ගැනීමේ ප්රතිශතය 46.15ක් බවට පත්කර ගනිමිනි.
මැතිව්ස්ට නායකත්වයේ කිරුළ දරා සිටීමට තවත් කාලයක් තිබේ. ඒ අනුව ඔහුට ජයසූරිය සේම මහේලවද අබිබවා යෑමේ හැකියාව ලැබෙනු ඇත.
එහෙත් මැතිව්ස්ට එවැනි හැ`ගීමක් නැත.
‘තරග වාර්තා සම්බන්ධයෙන් මගේ එතරම් තැකීමක් නැහැ. මම නිතරම උත්සාහ කරන්නේ සහභාගි වෙන තරගයට සාධාරණයක් කරන්න. මා වෙනුවෙන්, මගේ කණ්ඩායම වෙනුවෙන් සහ අවසානයේ මගේ රට වෙනුවෙන් මගෙන් ඉටුවිය යුතු යුතුකම් ගැන පමණයි මගේ හැ`ගීම. ඒ වගේම මේ දේවල් තනියම ලැබූ දේවල් නෙමේ. අපේ කණ්ඩායමේ සාමූහික හැ`ගීමෙන් ලත් ජයග්රහණ. ඒ වගේම කණ්ඩායමේ සිටින ජ්යෙෂ්ඨයන්ගෙන් ලැබෙන සහයෝගයද ඉතා වැදගත්. එය වඩා වැදගත් ඉතිහාසයක් නිර්මාණය කරනවා…’ මැතිව්ස් වරෙක පවසා තිබුණි. ඒ පාකිස්තානය සමග වූ දෙවැනි ටෙස්ට් තරගය නිමාවේදීය.
මැතිව්ස් නායකයෙකු ලෙස කරළියට පිවිස ගත කළ මේ කෙටි කාලය ක්රිකට් පිටියේ විප්ලවීය වෙනසක් කිරීමට සමත්වීම සම්බන්ධයෙන්ද සටහන් තැබිය යුතුය. විශේෂයෙන්ම නායකත්වයේ කිරුළත් සමග අසමත් වන බොහෝ ක්රීඩකයන් හමුවේ මැතිව්ස් පුරාවෘත්තයකි. ඔහු නායකයෙකු ලෙස පිටියට පිවිස ටෙස්ට් ඉනිම් 24කදී ශතක 3ක් සහ අර්ධ ශතක 7ක් සමග ලකුණු 1386ක් ලබාගැනීමට සමත් වන්නේ ලකුණු ලබා ගැනීමේ සාමාන්යය 86.62ක ර`දවා ගනිමිනි. එමෙන්ම එක්දින තරග 44කදී ඉනිම් 39ක් පිටියට පිවිස ලකුණු 1242ක් රැුස් කරන්නේය. එහි සාමාන්යය 44.35කි. අවාසනාවකට මෙන් මැතිව්ස්ට තවමත් එක්දින ශතකයක් වාර්තා කිරීමේ වාසනාව ලැබී නොමැත.
මැතිව්ස්ගේ දක්ෂතා ගොන්නේ මේ ගෙවීයන්නේ වඩාත් සශ්රීකම කාලයයි. ඒ අනුව නිමා වූ මාස 12ක කාලයේදී මැතිව්ස් ටෙස්ට් පිටියේ රැුස්කර ඇති ලකුණු සංඛ්යාව 1292කි. එය 92.28ක ප්රතිශතයකි. එක්දින පිටියේ ලකුණු 965කි. එහි ප්රතිශතය 53.61කි.
‘අපේ ජ්යෙෂ්ඨ ක්රීඩකයන් අපි වගේ නවකයන්ට ලබාදෙන සහයෝගය නිසා තමයි මම නම් සාර්ථක වෙලා තියෙන්නේ. පිතිකරුවෙක් වශයෙන් මගේ මානසිකත්වය හො`දින් දියුණු කරගත්තා මිසක් තාක්ෂණික වශයෙන් කිසිම වෙනස්කමක් කරලා නැහැ. මම පුරුදු විදිහට පන්දුවට පහර දෙනවා. පසුගිය කාලයේ මම සාර්ථක වුණේ ඒ නිසා කියලායි මට හිතෙන්නේ…’ ඇන්ජලෝ මැතිව්ස් මෙහෙම පැවැසුවේ ශ්රී ලංකා, පාකිස්තාන දෙවැනි එක්දින ක්රිකට් තරගය නිමාවේදීය.
2009 වසරේදී ශ්රී ලංකා ටෙස්ට් ක්රිකට් කණ්ඩායමට එක්වීමට වරම් ලබාගන්නා මැතිව්ස් ඉන් වසර 4ක ඇවෑමෙන් නායකත්වයටද පිවිසෙන්නේය. වයස අවුරුදු 19න් පහළ ශ්රී ලංකා කණ්ඩායමේ සිට අඩියෙන් අඩිය ශ්රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමට වරම් ලබාගන්නා මැතිව්ස් නායකත්වයට පිවිසෙන තෙක්ම නායකයෙකු සතු කිසිදු ගුණයක් ප්රගුණ කර සිටියෙක් නොවේ. කණ්ඩායම් ක්රීඩකයෙකු ලෙස වඩාත් සටන්කාමී චරිතයකින් හෙබි මැතිව්ස් වර්තමානය වන විට නායකයෙකුගේ පරිණත බවද විදහා දැක්වීම ප්රශංසනීයය. විසිපස්වියේදී නායකත්වයේ අසිපත අතට ගන්නා මැතිව්ස්ගෙන් මෙවැන්නක් බලා පොරොත්තු නොවන්නට ඇත. එහෙත් අද වන විට මැතිව්ස් තමන් කෙරෙහි තැබූ විශ්වාසයට අගයක් දී ඇත්තේ ය. එම වගකීමට මැතිව්ස්ට ද දැන් පෙරලා ඇගැයීමක් ලැබී ඇත.x

Share Button