අනාගතය ගැන අතීතයේ සිට සිතන්න – ස්ටීව් ජොබ්ස්

October 29, 2014 in විශේෂාංග

steve

රුක්මාල් සිල්වා
අද මම ඔයාලා සමග මගේ ජීවිතයේ වැදගත් කතා තුනක් බෙදා ගන්න කැමතියි. ඒවා සුරංගනා කතා නොවෙයි. මගේ ජීවිතයේ යථාර්ථයයි. මීට වසර ගණනාවකට ඉහත අපේ රටේ එක්තරා විශ්ව විද්යාලයක ශිෂ්යාවක් හා ශිෂ්යයෙක් අතර පේ්රම සම්බන්ධතාවක් ඇති වුණා. විශ්වවිද්යාලවල ශිෂ්ය ශිෂ්යාවන් අතර පේ්රම සබඳතා ඇතිවෙනවාය කියන කාරණය අරුමයක් නොවේ. මා දන්නා ලෙසට ඔවුන් දෙදෙනාට දෙදෙනා පේ්රමයෙන් වෙලී ජීවත් වුණා. මේ පේ්රම සම්බන්ධය ලිංගිකව එක්වීමක් දක්වාම දුර දිග ගියා. දෙදෙනාම බලාපොරොත්තු නොවූ ලෙසට ශිෂ්යාව ගැබිනියක් බවට පත්වුණා. ඉන් පස්සේ පෙම්වතා පිළිබඳව නම් ආගිය තොරතුරක් මේ කතාවට අනුව දැනගන්නට ලැබෙන්නේ නැහැ.
තමන්ගේ ගැබේ ඉන්න දරුවා හදාවඩා ගැනීමට ශිෂ්යාවට ලොකු උවමනාවක් හා ආසාවක් ඇති වුණා. එහෙත් තමන්ට නම් දරුවා හදාවඩා ගැනීමට නොහැකි බව දැන දරුවා ඉපදුණු වහාම දරුවන් කෙරෙහි උනන්දුවෙන් ආසාවෙන් සිටියත් දරුඵල නැති යුවළකට මේ දරුවා දීමට ශිෂ්යාව කල්වේලා ඇතිවම සැලසුම් කළා. ඒ අනුව එක්තරා යුවළකට මේ දරුවා දීමට ඔවුන් සමග කතාබහ කර මේ ශිෂ්යාව සියලූ කටයුතු සූදානම් කර තිබුණා. එම යුවළ මෙම ශිෂ්යාවගෙන් බලාපොරෙත්තු වූයේ ගැහැනු දරුවෙක්.
ශිෂ්යාව දරුවා බිහිකරන නියමිත දිනය පැමිණි පසු දරු ප්රසුතිය සඳහා රෝහල වෙත ගියා. දරුවා බලාපොරොත්තුවෙන් සිටි යුවළටද තමන් පොරොන්දු වූ දරුවා නිත්යනුකූල ලෙස ලබාගැනීමට රෝහල වෙත එන ලෙස ශිෂ්යාව දැනුම් දුන්නද, ඉපදී සිටින්නේ පිරිමි දරුවෙක් නිසා එම යුවළ මෙම දරුවා ප්රතික්ෂේප කළා. නැවතත් මෙම ශිෂ්යාව පිරිමි දරුවන් බලාපොරොත්තුවෙන් සිටින යුවළකට කතා කළේ අහම්බෙන් දරුඵල නැතිව පිරිමි දරුවෙක් බලාපෙරොත්තුවෙන් සිටි මෙම යුවළට නම් ඉහේ මලක් පිපුණාක් මෙන් ඔවුන් මේ ශිෂ්යාවගේ පිරිමි දරු පැටියා ලබාගැනීමට එක පයින් කැමැත්ත ප්රකාශ කළා. අනතුරුව ඔවුන් පසුදා උදෙන්ම දරු පැටියා ලබාගැනීමේ අරමුණින් රෝහල වෙත පැමිණියා. දරුවාට හොඳ අධ්යාපනයක් ලබාදී දරුවා ආදරයෙන් රැුකබලා ගන්නා බවට ද පොරෙන්දු වී මෙම ශිෂ්යාවගෙන් නිත්යනුකූලව දරුවා ලබා ගත්තා.
ඒ දරුවා අද ඔබත් මමත් ජීවත්වෙන මේ රටේ, ඇමරිකාවේ ප්රසිද්ධ පුද්ගලයෙක්. ඔහු පරිගණක ක්ෂේත්රයේ සහ ව්යාපාරික ක්ෂේත්රයේ ජනප්රිය දක්ෂ පුද්ගලයෙක්. අද ඔබේ විශ්වවිද්යාලයේ උපාධි ප්රදානෝත්සවයේ ප්රධාන ආරාධිතයා ලෙස සහභාගි වී සිටින ඒ පුද්ගලයා මමයි. නිත්යනුකූල ලෙස මාව දරුකමට හදා වඩා ගැනීමට භාරගත් මගේ වර්තමාන මව සහ පියා මට මේ කතාව ප්රකාශ කළ බව ස්ටීව් ජොබ්සන් වැඩිදුරටත් පැවසුවා.
ස්ටීව් ජොබ්සන් ‘‘ඇපල්’’ පරිගණකයේ නිර්මාතෘවරයාය. ඇමරිකාවේ නැතහොත් යුරෝපා රටවල ස්ටීව් ජොබ්සන් කීවත් ඇපල් පරිගණකය කීවත් කාරණා දෙකක් නොව එකක් ලෙස සලකති. ස්ටීව් ජොබ්සන් ඒ තරමට ම පරිගණක හුරු ජනතාවගේ සමීපතමයෙකි.
මීට වසර ගණනාවකට ඉහතදී ඇමරිකාවේ ස්ටැන්ෆර්ඞ් විශ්වවිද්යාලයේ උපාධි ප්රදානෝත්සවයේ ප්රධාන ආරාධිතයා ලෙස සහභාගිවෙමින් එහිදී ඔහු කළ කතාව තුළ ගැබ්ව ඇත්තේ හුදෙක් ඔහුගේම ආත්ම වර්ණනය නොවේ. එය විද්යාර්ථීන්ටත් සහ ව්යවසායකයන්ටත් අමතක නොවන පාඩම් රැුසක් කියා දුන් දේශනයක් විය. මේ නිසාම මේ කතාව මුළු ලෝකයේම අවධානයට යොමුවී ඉමහත් ආන්දෝලනයට තුඩු දුන් කතාවක් බවට ද පත්විය. පහතින් පළවන්නේ ඔහුගේ සම්පූර්ණ කතාවය.
පොරොන්දු වූ ආකාරයෙන්ම මාව දරුකමට හදා වඩාගත් මගේ දෙමාපියන් මගේ ප්රාථමික අධ්යාපනය අවසන් වූ පසු උසස් අධ්යාපනය සඳහා මට වයස අවුරුදු 17 දී විශ්ව විද්යාලයක් වෙත යැව්වා. එයත් අද ඔබ ඉගෙන ගන්නා සේ මිල අධික උසස් සරසවියක්. වැඩකරන පංතියේ වූ මාව හදාවඩා ගත් මගේ මාපිය දෙපළගේ සකල සේසතම මගේ විශ්වවිද්යාල අධ්යපනය වෙනුවෙන් වැය වුණා. ඔවුන් මුළු ජීවිත කාලයම හම්බකළ මුදල් මගේ විශ්වවිද්යාල අධ්යාපනයට වැයකිරීමට ගතවූයේ මාස හයක් පමණි. එහෙත් මට මේ විශ්වවිද්යාල ජීවිතය තුළ කිසිදු ආලෝකයක් දැනුණේ නැහැ. මා සිටිය යුත්තේ කොතැනකද? මාගේ ඉලක්කය කුමක්ද? යන්න පිළිබඳව කිසිදු හෝ වැටහීමක් ලබාගැනීමට මේ විශ්වවිද්යාල ජීවිතය කිසිසේතම මට අත්වැලක් වූයේද නැහැ. මේ නිසාම මාස හයක් වැනි ඉතාම කෙටි කාලයක් ඇතුළත විශ්වවිද්යාල ජීවිතයෙන් සමුගැනීමට මා තීරණය කළා.
මේ කාලය මට ආර්ථීක අතින් ඉතාම අසීරු කාලයක් බවට පත්වුණා. මට ඉන්න හිටින්න තැනක් තිබුණේ නැහැ. මම නිදා ගත්තේ යහළුවන්ගේ කාමරවල බිම. මට තිබූ මේ ආර්ථීක අපහසුතාවන් නිසා සමහර අවස්ථාවන් මගේම යහළුවන් ලබා දුන් කෑම-බීම අතරින් බීම බෝතල් එකතු කර විකුණා මුදල් හොයාගෙන දිවා ආහාර හෝ රාත්රී ආහාර සපයා ගත්තා. එලෙස උපයා ගත් මුදල්ද අවසන් වූ අවස්ථාවක දිවා ආහාර වේලක් හොයාගන්න මම සමහර දවස්වල නගරය පුරාවටම හැතැක්ම පහක් හයක් පයින්ම ඇවිද්දා. කුසගින්න යාන්තමට පිරිමසා ගන්නට මම සෑම ඉරිදාවකම නගරයේ තිබුණු හරේ ක්රිෂ්ණා පන්සලට ගියා. එහි සති අන්ත පූජාවේදී ලැබෙන දිවා ආහාර වේල ඉතාම රසවත්. මෙම ආහාරවේලට මම ඉතාම ප්රිය කළා වගේම මගේ කුසද පිරුණා. රීඞ් විශ්වවිද්යාලය මගින් පවත්වන අක්ෂර විද්යාව පිළිබඳව පාඨමාලාවක් පිළිබඳව මගේ නෙත ගැටෙන්නේ මෙම කාලපරිච්ෙඡ්දයේදීයි.
එම විශ්වවිද්යාලයේ බිම පුරාම අක්ෂර. අක්ෂර කලාවේ නව මානයන් පිළිඹිඹු කරන අලංකාර අක්ෂර රටා මගේ සිත ගත්තා. එමගින් මා යොමුවුණේ මේ අක්ෂර කලාව ඉගෙන ගැනීමටයි. ඒ විෂය කෙරෙහි මට නොදැනීම මාව ආකර්ෂණය වුණා. අක්ෂර රටා සහ ඒ සම්බන්ධව පවතින ශාස්ත්රීය පසුබිම් ඉතිහාසය ආදිය පිළිබඳව මා ඉගෙන ගත්තා. අක්ෂර විද්යාව මේ ආකාරයෙන් ඉගෙන ගත්තත් මට එය මගේ අනාගතය සම්බන්ධව කිසිදු ආකාරයක සමීප කරගැනීමේ අදහසක්ද තිබුණේ නැහැ. එයින් වැඩක් ගත්තෙත් නැහැ.
එහෙත් වසර දහයක ඇවෑමෙන් මම ලැබූ අක්ෂර විද්යාවේ හාස්කම නිසා මගේ පළමු ඇපල් මැකින්ටොෂ් පරිගණකය බවට ඇපල් පරිගණකය පත්කර ගැනීමට මට හැකිවුණා. ඇපල් පරිගණකය ලොව පුරා ජනප්රියවීමට හේතුව වූයේ මෙයයි. පුද්ගල පරිගණක අංශයෙන් ඒ වනවිට එතරම් සාර්ථකත්වයට නොගිය වින්ඩොස් මෙය කොපි නොකරන්නට පුද්ගල පරිගණක ක්ෂේත්රයත් මේ තරම්ම ඉක්මනට දියුණු වේයයැ’යි මා මොනයම් අයුරකින් හෝ විශ්වාස කරන්නේ නැහැ.
ලෝකයේ තීරණාත්මක වූ මේ මුලපිරීමට හේතුව ඇපල් සමාගම මැකින්ටොෂ් පුද්ගල පරිගණක බිහි කිරීම නොව මගේ අක්ෂර විද්යා පාඨමාලාවේ හාස්කමක් බව මා ඔබට පෙන්වාදීමට කැමතියි. මීට වසර දහයකට ඉහත මා කළ දේ ගැන සිතීමෙන් අනාගතය සම්බන්ධයෙන් මා තැබූ පියවර ඔබට අවබෝධ වෙනු ඇතැ’යි මා සිතමි. අප අතීතයේ ඉගෙනගත් දෑ වර්තමානයේ ඉගෙන ගන්නා දේ අපේ අනාගතයේදී සහ ලෝකයේ අනාගතයේදී මොනතරම් දුරට වැදගත්වේද යන්න මෙමගින් මා ඔබට වටහාදීමට කැමතියි. අප අනාගතය ගැන පමණක්ම සිතීමෙන් කිසිම දිනෙක කිසිම ඵලක් ප්රයෝජනයක් නොවේ. අප අනාගතය ගැන සිතිය යුත්තේ අපේ අතීත පාඩම් ද සමගයි. අපට අප කරන කියන දේ කෙරෙහි විශ්වාසයක් තිබිය යුතුයි. අපේ ධෛර්යය, අපේ ශක්තිය හා අපේ අවංක කැපවීම පිළිබඳව ද විශ්වාසයක්ද තිබිය යුතුයි. ඒ මත අපට ඕනෑම දෙයක් කෙරෙහි ජයග්රහණයන් ලබාගත හැකිවනවා නොඅනුමානයි. ඔබට මේ විශ්වාසය ඔබේ ජීවිතයේ තිබෙනවාද? මට මගේ ජීවිතයේ ජයග්රහණය අත් කර දුන්නේ මේ ප්රවේශයයි. මෙය මාගේ පළමු කතාවයි.
මාගේ දෙවන කතාවත් මා ඔබට ප්රකාශ කිරීමට කැමතියි. මගේ දෙවන කතාව පේ්රමය සහ අහිමිවීම පිළිබඳව කතාවක්. මා ඇලූම් කළ දේ සහ මා අපේක්ෂා කළ දේ මට මගේ ජීවිතයේ හොඳම වයසේ දී හෙවත් තරුණ වියේදී මට ලබාගැනීමට හැකිවුණා. මම මගේ හිතමිත්ර වොෂ් ටේබර් සමග ඇපල් සමාගම ආරම්භ කරන විට මට වයස අවුරුදු 20 යි. මාව හදාවඩා ගත් මාගේ දුප්පත් දෙමාපියන්ගේ ගරාජයෙන් ආරම්භ කළ ඇපල් මැකින්ටොෂ් පරිගණක නිෂ්පාදනය වසර 10ක් යන විට ඇමරිකානූ ඩොලර් බිලියන 2ක වත්කමක් ඇති සේවකයන් හාරදහසක් පමණ සිටින අති දැවැන්ත ආයතනයක් බවට පත්කර ගන්නට හැකිවුණා. මම මේ දේ ලබා ගත්තේ දිවා ? හෝ අව්ව වැස්ස ද නොබලා මහත් වූ පරිශ්රමයකින් යුතුව වැඩ කිරීමෙන්. මම මගේ ආයතනයෙන් නිෂ්පාදනය කොට නිකුත් කළ හොඳම භාණ්ඩය වූයේ මැකින්ටොෂ් පරිගණකයයි. නමුත් මට අත්වූ ඉරණම හෝ මට මුහුණදීමට සිදුවූ අවාසනා වන්තම සිදුවීම කුමක්වෙන්නට ඇත්දැ’යි ඔබට සිතාගත හැකිද. මාව මේ සමාගමෙන් ඉවතට විසිවුණා. ඒ වනවිට මට වයස අවුරුදු 30යි.
සිනාමුසු මුහුණින් සතුටින් ආරම්භ කළ ඔබගේම සමාගමෙන් ඔබ එළියට විසිවුණේ කෙසේද? යන්න ඔබ මගෙන් ප්රශ්න කරයි. මගේ සමාගම දිනෙන් දින දියුණු වෙද්දී මම එක් පුද්ගලයෙකු මගේ සේවයට බඳවා ගත්තා. ඔහු අවංකව සේවය කරමින් මට සහ මගේ ආයතනයේ දියුණුවට වැඩ කරාවීය යන්න මම අතිශයින් ම විශ්වාස කළා. ඇත්තටම ඔහු එසේ සේවය කළේ මුල් අවුරුදු දෙක තුනදී පමණයි. පසුව අප අතර මත ගැටුම් හා ප්රතිපත්ති පිළිබඳ ප්රශ්න ඇතිවුණා. තමන් පණ මෙන් ආදරය කළ තමන් බිහිකළ සමාගමෙන් ප්රසිද්ධියේ ඉවත්වන්නට සිදුවීම ඒ පුද්ගලයාට මොනතරම් දුකක්ද. වේදනාවක්ද? ඇත්තෙන්ම එය දරාගත නොහැකි දෙයක් නේද?. මට මගේ අනාගතය විනාශ වෙනවා වගේ දැනුණා. ව්යාපාරික ක්ෂේත්රයේ හිණිපෙත්තටම නැගගෙන ආ මට මගේ අතින් යෂ්ටිය නැතිවුණා වගේ දැනෙන්නට වුණා. ඒත් මම මා බිහි කළ ඇපල් සමාගමට අතිශයින්ම ආදරය කළා. මට එළියට යන්නට සිදු වූවත් මා බිහිකළ ඇපල් සමාගම විනාශවන තැනට මා ක්රියා නළේ නැහැ. ඇපල් සමාගම සිහියට එන හැම වේලාවක ම හැම ස්ථානයකදීම මා එම ආයතනයට සුභ ප්රාර්ථනා කළා. මා ඊට ආදරය කළා. මා නැවත ඇපල් ආයතනයට සම්බන්ධවීමට අපරිමිත වූ උත්සාහයන් දැරුවා.
ඇපල් සමාගමෙන් ඉවත්වීමත් තවත් අලූත් ජීවිතයක ආරම්භයක් බව මට එක්තරා අවස්ථාවක හිතුණා. ඇපල් සමාගමෙන් ඉවත්වීමට තරම් මට තවත් අවස්ථාවක් තිබේද යන්නත් තවත් විටෙක හිතුණා. මේ අතර තමයි මට නෙක්ස්ට් සමාගම පිළිබඳ අදහස හිතට ආවේ. නැවත ආරම්භයක් ලෙස ක්ර්රියාකිරීම නිසා ලද සැහැල්ලූ බවෙන් බරපතළකම පිරිමැසී ගියා. ඒ සැහැල්ලූව තුළ මම මගේ නිර්මාණාත්මක චින්තනය දියුණු කරගත්තා. එයත් මගේ ජීවිතයේ ස්වර්ණමය කාලයක්. නෙක්ස්ට් සමාගමට අමතරව පික්සාර් සමාගම බිහිකිරීම පිළිබඳවත් මම සිතන්නට පටන් ගත්තා. ලෝකයේ පළමු පරිගණකගත සජීවීකරණ චිත්රපට නිර්මාණය වුණේ මගේ පික්සාර් චිත්රාගාරයක් තුළ. එය ලෝකයේ වඩාත්ම සාර්ථක සජීවිකරණ චිත්රාගාරයයි.
මේ කාලයේ දී මම ලොරින් නැමැත්තියක් සමග ආදර සබඳතාවයක් ඇති වුණා. ඇය සමග ඇති වූ ආදර සබඳතාවය නිසා මම සුන්දර ජීවිත රටාවකට ප්රවේශ වුණා. නැවතත් කිසිවෙකු නොසිතූ පරිවර්තනයක් ව්යාපාරික ලෝකය තුළ සිදු වුණා. පික්සාර් ආයතනය ඇපල් සමාගම විසින් මිලදී ගැනීම. මේ ගනුදෙනුව අතරේ මම නැවත ඇපල් සමාගමට ඇතුළු වුණා. මා නිර්මාණය කළ මගේ නිවසේ ගරාජයෙන් මගේ දහඩිය කඳුළින් ගොඩනැගුණු මගේ ලෝකයට නැවත පිවිසීම කොතරම් ආශ්චර්යයක් ද? ඉන්පසු මගේ පෙම්වතිය වූ ලොරින් සහ මා අතර විවාහය සිදුවුණා. අද ඇපල් සමාගම පවතින මේ ප්රබල වර්ධනය පසුපස තිබෙන්නේ මා අතින් නිර්මාණය කර බිහිවූ නෙස්ක්ට් සමාගම විසින්ම නිපදවනු ලැබූ තාක්ෂණයයි.
මට ඇපල් සමාගමෙන් එළියට එ්මට සිදු නොවූයේ නම් මෙතරම් සාර්ථකත්වයක් සහ මෙතරම් ජයග්රහණ රැුසක් මට ලැබේයැ’යි කිසිවිටෙක සිතිය නොහැකි බව මා ඔබට ඉතා ඕනෑකමින් අවධාරණය කිරීමට ද කැමතියි.
අවසාන වශයෙන් මම මගේ ජිවිතයේ තුන්වන කතාවත් ඔබට ප්රකාශ කිරීමට කැමතියි. මට වයස අවුරුදු 17දී එක්තරා පොතකින් මා කියැ වූ වැකියක් මට නිරන්තරයෙන්ම සිහියට එනවා. ‘‘ඔබ ජීවත්වන්නේ අද පමණයි කියා ඔබ සෑම දිනකම සිතනවා නම් යම් දිනක ඔබ බොහෝ දුරට නිවැරදි වේවි’’ එයින් පසු ගත වූ වසර 33 පුරාවට ම මම මේ දේ සෑම දිනක ම මෙනෙහි කළා. සෑම උදෑසනකම කණ්ණාඩිය ඉදිරියට යන මම අද මගේ ජීවිතයේ අවසාන දවස නම් මම තව කවර කාර්යයක් නිමකළ යුතුව තිබේද? මේ ප්රශ්නයට මගෙන්ම එන පිළිතුර නැත යන්න නම් එමගින් මා හිතන්නේ මට වෙනස් වියයුතු වෙනස් කරගත යුතු බොහෝ දේ තිබෙන බවයි.
මම ඉක්මනින්ම මැරෙනවාය යන්න සෑම දිනකම සිතීමත් මගේ ජීවිතයේ මේ ජයග්රහණ ලබාගැනීමට හැකිවූ එක් කරුණක් බවද ඔබට අවධාරණය කළ යුතුයි. මරණය ඉදිරියේ මේ සියලූ දේම අනිත්යයැ’යි සිතීම තරම් මනසට සැහැල්ලූවක් ගෙනදෙන තවත් වෙනත් කිසිදු කාරණයක් මේ ලොව තුළ නැත. මීට කලකට ඉහතදී මට පිළිකාවක් තිබෙන බව දැනගත්තා. මගේ උදරය ස්කෑන් පරීක්ෂණයකට ලක්කෙරුණේ අලූයම 4.30ටය. අග්න්යාශයේ පිළිකාවක් තිබෙන බව ඉන් අණාවරණය වුණා. මෙය සුවකළ නොහැකි ආකාරයේ පිළිකාවක් බව වෛද්යවරු මා හට ප්රකාශ කළා. ඔවුන් ප්රකාශ කළේ වැඩිම වුණොත් මට මෙලොව තව ජීවත්විය හැක්කේ මාස තුනක කාලයක් පමණක් බවයි. එම නිසා ඔබ නිවසට ගොස් ඔබේ ජීවිතයේ සාමාන්ය කටයුතු කරගෙන සිටින ලෙස වෛද්යවරු මා හට දැනුම් දුන්නා. ඔවුන් නොකියා කීවේ තව වසර දහයකින් ඔබ ඔබේ දරුවන්ට ප්රකාශ කිරීමට බලාපොරොත්තුවන දේ ඉදිරි මාස තුන ඇතුළත දී ප්රකාශකර පවුලෙන් සමුගැනීමට සූදානම් වන ලෙසය.
වෛද්යවරුන්ගේ මෙම ප්රකාශය සමග මා එදා පටන් රෝග විනිශ්චය සමග ජීවත් වුණා. වෛද්යවරුන්ගේ පළමු පරීක්ෂණ වූයේ ‘‘බයෝප්සි’’ පරීක්ෂණයක් සඳහා අග්න්යාශයේ පටක කැබැල්ලක් ලබාගැනීම යි. එය ‘‘එන්ඩොස්කොපි’’ ආකාරයට සිදුවූ සාම්පලයක් ලබාගැනීමක්. මා සිහි නැති කෙරුණා. මාගේ බිරිඳ ඒ අවස්ථාවේ වෛද්ය කණ්ඩායම සමග මා අසල සිටියා. ඔවුන් පරිගණක තිර ඔස්සේ බලමින් කුඩා ඉඳිකටුවකින් මගේ අග්න්යාශ කැබැල්ලක් රැුගෙන තිබෙනවා. ඒ සමග ඔවුන් විමතිය පළකරමින් මගේ බිරිඳට පවසා ඇත්තේ මෙය ඉතා කලාතුරකින් වැළඳෙන පිළිකා ආකාරයක් බවත්, මෙය ශල්යකර්මයක් මගින් සුව කළහැකි බවත්ය. ශල්යකර්මය සාර්ථකව සිදුවුණා. මට අද සුවයි. මේ අත්දැකීම සමග මා මරණය ළඟටම ගියා. ඒ සමගම මම තවත් වසර ගණනාවක්ම ඉදිරියටත් ගියා. මම හිතන්නේ සහ මා ඔබට නැවතත් කියන්නේ මරණය සමග හිතමින් ජීවත්වී හෝ වැඩ කිරීම නුවණක්කාර බවයි. අප කවරෙකුටවත් මැරෙන්නට අවශ්ය නැහැ. දෙවියන් ළඟට යාමට කැමත්තෙන් සිටින අය පවා මරණය පසුකොට එතැනට යන්නට අකමැත්තක් ප්රකාශ කරනවා. නමුත් අප සියලූ දෙනාගේම ජීවිත මරණයෙන් කෙළවර වන බව අප දන්නවා. එය යථාර්ථයක් මෙලොව මොනම ජගතෙකුටවත් වැළැක්විය නොහැකියි. අපේ ජීවිතවල පරණ දේ ඉවත් කොට අලූත් දේ ගැන සිතන්නට යොමුකරවන්නේ මරණයයි. මරණය අපේ ජීවිතවලට ලැබුණු හොඳම නිර්මාණයක්. මරණය ගැන මේ තරම් සුන්දරව නාට්යමය ආකාරයකින් ප්රකාශ කරනවාට සමාවෙන්න. නමුත් යථාර්ථය එයයි. මේ යථාර්ථය හමුවේ අපට ඇත්තේ සුළු කාලයකි. මේ සුළු කාලය තවත් කෙනෙකෙුගේ ජීවිතය මත ජීවත් වීමට උත්සහ නොකරන්න. මේ සුළු කාලය තනිවම අභිමානයෙන් යුතුව ගතකරන්න. සෙසු අයගේ හඬට යටත් නොවී තමන්ගේ හඬ අවදි කරගැනීමට උත්සාහ කරන්න. ඒ සඳහා පූර්ණ ලෙසම කැපකිරීම් කරන්න මැදිහත්වන්න. සෙසු අය ඔබට යායුතු තැනට යෑමට ඉඩ සලසා දේවි. එහෙත් ධෛර්යය සම්පන්නව යථාර්ථය හඳුනාගෙන වැඩ කරන්න. අද විශ්වවිද්යාලයෙන් පිටවන මේ තරුණ උපාධිධාරීන්ට මගේ කතා තුනෙන් මා දෙන පණිවුඩය මෙයයි. ඔබට බොහෝම ස්තූතියි ඔබේ අනාගතයට ජයම වේවා.xv

Share Button