අම්මා – මක්සීම් ගෝර්කි

September 7, 2014 in විශේෂාංග

mother
”සහෝදරවරුනි!” පාවෙල් ගේ කටහඬ ඝණ්ඨාරයක් මෙන් රැුව් දුන්නේය. වියළි උණුසුම් පටලයකින් අම්මාගේ ඇස් දැවී ගියාක් මෙනි. අමුතු පණක් ලැබුවා සේ නැගී සිටි ඈ එක් අඩියකින් පාවෙල් පිටුපස සිට ගත්තාය. සමූහය පාවෙල් වට සිට ගත්තේ කාන්දමක් වටා ඇදී එන යකඩ කැබලි මෙනි.
අම්මා තම පුතාගේ මූණ දෙස බැලූවාය. ප‍්‍රතාපවත්, නිර්භීත, අභිමානයෙන් පිරි ඔහුගේ දෙනෙත් පමණකි ඈ දුටුවේ.
”සහෝදරවරුනි! අපි කවුද යන්න පැහැදිලි කරදීමට අද තීරණය කර ගත්තා. අපේ ධජය, සත්‍යයේ, බුද්ධියේ සහ නිදහසේ ධජය අද අපි ඔසවන්නෙමු!”
සුදු පහැති දිග රිටක් සෙනග අතරින් පැන නැංගේය, සමූහයාගේ හිස්වලට උඩින් කම්කරුවන්ගේ ධජය වන රතු ධජය විශාල කුරුල්ලෙකු සේ අහසේ ලෙලෙදෙන්නට විය.
පාවෙල් කොඩි ගහ රැුගත් අත ඔසවත්ම කොඩි මිට සෙලවෙන්නට විය. එවිට දෙදෙනෙක් පමණ සුදු පැහැති රිට අල්ලා ගත්හ. අම්මාගේ අතද ඒ අතර විය.
”කම්කරු ජනතාවට ජය වේවා!” යැයි ඔහු කෑ ගැසීය.
සිය ගණන් ජනතාව ඔහු අනුව යමින් කෑ ගැසූහ.
”අපේ අධ්‍යාත්මික මව්බිම වන සමාජ ප‍්‍රජාතන්ත්රවාදී කම්කරු පක්ෂයට, අපේ පක්ෂයට ජය වේවා, සහෝදරවරුනි!”

සමූහය ප‍්‍රබෝධමත් වූ අතර ධජයේ වැදගත් කම තේරුම් ගත් අය සමූහය අතරින් ධජය වෙත ගියහ. මාසින්, සමෝයිලොව් සහ ගුසේ දෙබෑයෝද, පාවෙල් අසල සිට ගත්හ. හිස පාත් කරගෙන සෙනග පීරාගෙන එතැනට පැමිණි නිකොලායි සහ නොහඳුනන තරුණයෝ කීප දෙනෙක් අම්මා තල්ලූ කරන්නට වූහ.
”ලෝකයේ සියලූම රටවල කම්කරු ජනතාවට ජය වේවා!” පාවෙල් කෑ ගැසීය. සංඛ්‍යාවෙන් සහ ගුණයෙන් වැඩි වන දහසක් පමණ වන පිරිස පී‍්‍රතියෙන් ඔද වැඞී ගියෙන්, හදවත දෙදරුම් කැවීමෙහි තරම් බලවත් වේගයකින් යුතුව හඬ නැගූහ.
අම්මා නිකොලායිගේ සහ තවත් කෙනෙකුගේ අතක් අල්ලා ගත්තාය. ඇගේ ඇස් කඳුලෙන් තෙත් වී තිබුණද ඈ නොහැඬුවාය. ඇගේ කකුල් වෙව්ලන්නට වූ අතර ගැහෙන තොල්වලින් යුතුව කතා කළාය.
”මගේ රත්තරනේ…”
කැළැල් ගහණ නිකොලායිගේ මූණ පුරා පළල් හිනාවක් පැතිර ගියේය. ධජය වෙත නෙත් රඳවා ගත් හෙතෙම යමක් කියමින් ධජයට අත ගැසීම්වස් අතක් දිගු කළේය. පසුව ඒ අතින්ම අම්මාගේ උරහිසෙන් අල්ලා ඈ සිපගනිමින් සිනා සුණේය.
”සහෝදරවරුනි!” ගොහොල් මුදු හඬින් සමූහය ඇමතුවේය.
”අලූත් දෙවියාගේ නාමයෙන්, ආලෝකයේ සහ බුද්ධියේ නාමයෙන්, බුද්ධියේ සහ යුක්තියේ දෙවියාගේ නාමයෙන් කුරුස යුද්ධයක් පටන් ගත්තෙමු! අපේ ඉලක්කය සඳහා තව බොහෝ දුර යා යුතුයි. එහෙත් සත්‍යයේ ශක්තිය හා බලය ගැන විශ්වාස නොකරන්නේ නම්, ජීවිතාන්තය දක්වා සත්‍යය සඳහා සටන් කිරීමට තරම් ධෛර්යයක් නැතිනම්, ආත්ම ශක්තියක් නැති නම්, දුක් ගැහැට විඳීමට බය වන්නේ නම් අපෙන් ඈත් වී අහකට පලයල්ලා! අපේ ජයග‍්‍රහණය ගැන විශ්වාස තබන අයට පමණකි, අපි ආයාචනා කරන්නේ! අපේ ඉලක්කය නොපෙනෙන අයට ලැබෙන්නේ දුක් කරදර පමණකි. එම නිසා ඔවුන් අප සමග නො ආ යුතුයි. පෙරමුණ ගන්න සහෝදර වරුනි! මැයි දිනයට ජය වේවා!”
සමූහය වඩා කැටි විය. පාවෙල් ධජය සෙලවීය. සුළඟට ලෙළදුන් ධජය දීප්තිමත්ව බබලන හිරුගේ රැුස්වලට හසුව සිනාසෙයි…
”පැරණි ලොවෙන් සදා හැරෙමු
එහි ¥විලි ගසා දමමු!…”
ප්යොදර් මාසින්ගේ හඬ පැතිරයත්ම දහස් ගණනින් ගයන්නට විය.

-අම්මා -
(මක්සීම් ගෝර්කි ගේ ”අම්මා” නවකතාව තරම් පොදු ජන ජීවිතය කෙරෙහි බලපෑ තවත් සාහිත්‍ය කෘතියක් ලෝක සාහිත්‍යයේ නැති තරම්ය. එය දස ලක්ෂ සංඛ්‍යාත ජනකායකගේ ඉරණම් කෙරෙහි නියම ලෙස බල පෑවේය.*
මක්සීම් ගෝර්කි
පරිවර්තනය – දැදිගම වී. රුද්‍රිගු

Share Button