දායාද සහ සමාධි

September 7, 2014 in විශේෂාංග

daham 1දායාද සහ සමාධි යන වචන දෙකම අතීතය හා බැඳි සිදුවීම් වෙනුවෙන් භාවිත කිරීමට අප බොහෝ විට හුරුව ඇත. විශේෂයෙන්ම මෙම වචනවල අර්ථයන් අපි අපට ගැළපෙන ලෙස, මතු පිටින් පෙනෙන කරුණු අනුව භාවිතයට යොදා ගත්තෙමු. මෙම අර්ථ දැක්වීමට එක් වන තවත් ප‍්‍රබල සාධකයක් වන්නේ අපගේ විවිධ අත්දැකීම් පිළිබඳව අපගේ ඇති අවබෝධයයි. එනමුත් මෙම වචන යුගලයෙන් නිරූපිත සැබෑ අරුත අප ජීවන රටාවට කොපමණ බලපෑමක් කරන්නේ ද යන වග වටහා ගැනීම අප විසින් බොහෝ විට නොකරනු ලබන කාර්යයකි.
නවතම එමෙන්ම සංශී‍්‍රක ජීවිතයක් ගොඩ නගා ගැනීම ප‍්‍රමුඛ කොට ගත් පැතුම් සහිතව කැනඩාවට සංක‍්‍රමණය වූ අප වැන්නවුන්ට මෙම වචන දෙකෙන්ම ගම්‍ය වන්නාවු සැබෑ අරුත අවබෝධ කර ගැනීිම අතිශයින්ම ඵලදායි කි‍්‍රයාවක් ලෙස අපි දකින්නෙමු. අප ගැඹුරින් නොසැලකුවද, අප විසින් එදිනෙදා ජීවිතයේ දී කරනු ලබන බොහෝ වැදගත් කාර්යයන් අවසානයේදී දායාදයක් හෝ සමාධියක් ලෙස ඉතිරි වන බව අපි සමහර විට නොදන්නෙමු.
මතු පිටින් බැලූව හොත් සමාධියක් ගොඩ නගන්නේ බොහෝ විට අප හැර ගිය වුන් සිහිපත් කිරීමටය. පාරාවෝ රජුන් ඊජිප්තුවේ ගොඩ නැඟු පිරමීඩයන් මෙන්ම, සාජහන් තම පේ‍්‍රමය වෙනුවෙන් භාරත දේශයෙහි ගොඩ නැඟූ ටාජ් මහල් කිරි ගරුඬ ප‍්‍රාසාදයද අප හොඳින් දන්නා ලෝක පූජිත සමාධීන් ය. සැප්තැම්බර් 11 දින සිදුවුන ව්‍යවසනයෙන් අහිමි වූ දවිත්ව කුලූන වෙනුවට තවත් විශාල කුලූනු ඇමරිකාවේ නිව්යෝර්ක් නගරයෙහි ගොඩ නැෙඟමින් පැවතේ. ඔවුනට මෙයද යම් කිසි ආකාරයක සමාධියකි. එනමුත් මෙම ගොඩ නැඟීම තම ආරක්ෂක පද්ධතියේ සිදුවූ විශාල අපකීර්තියක් වසා ගැන්මට යොදා ගත් ඵල රහිත කි‍්‍රයාවක් ලෙසද සමහර අදහස් පලව ඇත. පොදුවේ ගත් කල ඉන් ලැබෙන ඵලය කුමක් වුවත් විවිධ ආකාරයේ සමාධි ගොඩ නැගීම දියුණු සහ නොදියුණු රටවල්වල එක හා සමානව සිදුවෙමින් පවතී. බොහෝ විට මෙම සමාධි විවෘත කිරීමද, නම් කිරීමද සමාධියක් ගොඩ නැගුවා මෙන්ම විශාල උත්සවයක් සහිතව සිදු කරයි. බොහෝ විට කාලයාගේ ඇවෑමෙන් මෙම සමාධි ඵල රහිත, නඩත්තුව සඳහා විශාල ධනයක් වැය කෙරෙන සුදු අලින් බවට පත්වන බවට ලෝකය පුරාම උදාහරණ බොහොමයක් දැකිය හැකිය.
ගොඩ නගා ඇති හෝ ගොඩ නැෙඟමින් පවතින සමාධි සංගනනයකට වඩා, සමාධි ගොඩ නැගීමේ සංස්කෘතියේ යටි අදහස් මෙන්ම, ඒ සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන ලබා ගන්නා කි‍්‍රයාව අවබෝධ කර ගැනීම අපට වඩාත් වැදගත් කරුණු වේ. ප‍්‍රමාණය කොපමණ විශාල හෝ කුඩා වුවත් සමාධි ගොඩනැගීමෙන් අපට ලැබෙන ප‍්‍රතිඵල නම් ඉහළ යන බවක් අපට නොපෙනේ. එමෙන්ම මෙම සෑම සමාධියකට බර පැන දරන්නේද අපය. අතීතයේ ගොඩ නැගුණු සමහරක් සමාධීන්ගෙන් යම් යම් ප‍්‍රායෝගික ප‍්‍රතිලාභයන් අප ලැබුවද, අද සමාජයේ විවිධ කරුණු උදෙසා ගොඩනගන ‘සමාධීන්’ එක් එ ක් පුද්ගලයාගේ හෝ කණ්ඩායම් හි පෞද්ගලික අරමුණු ඉටුකර ගන්නා ආකාරයක් අපට හැඟී යයි. බොහෝ විට එමගින් අපට ලැබෙන ඵලය ගැන කිසිම කථිකාවක් නොකොට, ඒවා ගොඩ නැංවීමට හෝ පවත්වා ගෙන යාමට සහයෝගය දැක්වීම අප විසින් නොකළ යුත්තකි.
නව දේශයකට ආගමනය වූ අප මෙවන් කරුණු දෙස විමර්ශනාත්මකව බැලීම කාලීන අවශ්‍යතාවක් වනු මෙන්ම, අප මව් රටෙහි ගොඩ නැෙඟමින් තිබෙන සමාධි ගොඩනැඟීමේ ප‍්‍රවනතාවය අඩු කිරීමට මහඟු ආදර්ශයක් දිය හැකි කදිම අවස්ථාවකි.
සමාධීන් බොහෝ විට වැඩි අනර්ථකාරී ප‍්‍රවනතාවක් පෙන්නුම් කරන විට, එහි අනෙක් පැති කඩ වන ‘දායාදය ’ බොහෝ විට විශාල එමෙන්ම වැදගත් සමාජ මෙහෙවරක් ඉටු කරන බවක් අපට පෙනී යයි. නව නිපැයුම්කරුවන්ද, කලාකරුවන්ද, ග‍්‍රන්ථ කතුවරයන්ද, සමාජ සේවකයන්ද මෙන්ම විවිධ සංවිධානද බොහෝ වටිනා ඉදිරියට වැදගත්, දිගු කල් පවත්නා දායාදයන් අපට ඉතිරිකර ඇත. එමෙන්ම විවිධ සමාජ ක‍්‍රම තුළින් අපට ලැබුණු දායාදයන් බොහෝ ය.
ශී‍්‍ර ලාංකික අධ්‍යාපන ක‍්‍රමය තුළින් අප ලද සංඛ්‍යාත්මක භාවිතය හෝ ගණිත දැනුම මින් එක් ප‍්‍රකට සහ වැදගත් දායාදයකි. සමහරක් විට අප ශී‍්‍ර ලංකාවෙහි සිටියදී මෙහි වැදගත් කම නොදුටුව ද කැනඩාව වැනි රටකට ආගමනය වීමෙන් මෙම අගය පහසුවෙන් අවබෝධ වන්නට ඉඩ ඇත. මෑතදී පල වූ පුවතකට අනුව කැනඩා විශ්වවිද්‍යාලයක පළමු වසරේ සිසුන් යොදා කල සමීක්ෂණයකට අනුව ඔවුන්ගේ ගණිත දැනුම, අට වසරේ ශිෂ්‍යයන්ට වඩා වැඩි බවක් නොපෙන්වා ඇත. ජාත්‍යන්තර භාෂාවක් වන ඉංගී‍්‍රසි බසද අප යම් අයුරකින් ලද දායාදයකි. මෙරටට සංක‍්‍රමණය වීමට මෙන්ම, රැුකියා අවස්ථා උදාකර ගැනීමට එම දැනුම ඇත්තවුන්ට අත්වැලක් වූ බව අපි හොඳින් දනිමු.
අපට බොාහෝ හොඳ දායාදයන් ලැබුණත්, සමහර දායාදයන් කොතරම් ඵලදායි හෝ නැතිදැයි වසර ගණනාවක් පුරා ශී‍්‍ර ලංකාවේ විධායක ජනාධිපති ක‍්‍රමය ගැන කෙරෙන විවාදයෙන් පෙන්නුම් කරයි. ජනාධිපතික‍්‍රමයද යම් වකවනාුවක අපට ලැබුණු දායාදයකි.
දායාද සහ සමාධි සංකල්පයන් ලෙස මනාව හඳුනා ගැනීමත්, ඒවායේ ඇති ප‍්‍රායෝගික අගය වටහා ගැනීමත් අප විසින් අත පසු නොකළ යුතු කරුණකි. එසේ අවබෝධ කොට අපගේ දෛනික කටයුතුවලට මෙන්ම, රැුකියා ස්ථානවලටත් එසේම අප සහභාගිවන හෝ සහයෝගය ලබා දෙන සමාජීය හෝ ආගමික කටයුතු සඳහා භාවිත කරන්නේ නම් කැනඩා සමාජයෙන් අපට ලැබිය හැකි ප‍්‍රතිලාභ මෙන්, කැනඩා ශී‍්‍ර ලංකා සමාජයෙහි අගය මෙන් අධ්‍යාත්මික ගුණවගාව වර්ධනය කිරීමටද කල හැකි විශාල සේවාවකි. එලෙසම ඵලදායී නොවන සමාධි ගොඩ නැගීමට හෝ ප‍්‍රතිඵල නොපෙනෙන දායාදයන් ඉතිරි කිරීමට පුද්ගලයින් හෝ කණ්ඩායම් හෝ සංවිධාන දරණ උත්සාහයන්ට සහයෝගය නොදී සිටීමට අදිටන් කර ගැනීමද එ් හා සමාන වැදගත් කි‍්‍රයාවකි.
මෙම සටහන අවසන් කිරීමට ප‍්‍රථම සිහිපත් කළ යුතු තවත් එක් කරුණක් ඇත. තම දරුවන්ට ඇති ආදරයත්, ඔවුන්ගේ අනාගතය සරු කිරීමට ඇති විශාල අභිප‍්‍රායත් නිසා, බොහෝ දෙමව්පියන් විවිධ සමාජීය සහ ආගමික කටයුතුවලට සම්බන්ධ කරනු අප දැක ඇත. මෙම කටයුතුද ඔබ අවබෝධ කරගත් ‘සමාධි’ ගොඩනැගීමේ සංකල්පයත්, එමෙන්ම දායාද හිමිකරදීමේ අරමුණත් යන කරුණු දෙක තුළින්ම බැලීම ඔබගේ දරුවනගේ මතු යහපතට කළ හැකි ඉතාමත් මහඟු කාර්යයකි. මෙසේ කිරීමෙන් ඔබ දරුවන් යහ මගට ගැනීමට ඔබ දරන උත්සාහය ඉතා ඵලදායි කි‍්‍රයාවක් වන බව අපි තරයේ විශ්වාස කරමු.
දහම් රාජපක්ෂ

Share Button